පළාත් සභා ඡන්දෙ තියන්න බෑ..- පුළුවන්ද බලන්න පත් කල කමිටුව


පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පවතින නීතිමය හා ප්‍රායෝගික බාධා පිළිබඳව සොයා බැලීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය
.

එහිදී මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීන් විසින් පෙන්වා දෙන ලද්දේ, මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අදාළ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ කටයුතු මෙතෙක් අවසන් වී නොමැති වීම නිසා ඡන්ද විමසීම පැවැත්වීමට නීතිමය ගැටලු රැසක් උද්ගත වී ඇති බවයි.

කොට්ඨාස සීමා නිර්ණ වාර්තාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි නොවීම හේතුවෙන්, අදාළ පනතට අනුව කතානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් යුත් පස් දෙනෙකුගෙන් සමන්විත සමාලෝචන කමිටුව සිය වාර්තාව මාස දෙකක් ඇතුළත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු වුවද, එය මෙතෙක් භාර දී නොමැත.

පවතින නීතිමය තත්ත්වය හා අදාළ වාර්තා ප්‍රමාද වීම හමුවේ, මැතිවරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන මේ වන විට නොමැති බව එම නිලධාරීන්ගේ මතයයි.

නීතිපති දෙපාර්තමේන්තුව සහ මැතිවරණ මහලේකම් කාර්යාලය කැඳවා තිබූ මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූයේ, පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු සුදුසුම ක්‍රමය හඳුනා ගැනීම සහ ඒ සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමයි.

4 Comments

  1. කොහොමත් චන්දෙ තියන්නේ නෑ මුන් පැරදෙන බව දන්න නිසා. කට උල් කර කර පච කොටා බොරු කියලා ගිය පාර චන්දෙ දිනුවට දැන් කියන්ඩ බොරු ඉතුරුවෙලත් නෑ මිනිස්සු කොටාව විස්වාසකරන්නෙත් නෑ

    ReplyDelete
  2. උඹලාට ආයෙ කවදාවත් ජන්දයක් දිනන්න බැහැ. ඡන්ද නොතියා බලයේ ඉන්න විදිහක් හොයාගනියව්.

    ReplyDelete
  3. බාල ගල් අඟුරු ගෙන ඒම පිළිබඳ විගණකාධිපති වාර්තාවෙන් පසු ඡන්ද පැවැත්වීමේ හැකියාව නොමැති වී ගොස් ඇති බව කෙලින්ම කිව්වා නම් ඉවරයි - ආයි රෙද්දක් ඇඳගෙන ඡන්දයක් ඉල්ලන්න තත්ත්වයක් දැන් මුං ට නෑ.

    පළාත් සභා මැතිවරණය තියා, දැන් නම් මුං, ජනාධිපතිවරණය, මහ මැතිවරණය වත් පවත්වන්නේ නෑ

    දැන් මුංට ඉතුරු වෙලා තියෙන එක ම විකල්පය, බොරු ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා කියලා, ඒකටම ජනාධිපති ගේ සහ පාර්ලිමේන්තුවේ ධූර කාලය දික් කර ගැනීමේ වගන්තිත් පටලවලා, ජේ. ආර්. ගේ ලාම්පු කල ගෙඩි සෙල්ලම හරහා බලයේ සිටීමේ ජනමත විචාරණ උප්පරවැට්ටිය පමණයි.

    ReplyDelete
  4. මුන්ට ඡන්ද අජීර්නය හැදිලා.

    ReplyDelete
Previous Post Next Post