මාලිමාණ්ඩුව නිසා මෙවර අලුත් අවුරුද්ද වෙන වසරවලට වඩා වාසනාවන්තයි..- නි. ඇමතිදරරහ

 


මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද පසුගිය වසරවලටත් වඩා සාර්ථක, වාසනාවන්ත සහ ජනතාවට සමීප වූ උත්සව සමයක් බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි. මැදපෙරදිග අර්බුදය හා ඉන්ධන අර්බුදය හමුවේ විවිධ ක්ෂේත්‍ර අභියෝගවලට ලක්ව තිබුණද, රජය මැදිහත් වී ජනතාවට අවශ්‍ය සහන සැලසීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවූ බව ඒ මහතා අවධාරණය කළේය.

ඉන්ධන අර්බුදය නිසා කර්මාන්ත හා අනෙකුත් ක්ෂේත්‍ර බිඳ වැටීමට ඉඩ නොදී, ධීවර හා ගොවි ජනතාවට මෙන්ම කර්මාන්තකරුවන්ටද රජය විශේෂ සහන ලබා දුන් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ජනතාව ඉලක්ක කර ගනිමින් විදුලි පරිභෝජනය සඳහා සහන ලබා දීමටත්, ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ සහන පැකේජය හරහා ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසීමටත් රජය කටයුතු කර ඇත,.

අවුරුදු සමයේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යාංශය හරහා පෞද්ගලික අංශයද සම්බන්ධීකරණය කරමින් විධිමත් ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කළ බව හෙතෙම පැවසීය.

එමෙන්ම සතොස සහ ධීවර සංස්ථාව වැනි ආයතන හරහා ජනතාවට සහන මිලට ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කළ බවත්, නගර කරා පැමිණි අතිවිශාල ජනකාය දෙස බැලීමේදී ජනතාව ඉතා උනන්දුවෙන් අවුරුදු සැමරීමට සූදානම් වන බව පෙනී යන බවත් ඔහු සඳහන් කළේය.

"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන්න හුදු සටන් පාඨයක් නොව තම රජයේ හෘදයාංගම හැඟීම බව පැවසූ රත්න ගමගේ මහතා, පෞද්ගලික වාසි තකා නොව පොදු ජනතාවගේ සතුට උදෙසා තම රජය කැපවී සිටින බව ප්‍රකාශ කළේය.

ආත්මාර්ථකාමීත්වය වෙනුවට පරාර්ථකාමීත්වය පෙරදැරි කරගෙන කටයුතු කරන කණ්ඩායමක් ලෙස, සෑම පුරවැසියෙකුටම තමන්ගේ සංස්කෘතික මංගල්‍යය ඉහළින් සැමරීමට අවශ්‍ය පරිසරය රජය විසින් නිර්මාණය කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය

11 Comments

  1. පාන් කියාගන්න බැරිව හිටිය තොපිට නමි හොදයි.අපිට නමි කෙලවෙලා තියෙන්නේ

    ReplyDelete
  2. මුගෙ මූනට කෙල ගහන්න ඕන. කියන බොරු වලට අපතයා

    ReplyDelete
  3. බෝක්කු කණු උඩ ඉඳගෙන ගංජා ඇද ඇද හිටිය වේස බල්ලන්ට චූන් වුණාට අපිට වැඩක් නෑ.

    ReplyDelete
  4. .. ජෙප්පෝ තිරිසන් සත්තු ජාතියක්April 15, 2026 at 3:51 PM

    රටේ නායකයා හෑන්ගිලා අවුරුද්දට…. ලෝකේ කොහෙවත් නෑ….. ජෙප්පෝ තිරිසන් සත්තු ජාතියක්

    ReplyDelete
  5. C J අහමඩ්April 15, 2026 at 4:06 PM

    ඇත්තෙන්ම ඔව්. මේ ආණ්ඩුව ටමන්ට කරන්න පුළුවන් උපරිමයෙන් කරනවා. කුහක බය්යෝන්ට මේක තේරෙන්නේ නෑ. කොටුව ගිහින් බලන්න කොච්චර සංවර්ධනය කරන්න පටන්ගත්තද කියල. අනුර MAGIC කාරයෙක් නෙමෙය්

    ReplyDelete
    Replies
    1. තොගේ කාට හරි කොටා උපරිමෙන් කරනවා ඈති

      Delete
    2. ආණ්ඩුව ටමන්ට කරන්න පුළුවන් උපරිමයෙන් කරනවා


      Kaiyanayakage suppuwekda koheda

      Delete
  6. 😬😬😬😬😬

    ReplyDelete
  7. 😬😬😬😬😬

    ReplyDelete
  8. මුත් අමු ගොනෙකුට සමානයි.

    ReplyDelete
  9. මාලිමාවේ අනුන්ගෙන් යැපිච්ච එවුන්ට නම් හොඳ ඇති. කෝටිපතියෝ වෙලා නේ දැන් 🤦‍♂️

    ReplyDelete
Previous Post Next Post