“තමන්ගේ තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ 2026 වසර තුළ අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කරන “ජාතික නිවාස වැඩසටහන - 2026” වැඩසටහනට සමගාමීව මොරටුව ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 13ක් සඳහා රුපියල් දස ලක්ෂයේ චෙක්පත් ලබාදීම ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
මෙම වැඩසටහන යටතේ රටපුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස 13,347ක් ඉදිකිරීමට නියමිත අතර, නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ තවත් නිවාස ඉදිකිරීමට නියමිතය.
මෙහිදී අදහස් පල කරමින් අමාත්‍යවරයා මෙසේ සඳහන් කලේය.
“රජයේ ප්‍රතිපත්තියක් තියනවා දුප්පත්කම නැති කරනවයි කියලා. දුප්පත්කම නැති කරනවා කියලා පැල්පත් තියෙන ඒවා ගලෝලා විසිකරන එක නෙවෙයි. ඒ මිනිසුන්ගෙ තිබෙන ආර්ථික දරිද්‍රතාවයෙන් උඩට එන්න අංග සම්පූර්ණ නොවුනත් ඉන්න තත්වයෙන් උඩට එන්න ඕන කියන රාජ්‍ය ප්‍රතිපත්තිය අපේ තිබෙනවා. ඔය ගොල්ලන්ට මතක ඇති අපි බලයට එන්න කලින් රනිල් වික්‍රමසිංහලාගේ ආණ්ඩුව කිව්වේ 2048 වෙනකන් මොකුත් දෙන්න බැහැ කියලා. වැල් පාලමේ තමා යන්න වෙන්නෙ කියලා. ඒ් ඇයි? ඒ කාලෙ එයාලා ජීවත් උනේ එහෙම තමයි. ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට වියදම් දරාගෙන.
අපි ආවයින් පස්සෙ ඔයගොල්ලො දන්නවා අපි මේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම ගොඩ නගමින් යනවා. ඒ විතරක් නෙවෙයි දිත්වා සුළි කුණාටුව ආපු වෙලාවේ අපි ඒ් ගෙවල් වලට රු.25,000ක් දුන්නා රු.50,000ක් දුන්නා. රුපියල් ලක්ෂ 05ත් රුපියල් ලක්ෂ 10ත් යනාදී වශයෙන් මුදලුත් දුන්නා රජය ගාව තියෙන්නේ මමවත් අපේ නගරාධිපතිතුමාවත් ගෙදරින් ගෙනාපු පුද්ගලික මුදල් නෙවෙයි. රජයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ මුදලුත් නෙවෙයි. මෙතන තියෙන්නෙ අපි මොරටුවේ මිනිසුන්ගෙනුත් බදු එකතු කරනවා. බිත්තරයෙන් වෙන්න පුළුවන් කඩකාමරයකින් වෙන්න පුළුවන් අපි බදු ඒකතු කරනවා. ඒ බදු එකතු කරපු මුදල් යන්න ඕන නැවත වතාවක් මොරටුවේ ඉන්න ජනතාව අතටමයි. වෙන කාගෙවත් සාක්කු වලට නෙවෙයි.
ගිය වසරේ අපි ගෙවල් 11ක් මේ ආකාරයට සංවර්ධනය කරලා ඒ පුද්ගලයනුත් මැදිහත් වෙලා ඒ ගෙවල් හදාගෙන හිටපු තත්වයෙන් උඩට ඇවිත් තියනවා. මේ මිනිස්සු දුප්පත් වෙන්නේ දේව ශාපයකින් හෝ කර්මය නිසා නෙවෙයි. සමාජයේ සාධාරණ අවශ්‍යතා නැති නිසයි. පුද්ගලයන් ඕනෑම කෙනෙකුට සාධාරණව සංතෝෂයෙන් ජීවත් වෙන්න, සංතෝෂයෙන් පවුලක ගෙයක ඉන්න අවස්ථාව සලසන එක තමයි අපේ රජයේ ප්‍රතිපත්තිය. ඒ මත පිහිටලා තමයි ඔය ගොල්ලන්ගෙ බදු මුදල් ඔයගොල්ලො වෙනුවෙන් වැය කරලා මේ වැඩේ ආරම්භ වෙන්නේ. මේ ආණ්ඩුව ගොඩක් සල්ලි තියාගෙන දෙනවා නෙවෙයි අමාරුවෙන් හරි මිනිස්සුන්ට දෙන්න ඕන. එහෙම දෙනකොට ඔයගොල්ලොත් මැදිහත් වෙලා යාලුවන්ගෙන්, හිතවත් අයගෙන් ශ්‍රමය අරගෙන මේ වැඩේ කරන්න. නැත්නම් ලක්ෂ දහය ප්‍රමාණවත් වෙන්නෙ නැහැ. ඒක නිසා මම ඉල්ලා සිටිනවා ඔයගොල්ලොත් මැදිහත් වෙලා ඔයාලගේ තැන හදාගන්න. අපි තරයේ විශ්වාස කරනවා මොරටුවේ මිනිස්සු විතරක් නෙවෙයි සමස්ත දිවයින පුරා ඉන්න මිනිස්සු හැමෝම සංතෝෂයෙන් ජීවත් වෙන්න ඕන කියලා.”
මොරටුව නගරාධිපති නිශාන්ත ප්‍රනාන්දු මහතා, මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්), ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහකාර ඉංජිනේරු ජී.එම්.එස්. නිශාන්ත මහතා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු ප්‍රතිලාභි පවුල් වල සාමාජිකයින් මෙම අවස්ථවට එක්විය.
මාධ්‍ය ඒකකය

නොදකින් විතරක්, තොත්ත බබා.
ReplyDeleteනොදකින් විතරක්, තොත්ත බබා.
ReplyDeleteතොපි වියදන් කරන්නේ,නාස්ති කරන්නේ අපේ සුරගෙන කන බදු මුදල්
ReplyDeleteමුගෙ නහය් විදින්න ඕන. මී හරකා. නහය පුම්බං කෙප්ප ඇද බානව. ලෝක හොරා
ReplyDeleteYasapalitha nirmanayak, Rasa Sagarayak. Keppa wasssa danne ne, ape badu salli munge nosalkilla nisa hacker lata denawa kiyala
ReplyDeleteතටමලා තටමලා එලියට දාපු කුලී නිවාස පනත දැන් කොම්පෝස්ට් වෙලා ඇති නේ ?
ReplyDeleteRanil 2048 venakam inna kivve ethakan sahana nodee innava kiyana eka nevei ponnaya. Kochchara sahana dunnada kiyala goviyo, duppathun, geval labunu aya dannava.
ReplyDelete