දිට්වා ආපදාවෙන් පූර්ණ නිවාස හානි වූ මහනුවර දිස්ත්‍රික්කයේ ගගවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි පද්ගලයන් 44 දෙනෙක් වෙත ඉඩම් ලබා දීම පසුගියදා කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් හන්තාන ප්‍රදේශයට අයත් ඉඩමකින් මෙම ඉඩම් කට්ටි තෝරා ගෙන ඇති අතර, ඉදිරි මාස හතරක කාලයක් තුළ මෙම ඉඩම්වල නිවාස ඉදි කිරීමට කටයුතු සැළසුම් කර ඇත. ඒ වෙනුවෙන් රජයෙන් ලබා දෙන ලක්ෂ 50 ක වන්දි මුදල වාරික වශයෙන් පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබා දීමට නියමිතය.
මෙහදී අදහස් දැක්වූ ආමාත්‍ය ලාල් කාන්ත මහතා පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ ඉහළ මූල්‍යමය වටිනාකමමක් ඇති හන්තාන වැනි ප්‍රදේශයකින් මෙම පිරිසට ඉඩම් ලැබීම සතුටුවිය හැකි බවත්, නිවාස ඉදි කිරීමේදී අවශ්‍ය පුද්ගලයන්ට ජාතික නිවාස අධිකාරියේ තාක්ෂණ සහාය ද නොමිලේ ලබා දීමට ඉදිරිපත්ව ඇති බවත්ය.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති ඉඩම් ඔප්පු වලට අදාළ දීමනා පත් ලබා දීමේ මෙම අවස්ථාව සදහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, ඊ.එම් බස්නායක ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් සහ මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඇතුළු රජයේ නිලධාරීන් රැසක්ද එක් වූහ.

ගෙදර පලයං තවත් බොරු නොකියා. ඊයෙත් මනුස්සයෙක් ආවා 8500ක් අරන් යන්න කිව්වලු. කාලකන්නි ජවිපාවෝ. කටින් බතල
ReplyDeleteTakaramata 1,000,000 dunnei? ko balanna takaramata 1,000,000 denakal balagena hitapu JVP set eka????
ReplyDelete