කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ දේපොළ සම්බන්ධයෙන් මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ, ඒ පිළිබඳව යම් පාර්ශ්වයක් නීතිමය පියවරක් ගන්නේ නම් එයට සාර්ථකව මුහුණ දීමට රජය සූදානම් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල මහතා පවසයි.
නියෝජ්‍ය ඇමැතිවරයා අවධාරණය කළේ අදාළ දේපොළ සියල්ල නීත්‍යනුකූලව උපයාගත් ඒවා බවයි.
අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ වත්කම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා විවිධ කතාබහක් නිර්මාණය වී ඇති නමුත්, එම වත්කම් නීත්‍යනුකූලව උපයාගත් ඒවා බව රජයේ ස්ථාවරයයි.
ලාල්කාන්ත මහතා වසර 25කට අධික කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ නිලධාරියෙකු ලෙසත්, පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ වෘත්තීය සමිති නිලධාරියෙකු ලෙසත් කටයුතු කර ඇති අතර, ඒ සෑම වසරකම සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ රජය වෙත නිසි පරිදි ඉදිරිපත් කර ඇති බව වටගල මහතා පෙන්වා දුන්නේය.
පවුලේ එකම පිරිමි දරුවා ලෙස දෙමව්පියන්ගෙන් උරුම වූ දේපොළ හේතුවෙන් සිය වත්කම්වල එක්වරම විශාල වැඩිවීමක් සිදුවූ බව ලාල්කාන්ත අමාත්‍යවරයා මේ වන විටත් ප්‍රසිද්ධ කර තිබේ.
කෙසේ වෙතත්, නීතිමය තත්ත්වයක් උද්ගත වුවහොත් එයට මුහුණ දීම මැති ඇමැතිවරුන්ගේ සාමාන්‍ය අදහස බවද වටගල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය මැතිවරණ සමයේදී තමන්ට කිසිදු දේපොළක් නොමැති බවට ලාල්කාන්ත මහතා කළ ප්‍රකාශයත් සමඟ මෙම නව හෙළිදරව්වීම් සමාජය තුළ දැඩි කතාබහකට ලක්ව තිබේ.

better to say profit generated from-Yoghut production ltd
ReplyDelete"සිනමන් ලයිෆ්" සුඛෝපභෝගී නිවස ගොතන ලද කතාවක් යැයි මම කලින් සිතුවෙමි. දැන් මට විශ්වාසයි එය ගොතන ලද එකක් නොවන බව.
ReplyDeleteමූ හංසමාලිගෙ ලෝයර් ද?. බලාගෙන යනකොට ලාල්කාන්ත හංසමාලිගෙ බාප්පා ද කොහෙද?.
ReplyDeleteNo #1 pachagala
ReplyDeleteඑතකොට ඉන්නෙ පැලේ රෙන්නෙ කැලේ කිය කිය හිටපු යටත් විජිතයා දින පනස දෙකේ ආණ්ඩුව පෙරලන්න පෙත්සම් ලියාගෙන එහෙට මෙහෙට දිව්වට පස්සේ ආණ්ඩුව පෙරලුණාටත් පස්සේ ඌ උඹ නොතාරිස්කම කරපු මිලියන විස්සකට නාරාහේන් පිටින් ගත්ත ඉඩමත් නීත්‍යානුකූලද?.
ReplyDeleteRajayen nadu kiyala uva nidahas Karaganne rate laws? Jvp laws?
ReplyDeletePake Hunduwa
බැරි වැඩ නොකර හිටිං වටගල. බොට වඩා හොඳයි උසාවි ලඟ කැරකෙන ගොඩ පෙරකදෝරුවෝ.
ReplyDeleteInherited everything as he is is the only male child in the family? That means there are female siblings and they inherited nothing! Unbelievable 🙂 what were Lal’s Parents and siblings thinking? And how unjust Lala is🥲
ReplyDelete