අපි ඔස්ටෙ‍්‍රිලියාවට ගෙවූ සල්ලි මැදදි හොරකම් කරලා.. කලින් හෙලි නොකලේ හැකරුන් සැගවෙන නිසා..- භාණ්ඩාගාර ලේකම්


 මහා භාණ්ඩාගාරයේ සිදුව ඇතැයි කියන මුදල් වංචාව පිළිබඳව තොරතුරු ලැබුණු වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූර්යපෙරුම මහතා පවසයි.

භාණ්ඩාගාරයේ සිදුවූ මෙම මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

ඕස්ට්‍රේලියාවෙන් ලබාගෙන තිබෙන ණය මුදලක වාරිකය රජය විසින් ගෙවන ලද අවස්ථාවේ ඒ මැදට පැමිණි අනවසර හැකරුන් පිරිසක් විසින් එම මුදල හරවාගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම වංචාව පිළිබඳව තොරතුරු අනාවරණය වූ මුල් අවස්ථාවේදීම ඒ පිළිබඳ ප්‍රසිද්ධියට පත් නොකිරීමට පියවර ගත් බව ලේකම්වරයා මෙහිදී පැහැදිලි කළේය.

ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දුන්නේ, පරීක්ෂණ නිම වීමට පෙර තොරතුරු හෙළි කළහොත් ඊට සම්බන්ධ පුද්ගලයන් සැඟවී යාමට හෝ සාක්ෂි විනාශ කිරීමට ඉඩකඩ පවතින බැවින් පරීක්ෂණවල රහස්‍යභාවය ආරක්ෂා කළ යුතු වූ බවයි.

'හැකර්වරු මහා බැංකුවෙන් ඩොලර් මිලියන 2.5ක් හොරකම් කිරීමේ සිද්ධිය අපි හැංගුවේ ඒ පිළිබද තොරතුරු එලියට ගියොත් හැකර්වරු හැංගෙන්න පුලුවන්, ඉන්න තැන්වලින් පිටත්වෙන්න පුලුවන් නිසයි.'

ලේකම්වරයා සඳහන් කරන පරිදි, මෙම කොල්ලය සිදුව ඇත්තේ ඕස්ට්‍රේලියාව සමඟ පැවති ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගෙවීමකදීය.

සයිබර් අපරාධකරුවන් විසින් අදාළ ඊමේල් පණිවුඩවලට බාධා කර , දත්ත වෙනස් කරමින් රජය විසින් ගෙවන ලද මුදල් වෙනත් බැංකු ගිණුම්වලට බැර කරවා ගැනීමට සමත් වී ඇත.

2026 වසරේ ජනවාරි මාසයේදී විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ (ERD) පද්ධතියට සයිබර් අපරාධකරුවන් ඇතුළු වීමට උත්සාහ කරන බව මුලින්ම හඳුනාගෙන තිබේ. ඒ පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SL-CERT) සහ පොලිස් පරිගණක අපරාධ විමර්ශන අංශය දැනුවත් කළ බව ලේකම්වරයා පැවසීය.

පසුව සිදුකළ ගැඹුරු විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, මෙම අනාවරණයට පෙර සිටම සයිබර් ප්‍රහාරකයින් පද්ධතියට ඇතුළු වී මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරුන් දෙදෙනෙකුගෙන් සමන්විත ඉහළ පෙළේ කමිටුවක් මගින් විධිමත් පරීක්ෂණයක් පවත්වා ඇත

අදාළ කමිටු වාර්තාව මත පදනම්ව, වගකීම් පැහැර හැරී නිලධාරීන්ට එරෙහිව දැනටමත් විනය ක්‍රියාමාර්ග ගෙන තිබේ.ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය සහ අදාළ ණය හිමියා මේ පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දැනුවත් කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ද (FIU) මේ පිළිබඳව දැනුවත් කර විමර්ශන අරඹා ඇත.

මෙම සිද්ධිය පිළිබඳ තොරතුරු කලින් ප්‍රසිද්ධ නොකිරීමට හේතුව පැහැදිලි කරමින් ලේකම්වරයා කියා සිටියේ, අපරාධකරුවන්ට සැඟවීමට හෝ ඔවුන්ගේ සාක්ෂි විනාශ කිරීමට ඉඩ නොතබා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අවශ්‍ය කාලය ලබා දීම සඳහා එසේ කළ බවයි.

මෙය සංවිධානාත්මක ජාත්‍යන්තර අපරාධ ජාලයක් හරහා සිදුවූවක් බවට සැක කෙරෙන බැවින් විදේශීය විමර්ශන ආයතන සමඟ ද සහයෝගයෙන් කටයුතු කරන බව හර්ෂණ සූර්යපෙරුම මහතා අවධාරණය කළේය

40 Comments

  1. This can't happen without inside information. See whether any Rajapakshe supporters are there and take in to custody.

    ReplyDelete
    Replies
    1. Anonymous save us කියලත් කිව්වා... ඉම්හි... ඉම්හි.... ඇයි හැකර්ස් ලා අපිට කෙලියේ...

      Delete
    2. ඇත්ත කියපිය තෝව දැම්මේ පලවත්තට සල්ලි trnasfer කරන්න නේදේ.

      අපි හරක් කියලද හිතන්නේ

      Delete
    3. මෙහෙන් මාර හොරකම් එක පිට එක එළියට එනවා.අනිත් පැත්තට වඩාත්ම නරක විපත්තිය. ඉංදියාවේ එක එකා සැරෙන් සැරේ ඇවිත් බොරු කිය කියා මේ රට යටත් කරගන්නවා.මුං ටික නීච විදියට යටපහත් වහල්ලු වගේ සර් කියලා මාධ්‍යයට කට ඇරගෙන හිනහාවෙලා ගිවිසුම් අත්සන් කරනවා.මුං ඉංදියාවට ඇමෙරිකාවට රට විකුණලා සල්ලි අරන් මෝඩ මිනිස්සු කන්න දීලා රවට්ටා ගෙන ඉන්නවා.අපට රටක් නැතෝ.

      Delete
    4. දැන් උඹලා කළින් නොකිව්ව නිසා හැකරුන් එලියට වෙලා ඉන්න ඇති අල්ලනකම්. අනේ බං හැකරුන් කියන එවුන් ඉන්නේ හැංගිලා තමයි.

      Delete
    5. අපි මාලිමාවට මාලිමාව අපිට !

      පසුගිය වසර 72 ක් පුරා මහා භාණ්ඩාගාරයේ ගෙවීම් ගැන සොයන්නට කොමිසමක් පත් කළ යුතුයි

      Delete
  2. රටම හැකරුන් අතට පත්වෙන්න කලින් වැඩක් පුලුවන් අයට කරගන්න දීලා ගෙදර ගියානම් නේද හොද ආචිරි තුමෝ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියපිය තෝව දැම්මේ පලවත්තට සල්ලි trnasfer කරන්න නේදේ.

      අපි හරක් කියලද හිතන්නේ

      Delete
  3. wrong generation කියන එකේ තේරුම හොඳින්ම පෙනුනේ මෙන්න මේකෙන්

    ReplyDelete
    Replies
    1. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අවශ්‍ය කාලය


      CID EKATA HAMA EKE REWUNAHAM DUWANAWA

      MU DUWALA NAHA

      Delete
    2. නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට අවශ්‍ය කාලය


      CID EKATA HAMA EKE REWUNAHAM DUWANAWA

      MU DUWALA NAHA

      Delete
  4. punarudaya lebi etha. sathutui.

    ReplyDelete
  5. ශාප පුනරුදය.

    ReplyDelete
  6. අපි හිරු ට කෙලව මු.

    ReplyDelete
  7. C J අහමඩ්April 23, 2026 at 3:18 PM

    මේක කව්රු හරි රාජපක්ෂ බය්යෙක්ගේ වැඩක් වෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. පිටකොටුවේ ටැප් ගලවපු එක තමය කරලා තියෙන්නේ

      Delete
  8. Hakarun hama velawema hangila thamai inne modayo.

    ReplyDelete
  9. රටම හුන්ඩු හැකරට අහුවෙලා කන්නත්නැතුව නන්නාත්තාර වෙලා ඉන්නෙ මහජනතාව

    ReplyDelete
    Replies
    1. Sirawata

      Uba wimal weerawansada?

      Delete
    2. පිටකොටුවේ ටැප් ගලවපු එක තමය කරලා තියෙන්නේ

      Delete
  10. උබ තමයි හෑකරල්ලා. ඔස්ට්‍රලියාවේ ඉන්නකොටත් වන්චාවකට මාට්ටුවෙලා එහෙදි දඩුවම් විදපු එකෙක් නේ ලපයාගේ ගජමිතුරෝ ඉන්න හිතෙන රටක් හදන්න ඈවිල්ලා තොපි රටම මන්කොල්ල කනවා. CID එකට නොකීවේ හොරකම තොපි රෑලගේම නිසානේ.

    ReplyDelete
  11. මගදී තොපිට නින්ද ගියද ?
    මේවා මාස්ටර් ප්ලෑන් මුන්ගේ

    ReplyDelete
  12. ඔව් ඔව් අපිටත් දැන් දැන් ගොඩක් හොරකම් වංචා අහුවුණාට ඵ්වත් අපි දැන්ම නොකිය ඉන්නේ මාලිමා ජෙප්පෝ හොර තක්කඩි ටික වේලාසනින්ම හැංගෙන්න හදයි ක

    ReplyDelete
  13. CID එකට නොකීවෙ වැඩේ සම්පුර්ණයෙන්ම වහගන්ඩ කාලෙ ඕන නිසයි
    පුහුල් හොරා කෝට් එකෙන් දැනේ

    ReplyDelete
    Replies
    1. කාටවත් නොකියා හිටියම සල්ලි ගත්ත එවුන් ආයෙත් දෙයි කියලා හිතන්න ඇති බුද්ධිමත් ගව සම්පත.

      Delete
  14. ඉඳුරුවේ ආචාරියා...... එකක් කඩතොළු මකාගන්නට ගොසින්........... 😂😂😂😂

    ReplyDelete
  15. Full of vacancies at Jobtech. Different types of job roles. Same domain jobs in various designations. Apply soon.

    ReplyDelete
  16. අනේ පල ගොන් නාකියෝ. හැංගෙන්නේ තොගේ සරම අස්සේ වෙන්න ඇති නාකි පරයා

    ReplyDelete
  17. මැයි මාසෙ ඔබ දුක්විදින අවසාන පෝය. පුක උඩ දාගෙන දුන්න නම් දැ ඉවසගෙන හිට හන්

    ReplyDelete
  18. This is a well known method. Generating emails requesting the due amounts to a given account number. The standard practice if if you receive such an email, first verify originating email address, its header information. Call the original phone number (not given in email) and use other forms of contact informations originally provided to verify. Finally ensure with the bank that the given account number in fact belongs to the actual party involved. You dont just transfer money to a new account number. Its a red flag. Surely, you should be stupid to think the attacker will not vanish after doing this. The secretary and all officials are directly responsible. Probably, someone wanted to give additional time to the hackers to transfer money to digital currency and vanish. The right thing is to take all of them to custody and question. Each of them is a suspect. This is public money.

    ReplyDelete
  19. මුගෙ මූන බලපුහම කියන්ඩ පුලුවන් කම්බ හොරෙක් කියල.

    ReplyDelete
  20. Post graduation is not sufficient to run a responsible position like Treasury Secretary. Experience is mostly required. You and your Finance Minister Agaru Kumara are fully responsible for this disaster

    ReplyDelete
  21. As long as we got this Hekara no other Hekarun will come!

    ReplyDelete
  22. පඩගලයට ගිය සක්කිලින්ට දැන් ෂෑනීපෑයිද???

    ReplyDelete
  23. My view is tis is not absolutely cyber hackhing incident

    ReplyDelete
  24. ඇත්ත කියපන් උඹත් එක්ක ඕස්ට්‍රේලියාවෙ හිටපු එකෙකුට නේද ඒ සල්ලි යැවුවෙ.අනික් එව්වොත් හොරකම් කන්න කොට උඹටත් නිකන් ඉන්න බෑ නේ.

    ReplyDelete
  25. භාන්ඩාගාරයේ කෝටි ගනනක මුදල මාටියා ගැහුවෙ කවුද කියල දැනගන්න ඕනෙනම් අද Dark Room ඩාක් රූම් වෙබ්සයිට් එක නිකුත් කරල තියෙන
    "ආණ්ඩුවට තව හෙනයක්" කියන අලුත්ම වීඩියෝව බලන්න.

    ReplyDelete
  26. Mun kaatavath nokiya inna heduve noondiya nisa. Koheda kauda pita ekek meka paththu kalaane!

    ReplyDelete
  27. Jees! So did you all hide this from the public for 4 months Unbeleivable! So now did you find the hacker after 4 months. I saw a video in which this harshana says that" These are normal, it has happend before bla bla bla". So is it an excuse

    ReplyDelete
Previous Post Next Post