හෝමුස් දිගටම විවෘතව තියන්න මං තිරණය කලා.. චීනයත් හරිම සතුටුයි..


 හෝර්මුස් සමුද්‍ර සන්ධිය ස්ථිරවම විවෘතව තැබීමට තමන් තීරණය කර ඇති බවත්, එම තීරණය සම්බන්ධයෙන් චීනය දැඩි ප්‍රසාදයකින් පසුවන බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ලෝක ප්‍රජාවගේ සහ චීනයේ යහපත උදෙසා මෙම පියවර ගත් බව පවසන ජනාධිපතිවරයා, මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් යළිත් ඇති නොවීමට වගබලා ගන්නා බවට ද සහතික වී ඇත.

මෙම තීරණයත් සමඟ ඇති කරගත් නව ද්විපාර්ශ්වික එකඟතාවයන් අනුව ඉරානයට අවි ආයුධ සැපයීමෙන් වැළකී සිටීමට චීනය එකඟතාව පළ කර තිබේ.

ඉදිරි සති කිහිපය තුළ චීනයේ සංචාරයක නිරත වීමට නියමිත අතර, එහිදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් තමන්ව ඉතා සුහදශීලීව පිළිගනු ඇති බවට ට්‍රම්ප් මහතා විශ්වාසය පළ කරයි.

දෙරට අතර පවතින ගැටුම්කාරී ස්වරූපයට වඩා බුද්ධිමත් ලෙස සාමකාමීව කටයුතු කිරීම ඉතා වැදගත් බව පෙන්වා දෙන ජනාධිපතිවරයා, කෙසේ වෙතත් අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඕනෑම පාර්ශවයකට එරෙහිව සටන් කිරීමේ හැකියාව සහ ඉහළම යුධ ශක්තිය ඇමරිකාව සතු බව ද අවධාරණය කරයි.


6 Comments

  1. කපුටාට මොළ 7 යි. කහ මූණාට දිවවල් 7 යි.

    ReplyDelete
  2. DJT's posts are like Grade 5 student's msg to a friend. Is this the capacity of the so called world leader? Is he mentally fit to rule USA with nuclear weapons?

    ReplyDelete
  3. C J අහමඩ්April 16, 2026 at 10:55 AM

    ට්‍රම්ප්ට හෙන ගහන්න ඕනැ

    ReplyDelete
  4. thaniyama kiyawana pissek, kawada hari mahinda rajapakshata wenne ohoma thaniyama kiyawagena inna thamai

    ReplyDelete
    Replies
    1. මහින්ද නෙවෙයි බං තනියම කියවන්නේ උඹලගේ ලොක්කා. දැනටමත් පොර දන්නේ නෑ පොර කියවන දේවල්. ඒකනේ ජෙප්පෝ නාපු ගමන් පොර පාර්ලිමේන්තු දුවගෙන ඇවිල්ලා පැයක් දෙකක් කියවලා යනවා.

      Delete
  5. මේ යකා ඇරලා තිබුණ හෝමුස් වහන තැනට පත් කරලා දැන් කියනවා ඇරලා තියන්න තීරණය කරාලු. මේ වගේම මොළේ කොලොප්පන් එවුන් ටිකක් ඉන්නවා ලංකාවෙත් මෙයාට හුරේ දාන.

    ReplyDelete
Previous Post Next Post