අප්‍රේල් මාසයේ නුවරඑළියේ සංවිධානය වන වසන්ත සැලකෙලියේ විනෝද සැණකෙළි භූමියක් සඳහා ඉල්ලුම් කළ තාවකාලික විදුලි සබඳතාවයන් ලබා නොදී එයට සමානවම පවත්වාගෙන යනු ලබන මෙම වසරේ ප්‍රථම වතාවට පැවැත්වීමට සංවිධානය කරන දේශපාලනඥයන් කිහිප දෙනෙකුගේ හිතවත් කණ්ඩායමකට අයත් සැණකෙළි භූමියක් සඳහා නුවරඑළිය ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා (ප්‍රයිවටි) ලිමිටඩ් වෙතින් තෙකලා විදුලි සම්බන්ධතාවයක් ලබාදී ඇති බව නුවරඑළිය නගරයේ වසර ගණනාවක් සැණකෙළි භූමි සංවිධායකවරයෙක් වශයෙන් කටයුතු කරන සැණකෙලි සංවිධායක ප්‍රභාත් කුමාර මහතා චෝදනා කරයි.
තවද ඔහුන් විසින් සැණකෙළි භූමිය සඳහා වරලත් විදුලි ඉංජිනේරුවරයකු ලවා සැලසුම් සකස් කර විදුලිය ඉල්ලුම් කළ ඉල්ලුම් ලිපියට පිළිතුරු වශයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්ගේ අංක CGES/2026 හා 2026.03.30 දිනිති චක්‍රලේඛන ප්‍රකාරව සැණකෙළි භූමිය තුල 100 දෙනෙකුට අධික පිරිසක් එක් රැස් ඕනෑම තැනකට පොදුවේ විදුලිය ලබාදීමට නොහැකි බව පවසා නුවරඑළිය ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා (ප්‍රයිවටි) ලිමිටඩ්හි ප්‍රධාන විදුලි ඉංජිනේරු ඩබ්.එම්.එන්.ඩී.නිසන්සලා මහත්මියගේ අත්සනින් ලිපියක් මගින් දැනුම් දුන්නද එයට වඩා අධික පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන විශාල භූමි ප්‍රමාණයක ස්ථාපනය කර තිබෙන සැණකෙළි භූමියක් සඳහා තෙකලා විදුලිය ලබාදී ඇත්තේ නුවරඑළියේ ප්‍රබල දේශපාලකයකයන්ගේ හිතවත්කම මත ක්‍රියාත්මක වන සැණකෙළියකට බව ඔහු වැඩි දුරටත් චෝදනා කළේය.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටින්නේ දේශපාල හිතවත් කම් මත ක්‍රියාත්මක කරන සැණකෙළි භූමියේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් එලෙස තම සැණකෙළි භූමියට සිදු කරන පලි ගැනීමක් හා කෙනෙහිලි කමක් වශයෙන් විදුලි සම්බන්ධතාවය ලබා නොදුන් බවයි.
එමෙන්ම පිරිස සියයකට අධික ප්‍රමාණයක් සහභාගි වන ස්ථාන කීපයකට එකලා විදුලිය ලබාදීමටද කටයුතු කර ඇති පසුබිමක ඇතැම් ස්ථානවල එකලා විදුලි පද්ධතියකින් වෙළඳසැල් පහළවකට ආසන්නන ප්‍රමාණයකට විදුලිය ලබාදීම සිදුකර ඇති බවද සැණකෙළි සංවිධායක පාර්ශවය නියෝජනය කරන විදුලි කාර්මික ශිල්පී ඉන්දික ප්‍රියදර්ශන මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.
ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ වසර 15 කට අධික තමන් නුවරඑළිය වසන්ත සැණකෙළියේ විදුලි කාර්මික ශිල්පියෙක් වශයෙන් කටයුතු කරන අතර සෑම වසරකම වසන්ත සැණකෙළිය වෙනුවෙන් එකලා විදුලි පද්ධති කිහිපයක් සහ තෙකලා විදුලි පද්ධති කීපයක් අවශ්‍යතාවය පරිදි ලබාගත් නමුත් මෙවර විදුලි පද්ධති නිසි ආකාරව ලබා නොදීමෙන් දැඩි අපහසුතාවයට පත්වන බවයි.
සැණකෙළි භූමි සංවිධායකවරුන් විසින් සිදුකළ චෝදනාව පිළිබඳව සොයා බැලීම සඳහා නුවරඑළිය නගරයේ ස්ථාපනය කර ඇති තවත් සැණකෙළි භූමියක් තුළ අප සිදු කළ සොයා බැලිල්ලකදී එයට තෙකලා විදුලි සබඳතාවයක් ලබාදී තිබීමක් දක්නට ලැබුනු අතර එම විදුලි පද්ධතිය ඇතැම් ස්ථානවල් වල අනාරක්ෂිත ආකාරයෙන් දක්නට ලැබීමක්ද අවධානයයට ලක් විය.
තවද නුවරඑළිය නාගරික සංවර්ධන අධිකාරිය රථ ගාල අසල ලබා දී තිබුණු එකලා විදුලි සම්බන්ධතාවයකින් ස්ථාන පහළවකට ආසන්න ප්‍රමාණයකට විදුලිය කුඩා රැහැන් වලින් ඇද තිබුණු ආකාරයක්ද අවධානයට ලක් විය.
මෙම ගැටලුව පිළිබඳව නුවරඑළිය ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා (ප්‍රයිවටි) ලිමිටඩ් හි විදුලි ඉංජිනේරු ධම්මික මහතාගෙන් අප සිදුකළ විමසමකට පිළිතුරු ලබාදෙමින් ඔහු කියා නුවරඑළියේ නුවරඑළිය ඉලෙක්ට්‍රිසිටි ඩිස්ටිබියුෂන් ලංකා (ප්‍රයිවටි) ලිමිටඩ් ආයතනයයේ ආයතනට පැමිණෙන ඉල්ලීම් පිළිබඳව හා ඒ හා සම්බන්ධ ලියකියවිලි පරිශීලනය කර විදුලි සම්බන්ධතාවයන් ලබා දෙන නමුත් මෙම ගැටළුව පිළිබඳ ආයතන ව්‍යුහයත් සමඟ තමන්ට කිසිදු මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීමට නොහැකි බවය.
- ආර්.එෆ්.එම්.සුහෙල්

නුවර එළිය විනාස කරලා කෝටි ගණන් හම්බකරගෙන හෝටල් ගගත්තු පරයා තමයි දොඩම්පේ ගමගේ
ReplyDeleteආපෝ ....පට්ටම හොරෙක් ඇ .......නුවර එළියම වික්කා
Delete