මහා බැංකුවේ සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් වත්මන් මුදල් හා භාණ්ඩාගාර ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව නීතීඥ මෛත‍්‍රී ගුණරත්න මහතා අවධාරණය කරයි.
මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කළ යුත්තේ ඔහුව ප්‍රධාන සැකකරු ලෙස නම් කිරීමෙන් පසුව බව ද ඒ මහතා පවසා සිටියි.
භාණ්ඩාගාර ලේකම්වරයාගේ හෝ අදාළ උසස් නිලධාරීන්ගේ අනුමැතියකින් තොරව ඩොලර් මිලියන 2.5ක් වැනි අතිවිශාල මුදලක් භාණ්ඩාගාරයෙන් බැහැර වීමට කිසිසේත්ම නොහැකි බව ගුණරත්න මහතා පෙන්වා දෙයි. රජයේ සාමාන්‍ය දෙපාර්තමේන්තුවක හෝ උසාවියක රුපියල් 25,000ක මුදලක් හෝ රෙජිස්ට්‍රාර්වරයාගේ අනුමැතියකින් තොරව ලබාගත නොහැකි පසුබිමක, මෙවැනි මහා පරිමාණ මුදල් හුවමාරුවක් ලේකම්වරයා නොදැනුවත්ව සිදුවිය නොහැකි බව ඔහු තර්ක කරයි.
මෙම මුදල් අස්ථානගත වීම හැකර්වරුන් විසින් සිදු කරන ලද්දක් බවට ඉදිරිපත් වන තර්ක ප්‍රතික්ෂේප කරන මෛත‍්‍රී ගුණරත්න මහතා, එවැනි හැකර්වරුන් ලංකාව තුළ නොසිටින බවත්, ඔවුන් විදේශගතව සිට මුදල් ලබාගත් පසු ඒවා යළි ලබා ගැනීම කළ නොහැක්කක් බවත් සඳහන් කරයි. මෙය හුදෙක් සැබෑ වංචාව වසා ගැනීමට උත්සාහ කරන කරුණක් බව ඔහු පවසයි.
සාමාන්‍ය පුරවැසියෙකුට රුපියල් දෙදහසක ඇප මුදලක් ගෙවා ගැනීමට පවා දින ගණනාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටීමට සිදුවන නීතිමය පද්ධතියක් පවතින රටක, මහජන මුදල් අවභාවිත කරන මෙවැනි නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම බරපතල අසාධාරණයක් බව ඔහු පෙන්වා දෙයි.
රජයේ සාමාන්‍ය නිලධාරීන්ට වඩා තෙගුණයක වැටුපක් ලබන මෙම නිලධාරීන් මෙවැනි දූෂණවලට සම්බන්ධ වීම ජනතාවට කරන ද්‍රෝහිකමක් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියි.
සී.අයි.ඩී එක ඇතුළු විමර්ශන ආයතන අඩපණ කර ඇති බවත්, මීට සම්බන්ධ කැබිනට් මණ්ඩලයේ පිරිස් ආරක්ෂා කිරීම සඳහා ආණ්ඩුව සහ කථානායකවරයා සිය බලතල භාවිතා නොකරන බවත් ගුණරත්න මහතා චෝදනා කරයි.
"විපක්ෂයේ කෙනෙකු මේ දේ කළා නම් ඔහුගේ නිවසේ සිටින බල්ලා පවා අත්අඩංගුවට ගන්නා" බව පවසන ඒ මහතා, වත්මන් රජය පාරදෘශ්‍ය බව පැවසුවද ක්‍රියාවෙන් එය සිදු නොවන බව පවසයි.
මෙම සිද්ධියට අදාළව ජනාධිපතිවරයා ඇතුළු අනුමැතිය ලබා දුන් සියලු නිලධාරීන් අත්අඩංගුවට ගෙන විමර්ශනය කළ යුතු බවත්, දැනට පවතින විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බැවින් සති දෙකක් ඇතුළත මෙම නඩුව යළි කැඳවන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

අනිවාර්යයෙන්ම මේ මහාපරිමාන හොරුන්ව වහාම අත්අඩංගුවට ගතයුතුයි.
ReplyDeleteමහින්ද රාජපක්ෂ හොරා එච්චරයි!
Deleteප්ලේන් තුනකින් උගන්ඩාවට පන්නපු ඩොලර් ආපහු ගේන්ඩ ඕනේ නැද්දෝ?
Deleteහර්ශන හොරා අගුරු කුමාර පකයගෙ ගජයා. අගුරු කුමාරයා ඕකුන් දාගත්තෙ හොරකං කොරන්නමයි
ReplyDeleteහුන්ඩුව දැන් කියාය් හැකර කල බලන්නද කියල
Deleteආරියතිලක
ReplyDeleteමෙය අපරාධමය වරදක්. මේ ගැන දැනගත් පසු පොලීසියේ හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ හෝ මේ අපරාධය දැන ගැන පැමිල්ලක් කර තිබේ ද? ඒ මගින් අධිකරණය දැනුවත් කර තිබේ ද? එසේ කර නැත්නම් මෙම අපරාධමය වරද පිළිබඳව කරුණු වසන් කිරීමක් බව පැහැදිලි ය. එසේ කිරීමට ආණ්ඩුවට හෝ මෙයට වගකිව යුතු කිසිවෙකුට හිමිකමක් නැත. එය ම නීතිය අවභාවිතා කිරීමකි. බරපතල ලෙස නීතියේ ආධිපත්‍ය කෙලෙසීමක් බව කිව යුතු ය. රාජ්‍යය සතු දේපොළ තමන්ට ඕන ඕන විධියට හැසිරවිය නො හැක. මේ පිළිබඳව වගකීම් පැහැර හැරිය සියලු දෙනා නීතියේ ආධිපත්‍යට යටත් කළ යුතු ය.
ආරියතිලක පලයන් බන් යන්න.
Deleteශර්ෂණ මහතා හැකර්වරයෙකු නොවේ
ශර්ෂණ මහතා හැකර්වරයෙක් නොව පල් හොරෙකි.
Deleteගෙදරට හොරු පැන්නම ගෙදර කුළී කාරයා අත් අඩංගුවට ගත්තම හරි. කවුද එහෙම කියන්නේ? මීට කලින් ගෙදර කුලියට ඉඳලා, ගෙදර තියෙන ජනෙල් දොරවල් උළුවහු පවා හොරකම් කරපු පල් හොරුයි උන්ගෙ එහෙයියොයි. හා, එහෙම කොරමු ඈ.
ReplyDeletePS: මගේ alias එක හොරෙන් පාවිච්චි කරලා කුණු කථා කියන ගොනාට මම කියන්නේ, ඔය ආරියතිලක ට නම හරි තැනින් ලියන්ඩ කියල දීපන්.
පචරෙනය හෝදනවා, හෝදනවා, ඒත් මාරම ගඳයි. ඇයි ගල්පචය වලපැත්තෙ වැසිකිලියෙ නේ ඉන්නෙ, ඒකයි
Deleteභාන්ඩාගාර හොරකම ගැන නිවැරදි තොරතුරු දැනගන්න හිටපු ආණ්ඩුකාරවරුන්වන කීර්ති තෙන්නකෝන් සහ මෛත්‍රී ගුනරත්න
ReplyDeleteසමග චමුදිත ඊයෙ කරපු වීඩියෝව බලන්න.
A must watch video!
ReplyDeleteආරියතිලක
පතිරණ ගලප්පත්තිට පිළිතුරක්!
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ ආණ්ඩුවේ කැව්බිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද හේතුවෙන් ද, පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් ද, බටලන්ද කොමිෂන් සභා වාර්ථාව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත. බටලන්ද කොමිෂන් සභා වාර්ථාවේ සමාප්ති නිරීක්ෂණ සටහන් යටතේ ජනතා විමුක්ති පෙරමුණ රජයට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පැහැදිලිව සඳහන් කොට තිබේ. මේ කරුණින් ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී ක්‍රියා කළ බව රාජ්‍ය බලය පැහැර ගැනීමට ත්‍රස්තවාදී ක්‍රිය කළ සංවිධානයක් බව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත.
මෙකරුණින් ආණ්ඩුක්‍ර්ම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථාවේ (1),(2),(3), (4),5, (6) ව්‍යවස්ථා ප්‍රකාරව, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ද එම පක්ෂය ප්‍රධාන දේශපාලන ධාරාව ලෙස නිත්‍යානුකූල බවින් යුතුව ක්‍රියා කරමින් ඇති ජාතික ජන බලවේගය පක්ෂය ද හා ජනතා විමුක්ති පෙරමුණට හා ජාතික ජන බලවේගයට සම්බන්ධ සියලු සංවිධාන , මෙම පක්ෂ දෙකේ ම චංචල නිශ්චල සියලු දේපොළ ද අරමුදල්, බැංකු ගිණුම්, පාර්ලිමේන්තු මන්‍ත්‍රීධූර, පලාත් පාලන මන්ත්‍රී ධූර,
2024 පාර්ලිමේන්තු මැතිවරණ ජාතික ජන බලවේගයේ
නාම යෝජනා පත්‍රය ද, 2025 පාලාත් පාලන මැතිවරණ නාම යෝජනා පත්‍රය (මාලිමාවේ) බල රහිත කිරීම ද, අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ පක්ෂයේ හා ජාතික ජන බලවේගය පක්ෂ දෙකේ ම නායකයා බැවින්, 2024 ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය පක්ෂයේ නාම යෝජනා පත්‍රය බල රහිත කිරීමෙන් ජනාධ්පතිධූරය ද බල රහිත කළ හැක්කේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වන උපලේඛය ප්‍රකාර දිවුරුම ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 ව්‍යවස්ථාව උල්ලංඝනය වීම මත, ජනතා විමුක්ති පෙරමුණෙහි හෝ ජාතික ජන බලවේගය පක්ෂයේ හෝ සාමාජිකත්වය දරණ රාජ්‍ය නිළධාරීන්ගේ රැකියාව් ද බල රහිත කොට රැකියාවෙන් නෙරපා හැරිය හැක. ඔවුන්ගේ චංචල නිශ්චල දේපොළ යම් පමණකට රජසන්තක කළ හැක්කේ ය. එපමණක් ද නොව දණ්ඩ නීති සංග්‍රහයයේ 114,115,116,117,118,119,120,121,122වගන්ති ප්‍රකාරව රාජද්‍රෝහී වරද මත ක්‍රියා කොට 1987/88/89 ජවිපෙ කැරල්ලට සම්බන්ධ වූ ජවිපෙ සාමාජිකයන්ට දඬුවම් කළ හැක. උපරිම මරණීය දණ්ඩනය ද, අවුරුදු 20 ක් දක්වා හිර දඬුවම් ද සියලු දේපොළ රාජ සංතක කිරීමට ද හැකියාව ඇත්තේ ය. අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ 1987/88/89 කැරැල්ලේ සිටිය බව ඔහු විසින් ම වාචිකව කියන ලද බව අප දැක ඇත. එම කැරැල්ලට සම්බන්ධව, දැනට ජීවතුන් අතර සිටින සියලු ජවිපෙ සාමාජිකයන්ට (දැනට පක්ෂයට සම්බන්ධ කම් නැති අයට ද) දණ්ඩ නීති සංග්‍රයේ ඉහත දැක්වූ වගන්ති ප්‍රකාරව නඩු පවරා දඬුවම් කළ හැක.
වත්මන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා වශයෙන්, බලලන් ද කොමිෂන් සභා වාර්ථාව, කැබිනට් මණ්ඩලයේ පිළිගැනීමෙන් ජනාධිපතිවරයා ජවිපෙ දෙවැනි කැරැල්ලේ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව, විවාදයකින් තොරව ඔප්පු කොට හමාර ය. එය අධිකරණයේ දී ඔප්පු කිරීමේ භාරයක් නැත. බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් කියවෙන ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළි ගැනීමෙන් ම එය ඔප්පු කොට හමාර ය. ඒ හේතුවෙන්
157අ ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෝ අභියාචනාධිකරණයේ දී හෝ ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ඔප්පු කිරීමේ භාරය, සැකයකින් තොරව ඔප්පු කිරීමේ භාරයෙන්, ද නිදහස් ය. හෙවත් ජනාධිපතිවරයා හා ඔහුගේ අමාත්‍ය මණ්ඩලය විසින් ජවිපෙ රාජද්‍රෝහී ත්‍රස්ත සංවිධානයක් බව
ඔප්පු කොට දී ඇත.
වත්මන් ජනාධිපතිවරයා රාජද්‍රෝහී ත්‍රස්තවාදී සංවිධානයක නායකත්වය දරමින් ජනාධිපති ධූරය දරන බව මෙකරුණින් ඔප්පු කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් ම ය. ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානය නායකත්වය දරමින් ජනාධිපතිධූරක් දරණ එක ම රට ශ්‍රී ලංකාව බව ද මෙකරුණින් ඉතිහාස ගත වනවා ඇත.
ත්‍රස්තවාදී කල්ලියක විසින් හෝ ත්‍රස්ත කල්ලියක, නායකත්වය දරණ පුද්ගලයෙකු විසින් හෝ එම ත්‍රස්ත කල්ලියේ දර්ශනය අත් නො හැර, කවර කාලයකවත් සාධාරණය කරන ලද බව ලෝක ඉතිහාස ය ඔප්පු කොට නැත.
බොහොම හොඳ පිලිතුරක්. පතිරණ ගලප්පත්ති ඩෝබියා කියන්නෙ කිසිම මූලාශ්‍රිත දැනීමක් හෝ තාර්කික දැනීමක් නැති සල්ලි කීයක් හරි ගන්න බලාගෙනම කමෙන්ට් ලියන එකෙක්. අනුරගෙ ඩෝබි සමුළුවෙන් මේ වෙබ් පිටුවට කමෙන්ට් කරන්න දාපු කුලී ඩෝබිය තමයි මූ.
DeletePick pocket karayata purse eka balaganda deelada? Banku kaduwa apita Maha Bhandagare kajjakda?
Delete