මාලිමාණ්ඩුව යටතේ තිරසර වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි..

 


මෙයින් මාස දහඅටකට පෙරාතුව ජනතාව විසින් බලයට පත්කල වත්මන් රජය යටතේ පොදු ප්‍රවාහනයේ ආරක්‍ෂාවට තිරසර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බවත්, රිය අනතුරු හේතුවෙන් වසරකට අහිමිවන 2,700 කට අධික මානව සම්පත ආරක්‍ෂා කර ගනිමින් ප්‍රවාහනයේ ආරක්‍ෂාව තහවුරු කිරීමට රජය විසින් ‘ජාතික ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්මට’ අනුකූල සියලු ක්‍රියාමාර්ග ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන බවත් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් ප්‍රකාශ කලේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් ‘අහඹු මත්ද්‍රව්‍ය පරීක්‍ෂාව පිළිබඳ මූලධර්ම සහ භාවිතය’ තේමාව යටතේ ආයතන මට්ටමින් නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා සංවිධානය කරන ලද එක් දින විශේෂ වැඩමුළුව හා එක්වෙමිනි.

මෙම වැඩමුළුව කොළඹ 07 පිහිටි ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (SLIDA) ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

ජෛව සාම්පල්වල මත්ද්‍රව්‍ය පරීක්‍ෂාවේදී විද්‍යාත්මක කරුණු පිළිබඳ අවබෝධය සහ දැනුම ලබාදීම මෙහි අරමුණ විය. මෙම වැඩමුළුව රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ සම්පත් දායකත්වයෙන් ක්‍රියාත්මක වූ අතර, ඊට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍යවරු, රසායනාගාර කාර්මික විද්‍යාඥයින්, සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පවතින රෝහල්වල ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීන්, පශ්චාත් උපාධි පුහුණුවේ යෙදී සිටින අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු විවිධ ක්‍ෂේත්‍රවල විද්වතුන් හා වෘත්තිකයින් එක්වූහ.

වැඩිදුරටත් වැඩමුළුව අමතා සිය දේශනය සිදුකල බිමල් රත්නායක අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

‘රජය විසින් ප්‍රවාහනයේ ආරක්‍ෂාව තහවුරු කරන්න විශාල වැඩ කොටසක් ඉටුකර තිබෙනවා. කොතරම් මාර්ග සංවර්ධනය කලත් නවීන වාහන ආනයනය කලත් යටිතල පහසුකම් වැඩිදියුණු කලත් නිසි පුහුණුවක්, විනයක් නොමැති වූ විට මාර්ගයේ ආරක්‍ෂාව නැතිවෙනවා. වසරකට සිදුවන 2,700 කට අධික ජීවිත අහිමිවීම ක්‍රමිකව අඩුකරගන්න ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා. 2029 වසර වනවිට සිදුවන මරණ සංඛ්‍යාව විශාල ප්‍රතිශතයකින් අඩුකර ගැනීම ඉලක්කයයි.

මත්ද්‍රව්‍ය භාවිත කරන සියයට පහලොවක්, දහඅටක් අතර සංඛ්‍යාවක් සිටින බව දැනට වාර්තා වෙනවා. සියයට පනස්තුනක් අනතුරුවලට හේතුව රියදුරන්ගේ ප්‍රශ්න. අනතුරුවලට පහසුවන ක්‍රියාකාරකම් සිදුවෙනවා. විනයක්, පුහුණුවක් නැතුව ප්‍රවාහනයේ ආරක්‍ෂාව හදන්න බැහැ. රජය විදියට ප්‍රවාහන ක්‍රියාකාරී සැලැස්ම ප්‍රකාරව ප්‍රවාහනයේ ආරක්‍ෂාව ඇති කරන්න පියවර ගන්නවා. මගී ආරක්‍ෂාව අංක එකට ගෙන තිබෙනවා.

අදහස්වලට එහා ගිය ක්‍රියාමාර්ගවලට ගිහින් තියෙනවා. රටට ගැළපෙන ප්‍රමිතිගත බස් රථ හා වාහන ආනයනය කරනවා. නිෂ්පාදිත වගකීම ගැන සැලකිලිමත් වෙනවා. මේ සියලු ආරක්‍ෂිත ප්‍රතිසංස්කරණ මගින් ප්‍රවාහනයේ ආරක්‍ෂාව සැලසීමට කටයුතු කරනවා. මෙම ජාතික කර්තව්‍ය සාර්ථක කරගැනීමට සමාජ පාඨමාලාවක් ලෙස සිදුකිරීම අවශ්‍ය වෙනවා.’

- මාධ්‍ය අංශය

14 Comments

  1. කන්ටේනර් 323 ක් පන්නලා තිරසාරේ පටන් ගත්තා. පාස්පෝට් 17 ක් පන්නලා තිරසාරේ දෙගුන කලා. බාල ගල් අගුරු ගෙනල්ලා කෝටි 3000ක් කෙලලා තිරසාරේ තවත් වැඩිකලා. ඩොලර් මිලියන දෙකහමාරකට කෙලලා තිරසාරේ දුකෙන් පුං යන්න දුන්නා. තවත් මොනවාද පපෝ කියවන්නේ.

    ReplyDelete
  2. කන්ටේනර් 323 ක් පන්නලා තිරසාරේ පටන් ගත්තා. පාස්පෝට් 17 ක් පන්නලා තිරසාරේ දෙගුන කලා. බාල ගල් අගුරු ගෙනල්ලා කෝටි 3000ක් කෙලලා තිරසාරේ තවත් වැඩිකලා. ඩොලර් මිලියන දෙකහමාරකට කෙලලා තිරසාරේ දුකෙන් පුං යන්න දුන්නා. තවත් මොනවාද පපෝ කියවන්නේ.

    ReplyDelete
  3. ඔවු ඔවු ...මුලු රටම තොපෙ තිරසාර වෑඩසටහන් වල පල බුදිනවා.....පල පචයා යන්න.....තිරිසන් JVP පච රෑල .............

    ReplyDelete
    Replies
    1. ඔව්නේ. බිමල්නෙ කිව්වේ ඔක්කොම තනතුරු පත් කරේ කාඩිනල්ට ඕන විදියට කියලා. කිව්වා නෙමේ කියවුනා. පහුවෙලා ඒක නිවැරදි කරන්නත් කතා වගයක් කිව්වා. ඒ වුනාට වැඩක් උනේ නෑ. වෙන එකක් තියා, බුද්ධ සාසන ඇමතිත් කුරුස පකෙක්නේ.

      Delete
  4. dunne rata kelavilaama yanna...maath hitman hitiya container 323 giye eliyata nikam kiyala,eken patan gattu gahilla digatama mun karanawaa,tawa lajja netuwa Lori talk denna enawaa,bellen allala eliyata adala daana onee sakkli ballo mun...!#£##@323

    ReplyDelete
  5. ඔ‍ටුනු පැලඳ හිටියත් සිහසුනේ හිඳ
    ඌ ගොන් රජෙකි මේ මහ ගොන් ‍රැලට හිත
    අධමි‍ටු කුහක පාහරකම් නිමක් නැත
    ඌ වැනි අමනයෙක් සිරිලක සිටියෙ නැත.

    ReplyDelete
  6. තම්බියෙක් රුපියල් ලක්ශ 35ක් දීලා මරදාන ස්ටේශන් එක පින්තාරු කරලා. මුන් ඩොලර් මිලියන 2.5ක් සහ තවත් ලංකාඅවෙ සල්ලි හොරකකා මේ වගේ තුප්පහි වැඩ කරල වැඩ්ඩො වගේ ජතාව. සින්හල බවුද්දයාගෙ චන්දෙ අරන් තම්බීන්ව පෝශනය කරනවා. මුගෙයි ගෑනිගෙයි කට ඇරියම ලෝක විනාසෙ.

    ReplyDelete
    Replies
    1. මුන්ගේ සංවර්ධනේ තියෙන්නේ මෝඩ ඩෝබිලාගේ බොරු පෝස්ට් වල විතරයි.

      Delete
  7. තිරසර වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇතයි කියල ලැහැස්ති වෙන්නෙ භාන්ඩාගාරෙට දුන්න ඩොලර් මිලියන දෙකහමාරෙ වගෙ තව ගේමක් දෙන්ඩ.

    ReplyDelete
  8. Jeppo කියන්නෙම විනාශකාරී කාලකන්නි ටිකක්. මුංට චන්දෙ දුන්න උනටත් මේ ශාපේ එනවා.

    ReplyDelete
  9. කම්බ හැකරයා

    ReplyDelete
Previous Post Next Post