හිටපු ඇමති චොකා මල්ලි පිස්තෝලයක් සමග අත්අඩංගුවට..


 රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා නුවරඑලියෙදි බලපත්‍රයක් නොමැති පිස්තෝලයක් සමග නුවරඑලිය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් විසින් (21) දින සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑලිය පොලිසිය පැවසීය.

ප්‍රේමලාල් ජයසේකර මහතා පවුලේ ඥාතීන් සමග නුවරඑලිය ප්‍රදේශයට පැමිණ ඇති බවත්, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් නුවරඑලියේ සංචාරයක් සදහා පැමිණි පිරිසක් සමග ඇති වුයේ යැයි කියන බහින් බස්වීමක් දුරදිග යෑමේන් පසු ප්‍රේමලාල් ජයසේකර මහතා සිය අතැති පිස්තෝලය පෙන්වා එම පිරිසට තර්ජනය කල බවට නුවරඑලිය පොලිසියට ලද පැමිණිල්ලක් මත ජයසේකර මහතාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රේමලාල් ජයසේකර මහතා සතුව තිබි අත්අඩංගුවට ගත් පිස්තෝලයට ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබූ බලපත්‍රය 2025 වසරෙන් කල් ඉකුත් වී ඇති බවත්, සැකකරු නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නුවරඑලිය පොලිසිය පැවසීය.

රංජිත් රාජපක්ෂ

4 Comments

  1. හිටපු රජයක් එක්ක එකතුවෙලා අපේ ගම හූරන් කාපු එකෙක්... අහින්සක මිනිස්සුන් ගේ රජයේ ඉඩම් වල හොරොන් මැනික් ගරපු මීනී මරුවෙක්...
    හිටපු ජනදිපති කෙනෙක් රටට දීපු පිලිලයක්.... සාප වේවා....

    ReplyDelete
  2. මූ නම් උල තැබීමට සුදුසුයි.

    ReplyDelete
Previous Post Next Post