ඇමති සමන්ත කියන්නේ බොරු.. ගම්මරිස්වලින් එතරම් ආදායමක් නෑ...- ගම්මිරිස් වගාකරු මන්ත‍්‍රී කියයි..


 සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා සිය ගම්මිරිස් වගාවෙන් වසරකට රුපියල් ලක්ෂ 21ක ආදායමක් ලබන බවට කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය එකක් බව සජබ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරියවංශ බාලසූරිය මහතා පවසයි.

තමන්ද ගම්මිරිස් ගොවියෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු ලෙස එම ප්‍රකාශය ප්‍රායෝගිකව කළ නොහැක්කක් බව ඔහු අවධාරණය කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අමාත්‍යවරයා පවසන පරිදි ගම්මිරිස් අක්කරයකින් රුපියල් ලක්ෂ 21ක ආදායමක් ලැබිය නොහැකි බව ඕනෑම අයෙකු දන්නා බවයි.

දැනට වෙළඳපොලේ ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 2000ක් පමණ වන අතර, අක්කරයකින් ලබාගත හැකි උපරිම අස්වැන්න කිලෝ 600-650ක් පමණ වන බව ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව උපරිම ඵලදාවක් ලැබුණද අක්කරයකින් ලබාගත හැක්කේ රුපියල් ලක්ෂ 12ක පමණ ආදායමක් බවත්, පසුගිය වසරේ මෙන් අස්වැන්න අඩු කාලවලදී එය ලක්ෂ එකහමාරක් දක්වා පහත වැටෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මුලින් මෙම ඉඩම තමන්ගේ යැයි පවසා පසුව එහි හවුල්කරුවන් සිව්දෙනෙකු සිටින බව පැවසීම හරහා පෙනී යන්නේ, ආණ්ඩුවේ මැති ඇමතිවරුන් පසුගිය කාලය තුළ උපයාගත් දූෂිත මුදල් වත්කම් බැරකම් ප්‍රකාශ හරහා නීත්‍යානුකූල කර ගැනීමට උත්සාහ කරන ආකාරය බව බාලසූරිය මහතා චෝදනා කළේය.

රටේ ගොවි ජනතාව පොහොර මිල ඉහළ යෑම සහ අස්වැන්න විකුණා ගැනීමට නොහැකි වීම නිසා දැඩි පීඩනයකට පත්ව සිටින මොහොතක, ඇමතිවරුන් මෙවැනි ප්‍රකාශ සිදු කිරීම ජනතාව මුලා කිරීමක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එමෙන්ම මුදල් අමාත්‍යාංශයේ සිදුවූ වංචාවන් වසා ගැනීමට ආණ්ඩුව හැකර්වරුන් හෝ විපක්ෂය දෙසට ඇඟිල්ල දිගු කරමින් සිටින බවත්, සැබෑ වංචාකරුවන් සිටින්නේ ආණ්ඩුව තුළම බවත් ඔහු මෙහිදී අනාවරණය කළේය

8 Comments

  1. Well said.

    කිහිලි සමන්තයල කට ඇරියොත් කියන්නෙම බොරු.
    මහ එකා වගේමයි.

    ReplyDelete
  2. Jayantha JayaweeraApril 27, 2026 at 6:48 AM

    Fact‑Checked Estimate: Income from 1 Acre of Pepper in Sri Lanka

    1. Typical Yield: 500–750 kg of dried pepper per year per acre.
    2. Farm-Gate Price: Approximately LKR 1,200–1,500 per kg.
    3. Estimated Gross Revenue:
    * Low estimate: 500 kg × 1,200 LKR = LKR 600,000
    * High estimate: 750 kg × 1,500 LKR = LKR 1,125,000

    Conclusion: Even under good conditions, earning LKR 2,100,000 from a single acre is highly unrealistic. Claims suggesting that amount are therefore misleading compared to typical agricultural yields and market prices in Sri Lanka.

    ReplyDelete
    Replies
    1. Now JVPs are trying to justify their income 1. Bullock cart Ryding 2. Cultivation 3. Crypto

      Delete
  3. Sajabe kivoth pacha thamai.... hiru vage....

    ReplyDelete
    Replies
    1. සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා

      Did he leave JVP due to corruption within JVPs

      Delete
  4. Ithin Apita Pan da pako..Hihin ube wadak bala ganin..

    ReplyDelete
  5. ගෙවුනු මාස දාසයට පරම්පරා ගානකට හොරකම් කරලා දැන් ඒවා එලි කරගන්න විදිහක් නැතුව දගලනවා. මුන්ව හිරේ දාන්න.

    ReplyDelete
Previous Post Next Post