මුදල් අමාත්‍යංශ ලේකම් වහා අත්අඩංගුවට ගන්නැයි දන්වයි..


මහා බැංකුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් වත්මන් මුදල් හා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව නීතීඥ මෛත‍්‍රී ගුණරත්න මහතා අවධාරණය කරයි. 

මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කළ යුත්තේ ඔහුව ප්‍රධාන සැකකරු ලෙස නම් කිරීමෙන් පසුව බව ද ඒ මහතා පවසා සිටියි.

භාණ්ඩාගාර ලේකම්වරයාගේ හෝ අදාළ උසස් නිලධාරීන්ගේ අනුමැතියකින් තොරව ඩොලර් මිලියන 2.5ක් වැනි අතිවිශාල මුදලක් භාණ්ඩාගාරයෙන් බැහැර වීමට කිසිසේත්ම නොහැකි බව ගුණරත්න මහතා පෙන්වා දෙයි. රජයේ සාමාන්‍ය දෙපාර්තමේන්තුවක හෝ උසාවියක රුපියල් 25,000ක මුදලක් හෝ රෙජිස්ට්‍රාර්වරයාගේ අනුමැතියකින් තොරව ලබාගත නොහැකි පසුබිමක, මෙවැනි මහා පරිමාණ මුදල් හුවමාරුවක් ලේකම්වරයා නොදැනුවත්ව සිදුවිය නොහැකි බව ඔහු තර්ක කරයි.

මෙම මුදල් අස්ථානගත වීම හැකර්වරුන් විසින් සිදු කරන ලද්දක් බවට ඉදිරිපත් වන තර්ක ප්‍රතික්ෂේප කරන මෛත‍්‍රී ගුණරත්න මහතා, එවැනි හැකර්වරුන් ලංකාව තුළ නොසිටින බවත්, ඔවුන් විදේශගතව සිට මුදල් ලබාගත් පසු ඒවා යළි ලබා ගැනීම කළ නොහැක්කක් බවත් සඳහන් කරයි. මෙය හුදෙක් සැබෑ වංචාව වසා ගැනීමට උත්සාහ කරන කරුණක් බව ඔහු පවසයි.

සාමාන්‍ය පුරවැසියෙකුට රුපියල් දෙදහසක ඇප මුදලක් ගෙවා ගැනීමට පවා දින ගණනාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටීමට සිදුවන නීතිමය පද්ධතියක් පවතින රටක, මහජන මුදල් අවභාවිත කරන මෙවැනි නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම බරපතල අසාධාරණයක් බව ඔහු පෙන්වා දෙයි. 

රජයේ සාමාන්‍ය නිලධාරීන්ට වඩා තෙගුණයක වැටුපක් ලබන මෙම නිලධාරීන් මෙවැනි දූෂණවලට සම්බන්ධ වීම ජනතාවට කරන ද්‍රෝහිකමක් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

සී.අයි.ඩී එක ඇතුළු විමර්ශන ආයතන අඩපණ කර ඇති බවත්, මීට සම්බන්ධ කැබිනට් මණ්ඩලයේ පිරිස් ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව සහ කථානායකවරයා සිය බලතල භාවිතා නොකරන බවත් ගුණරත්න මහතා චෝදනා කරයි. 

"විපක්ෂයේ කෙනෙකු මේ දේ කළා නම් ඔහුගේ නිවසේ සිටින බල්ලා පවා අත්අඩංගුවට ගන්නා" බව පවසන ඒ මහතා, වත්මන් රජය පාරදෘශ්‍ය බව පැවසුවද ක්‍රියාවෙන් එය සිදු නොවන බව පවසයි.

මෙම සිද්ධියට අදාළව ජනාධිපතිවරයා ඇතුළු අනුමැතිය ලබා දුන් සියලු නිලධාරීන් අත්අඩංගුවට ගෙන විමර්ශනය කළ යුතු බවත්, දැනට පවතින විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බැවින් සති දෙකක් ඇතුළත මෙම නඩුව යළි කැඳවන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

9 Comments

  1. අනිවාර්යයෙන්ම මේ මහාපරිමාන හොරුන්ව වහාම අත්අඩංගුවට ගතයුතුයි.

    ReplyDelete
    Replies
    1. මහින්ද රාජපක්ෂ හොරා එච්චරයි!

      Delete
    2. උගන්ඩා කික්කිApril 24, 2026 at 11:39 PM

      ප්ලේන් තුනකින් උගන්ඩාවට පන්නපු ඩොලර් ආපහු ගේන්ඩ ඕනේ නැද්දෝ?

      Delete
  2. හර්ශන හොරා අගුරු කුමාර පකයගෙ ගජයා. අගුරු කුමාරයා ඕකුන් දාගත්තෙ හොරකං කොරන්නමයි

    ReplyDelete
  3. ආරියතිලක

    මෙය අපරාධමය වරදක්. මේ ගැන දැනගත් පසු පොලීසියේ හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ හෝ මේ අපරාධය දැන ගැන පැමිල්ලක් කර තිබේ ද? ඒ මගින් අධිකරණය දැනුවත් කර තිබේ ද? එසේ කර නැත්නම් මෙම අපරාධමය වරද පිළිබඳව කරුණු වසන් කිරීමක් බව පැහැදිලි ය. එසේ කිරීමට ආණ්ඩුවට හෝ මෙයට වගකිව යුතු කිසිවෙකුට හිමිකමක් නැත. එය ම නීතිය අවභාවිතා කිරීමකි. බරපතල ලෙස නීතියේ ආධිපත්‍ය කෙලෙසීමක් බව කිව යුතු ය. රාජ්‍යය සතු දේපොළ තමන්ට ඕන ඕන විධියට හැසිරවිය නො හැක. මේ පිළිබඳව වගකීම් පැහැර හැරිය සියලු දෙනා නීතියේ ආධිපත්‍යට යටත් කළ යුතු ය.

    ReplyDelete
    Replies
    1. ආරියතිලක පලයන් බන් යන්න.
      ශර්ෂණ මහතා හැකර්වරයෙකු නොවේ

      Delete
    2. ශර්ෂණ මහතා හැකර්වරයෙක් නොව පල් හොරෙකි.

      Delete
  4. පතිරණ ගලප්පත්ති (Real)April 25, 2026 at 12:56 AM

    ගෙදරට හොරු පැන්නම ගෙදර කුළී කාරයා අත් අඩංගුවට ගත්තම හරි. කවුද එහෙම කියන්නේ? මීට කලින් ගෙදර කුලියට ඉඳලා, ගෙදර තියෙන ජනෙල් දොරවල් උළුවහු පවා හොරකම් කරපු පල් හොරුයි උන්ගෙ එහෙයියොයි. හා, එහෙම කොරමු ඈ.

    PS: මගේ alias එක හොරෙන් පාවිච්චි කරලා කුණු කථා කියන ගොනාට මම කියන්නේ, ඔය ආරියතිලක ට නම හරි තැනින් ලියන්ඩ කියල දීපන්.

    ReplyDelete
  5. භාන්ඩාගාර හොරකම ගැන නිවැරදි තොරතුරු දැනගන්න හිටපු ආණ්ඩුකාරවරුන්වන කීර්ති තෙන්නකෝන් සහ මෛත්‍රී ගුනරත්න
    සමග චමුදිත ඊයෙ කරපු වීඩියෝව බලන්න.

    A must watch video!

    ReplyDelete
Previous Post Next Post