මහා භාණ්ඩාගාරයෙන් සොරකම් කරන ලද මුදල් ඕස්ට්‍රේලියාවේ වෙසෙන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ මිතුරෙකුගේ බැංකු ගිණුමකට බැර වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ඩොලර් මිලියන 2.5ක මුදලක් මෙලෙස ඕස්ට්‍රේලියාවට ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් රජය වහාම කරුණු පැහැදිලි කළ යුතු බව හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා, ගල් අඟුරු මිලදී ගැනීමේ ගනුදෙනුව විමර්ශනය කිරීම සඳහා පත් කර ඇති ජනාධිපති කොමිසමේ ස්වාධීනත්වය පිළිබඳව ද බරපතළ සැකයක් මතු කළේය.
එම කොමිසමේ ලේකම්වරයා ලෙස පත් කර සිටින ඩී.වී. බන්දුලසේන මහතා ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී දේශපාලන මතධාරියෙකු බව ඔහු සාක්ෂි සහිතව පෙන්වා දුන්නේය.
"වීරයන් ගතින් වැහිරුණු ලේ පැහැය උරා රතු මල් පිපෙනු ඇත මිහිකත දෙරණ පුරා" වැනි ජවිපෙ දේශපාලන සටන් පාඨ සහ ටිල්වින් සිල්වා මහතාගේ ඡායාරූප සහිත පෝස්ටර් කොමිසමේ ලේකම්වරයා සිය ෆේස්බුක් ගිණුම හරහා ප්‍රසිද්ධියේ බෙදාගෙන ඇති බව දුමින්ද දිසානායක මහතා අනාවරණය කළේය.
එමෙන්ම "බය නැතුව දීපල්ලා මාලිමාවට" වැනි සටහන් ද ඒ අතර වන බව ඔහු පෙන්වා දුන්නේය.
අදාළ ලේකම්වරයාගේ දේශපාලන පක්ෂපාතීත්වය මත පදනම්ව, මෙම කොමිසම සැබවින්ම දූෂණ සෙවීමට පත් කළ එකක්ද නැතහොත් අදාළ අමාත්‍යවරයා බේරා ගැනීමට පත් කළ එකක්ද යන්න පිළිබඳව ජනතාවට සාධාරණ සැකයක් පවතින බව හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
විමර්ශන කොමිසමේ වාර්තාව නිකුත් වීමටත් පෙර, විජිත හේරත් අමාත්‍යවරයා විසින් අදාළ පිරිස් අතින් කිසිදු වරදක් සිදුව නැති බවට සහතික වීම හරහා ආණ්ඩුව මෙම විමර්ශනය යටපත් කිරීමට උත්සාහ කරන බවට ද ඔහු චෝදනා කළේය.
කෝප් කමිටුවේදී සහ විගණන වාර්තාවලින් හෙළි වී ඇති කරුණු හමුවේ මෙවැනි පක්ෂපාතී පුද්ගලයන් විමර්ශන සඳහා පත් කිරීම යුක්ති සහගත නොවන බව දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් පවසා සිටියේය

මුදල් ඇමති ඇතුලෙ නඩයම කරන්න පුලුවන් කෙනෙක් ට දීලා රට කන්නෙ නැතුව යන්න
ReplyDeleteඅඟුරු කුමාර බදු කොටයි ඌගේ තැරි වනචාරී ජෙප්පොයි EPF අරමුධල මංකොල්ලකාපු නාකි උඩුරැවුල් පොන්නලාල් කම්බ හොරයි හොරාකනවා දිගට හරහට. ආන්ඩුව පෙරලුනාම ජෙප්පෝ ඔක්කොම හිරේ දාපියවු.
Deleteඅඟුරු කුමාර බදු කොටයි ඌගේ තැරි වනචාරී ජෙප්පොයි EPF අරමුධල මංකොල්ලකාපු නාකි උඩුරැවුල් පොන්නලාල් කම්බ හොරයි හොරාකනවා දිගට හරහට. ආන්ඩුව පෙරලුනාම ජෙප්පෝ ඔක්කොම හිරේ දාපියවු.
ReplyDeleteඅඟුරු කුමාර බදු කොටයි ඌගේ තැරි වනචාරී ජෙප්පොයි EPF අරමුධල මංකොල්ලකාපු නාකි උඩුරැවුල් පොන්නලාල් කම්බ හොරයි හොරාකනවා දිගට හරහට. ආන්ඩුව පෙරලුනාම ජෙප්පෝ ඔක්කොම හිරේ දාපියවු.
ReplyDelete