සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් රාජ්‍ය සේවයට ඇතුළත් කරගැනීම සඳහා ලබා දී ඇති කාලසීමාව ලබන සෙනසුරාදා දහවල් 12න් අවසන් වන බවත්, එතෙක් අයදුම් නොකරන කිසිදු වෛද්‍යවරයෙකුට ඉන් පසුව රාජ්‍ය සේවයට ඇතුළත් වීමට අවස්ථාව නොලැබෙන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නියමිත වේලාවෙන් පසු අයදුම් කිරීමේ කාලසීමාව එක් විනාඩියකින් හෝ දීර්ඝ නොකරන බවයි.
අයදුම් නොකරන වෛද්‍යවරුන් දැනට සේවය කරන රෝහල්වලින් ඔවුන්ගේ සේවය එදිනම අවසන් වන අතර, ඔවුන්ට ලැබෙන වැටුප් ගෙවීම් ද නතර වන බව ඔහු සඳහන් කළේය.
එවැනි වෛද්‍යවරුන්ට සිදුවන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී පෞද්ගලික අංශයේ සේවය කිරීමට මිස රාජ්‍ය සේවයට එක්වීමට නොවන බව ද අමාත්‍යවරයා පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කර ඇති වැඩවර්ජනය කිසිදු පදනමක් නොමැති, හුදෙක් දේශපාලනිකව රජය අපහසුතාවයට පත් කිරීමේ පටු චේතනාවෙන් සිදු කරන්නක් බව අමාත්‍යවරයා මෙහිදී චෝදනා කළේය. මෙම වර්ජනය හේතුවෙන් දුර බැහැර ප්‍රදේශවල සිට රෝහල් වෙත පැමිණෙන අහිංසක ජනතාව දැඩි අපහසුතාවයට පත්වන බව ද ඔහු පෙන්වා දුන්නේය.
පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 453 දෙනෙකු බිල්ලට ගනිමින් ඔවුන් බිය ගන්වා අසත්‍ය තොරතුරු පතුරුවමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකරන ක්‍රියාව අතිශය අමානුෂික බව අමාත්‍යවරයා පැවසීය.
රාජ්‍ය සේවයට ඇතුළත් වීමට අයදුම් කරන වෛද්‍යවරුන්ට හෝ ඒ සඳහා උපදෙස් දෙන විශේෂඥ වෛද්‍යවරුන්ට යම් පාර්ශවයක් තර්ජනය කරන්නේ නම් ඒ පිළිබඳව වහාම අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙස ඔහු ඉල්ලා සිටී.
එවැනි තර්ජනය කරන්නන්ට එරෙහිව පොලිසිය සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හරහා දැඩි නීතිමය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
යම් හෙයකින් මෙම කාලසීමාව තුළ අයදුම් නොකර පසුව රාජ්‍ය සේවා කොමිෂන් සභාව හරහා නැවත සේවයට එක්වීමට අවස්ථාව ලැබුණහොත්, එම වෛද්‍යවරුන්ට සිය ජ්‍යෙෂ්ඨත්වය (Merit) අහිමි වන බව අමාත්‍යවරයා අනාවරණය කළේය.
එවැනි අයට සිදුවන්නේ ඉදිරියේදී පැමිණීමට නියමිත 1300කගේ පමණ මීළඟ වෛද්‍ය කණ්ඩායමේ ලැයිස්තුවේ අවසානයටම එක්වීමට බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
තමන්ගේ අනාගතය පිළිබඳව ස්වාධීන තීරණයක් ගැනීමට මෙම වෛද්‍යවරුන්ට බුද්ධියක් ඇති බවත්, කිසිවෙකුගේ තර්ජන වලට හෝ විකෘති ප්‍රකාශ වලට හසු නොවී වහාම අයදුම් කරන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

නියමයි, මෙච්චර කාලයක් ආණ්ඩු මට්ටු කොරපු ජෙපි ඩොකාලට රෙන්නම දෙනව ජෙපි ආණ්ඩුව
ReplyDeleteOya doctors thama rajya sewaye lokuma hene
DeleteIsselama galaguru hora adala eliyata dapan
ReplyDeleteeta passe container hora adala eliyata dapan
Deleteeta passe uganda ammandi adala eliyata dapan
Deleteකොහොම හිටපු ඩෝබිලද
ReplyDeleteදොස්තරලා ද මනුෂ්‍යයෝය. බොහෝ ප්‍රශ්ණ තියෙනවා 76 අවුරුද්දක් තිස්සේ විනාශ කරපු සිස්ටම් නේ. ඒත් ක්‍රම ක්‍රමයෙන් නිවැරදි කරණවා. හැම ප්‍රශ්ණයක්ම නිරාකරණය කරණවා. ඉදිරි වසර 20 තුළ දිගටම රාජ්‍ය නායකත්වයේ කිසි වෙනසක් වෙන් නෑ, අනුර අයියා දිගටම රට පාලනය කරණවා, රට හරි තැන තියනවා, කිසි වෘත්තිකයෙක්, කිසි දේකට බය වෙන්ඩ එපා, ඔබේ නිසි තැන, පිළි ගැනීම, වැටුප, දීමනා, සියල්ල නිසි පරිදි නිසි වේලාවට ලැබේවි. මේ ආණ්ඩුවෙන් ඒක අනිවාර්යයෙන් කෙරෙනවා.
ReplyDeleteඅනුර අයිය කිව්වෙ අරුම් කුමාරන්ද? එයා හදන රට?
Deleteහිච්චි එකාගෙ සිහින ලොව.
Deleteඅනුරගෙ මල්ලි😂😂😂😂 අවුරුදු 20😭😭😭 එහෙම හැගීමක් ආන්ඩුවෙ උන්ටවත් නෑ… උන් ට්‍රයි කරන්නේ 5 මැච් එක ගහගෙන පනින්න.
ReplyDeleteNPP / JVP මන්ත්‍රීවරු කීප දෙනෙක් ඉන්නවා රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් භාවිතා කරලා එක්සත් රාජධානිය, ජර්මනිය ඇතුලු යුරෝපීය රටවල් වලට අනවසරයෙන් ගිහින් පදිංචි වෙන්ඩ බලාගෙන 4 වෙනි වර්ෂය ගෙවිලා යන විට. නමුත් අනික් කට්ටිය ඉන්නවා අනුර අයියා විශ්වාස කරලා. ඒ අය රට හදයි. යන අය යන්නේ යූ.එන්.පී. එකෙන් කරමින් තියෙන විජ්ජාවකට අහු වෙලා. ඒත් අනික් පිරිස ඉන්නවා, ප්‍රශ්ණයක් නෑ.
Deleteහැට් ඕප්ස් පතිරෙන…. පලවෙනි වතාවට මෙහෙම කමෙනට් එකක් දැක්කෙ. ඔය ගාන 45 හෝ 46 එතන ඉන්න කීප දෙනෙක් නිසාම ඔයාගෙ අය්යටත් ගෙදර යන්න වෙනව. මොකද වසන්තලව, ලාල්ලව පුද්ගලිකවම දන්න අනුරාදපුරේ කොල්ලෙක් මම. වසන්තලෙ ලෙක්සි කෝන් ක්ලාස් එක පටන් ගන්න ඉපිල් කොට කපපු අපිට එයාල ගැන චරිත සහතික දෙන්න එන්න එපා
Deleteමු ඉල්ලන් කන්න හදනව
ReplyDelete