ගල් අගුරු ගැන විඝණකාධිපති වාර්තාව වැරදියි.. මේ බලන්න කලිදු..- ඇමති වසන්ත

 


2025-2026 වර්ෂ සඳහා වූ ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කර ඇති වාර්තාවේ ඇතැම් කරුණු දෝෂ සහගත බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

දෙරණ "360" වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය තුළ කිසිදු වංචාවක් සිදුව නොමැති බව රජයේ ස්ථාවරය බවයි.

විගණකාධිපති වාර්තාවේ පෙන්වා දී ඇති අඩුපාඩු පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ලංසු කැඳවීමේ දැන්වීම පළ කරන අවස්ථාව වන විට සමාගම් ලියාපදිංචි වී තිබිය යුතු බවට වන කොන්දේසිය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ගෙන ඇති නිගමනය වැරදි බවයි.

ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද ලිපියකට අනුව, ලංසු ඉදිරිපත් කරන අවස්ථාව වන විට ලියාපදිංචිය සම්පූර්ණ කර තිබීම ප්‍රමාණවත් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විගණකාධිපතිවරිය මෙම අභ්‍යන්තර ලේඛන පරිශීලනය නොකිරීම හේතුවෙන් වාර්තාවේ ඇතැම් කොටස් මෙලෙස වැරදි සහගත ලෙස සටහන් වී ඇති බව ඔහු පැවසීය.

මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන කතිකාවත හමුවේ, විෂය භාර අමාත්‍යවරයා සහ ලේකම්වරයා සිය ධුරවලින් ඉල්ලා අස්වූයේ කිසිදු වංචාවක් සිදු වී ඇති නිසා නොව, ස්වාධීන පරීක්ෂණයකට ඉඩ සැලසීම සඳහා බව සමරසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේගයේ රජය වංචාව සහ දූෂණය සම්බන්ධයෙන් සීරෝ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත්, ඉදිරියේදී සිදුකරන විමර්ශන මගින් සත්‍ය තත්ත්වය හෙළිදරව් වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ගල්අඟුරු ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් අතීතයේ සිට පැවති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳවද කරුණු දැක්වූ අමාත්‍යවරයා, වත්මන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිවැරදි ක්‍රමවේදයන්ට අනුකූලව සිදුකර ඇති බවත්, කිසිදු පෞද්ගලික වාසියක් හෝ වංචාවක් මෙහි සිදු වී නොමැති බවත් අවධාරණය කළේය

10 Comments

  1. තොපි ඔක්කොම කොහොමත් හොරු

    ReplyDelete
    Replies
    1. Ha machan..Bayyo thama hoda

      Delete
    2. බයියෝ හොඳ නැති නිසානේ බං උඹලා මේ දෙයියෝ ගෙනාවේ බලන් ගියාම උඹලගේ දෙයියෝ කම්බා හොරුනේ 😀

      Delete
  2. විගනකාදිපති ටත් අබියෝග කරන්වා. හොරු 160.මහ හොරා මීක් නෑ. වැඩක් කරල හොරා කෑවනම් දුක නෑ. සත 5ක වැඩක් කරේ නෑ. හැකියාව නෑ. කෝටි ගනන් වියදම් කරල හදපු හොඩනැගිලි පින්තාරු කරනවා කසි කබල් බාල බඩු දාලා. බාල ගල් අගුරු වගේ බාල වැඩ. ගෙදර යනු බැරි නම්.

    ReplyDelete
    Replies
    1. සිරාවට, බාල බඩු දාලා ඒවා කැඩුනම කඩාකප්පල් කරනව කියලා බොරු නාට්‍ය පෙන්නනවා. ටැප් එකක් වගේ නම් කැඩුව කියමුකෝ අර සිමෙන්ති බැමිත් කැඩිලා සමහර තැන්වල හදලා සතියක් යන්න කළින්.

      Delete
  3. මේ පර බල්ලන්ට හයියෙන් බුරන්න විතරක් පුලුවන්. බල්ලන්ට විතරවත් වැඩක් කරන්න හැකියාවක් නැහැ.

    ReplyDelete
  4. ඔය කෙළින්පේ බලාගෙන හිටියට පේන්නේ වෙන report එකක් වෙන්න බැරිද

    ReplyDelete
  5. පවර දොංසේතංට ඉංගිරිසි කියවගන්න බෑ. හැබැයි පපයා වගේ තටමනවා.

    ReplyDelete
  6. විහණකාධිපතිවරයා කවදත් අවසන් වාර්තාව නිකුත්කිරීමට

    ReplyDelete
  7. ආරියතිලක

    නවීන නවීනත ම ගජබින්න අලංකාරයකට මඟ..

    පෙර මෙරට
    ගජබින්න අලංකාරය නම් කවි පොතක් තිබූ බවත් දැනට එය භාවිතා කිරීමට එකදු පිටපතක් නැති බව ඇතැමෙක් කියත්. ඇතැමෙක් එහි පිටපතක් නො නැසී ඇතැයි කියත්. පසු කලක නවීන ගජබින්න අලංකාරය නමින් කවි පොතක් පළ වී ඇති බව ද කියති. කෙසේ වෙතත් බින්න යනු පාලියෙන්, මාගධි භාෂාවෙන් සිංහලයට බිඳී ආවකි.භින්න යනු බිඳුනු බවයි. බිඳුනු හා බිඳෙන දේ ස්ථාවර නැත. සිංහල ව්‍යවහාරයේ බින්න යන වදන බොරුව හැදින්වීමට යොදයි. බොරුවේ ස්ථාවර බවක් නැත. සථීර බව ඇත්තේ සත්‍යයේ පමණ ය. වචනයේ බිඳුනු බව බින්න වචනය යි. එනම් බොරුවය ය. මහත් වූ බොරුව ගජ බින්න ය.

    පැරණි ගජ බින්න අලංකාරය නැමැති පොත නො තිබුණාට කම් නැත; දැන් ඒ අඩුව පිරවීමට පොටක් පෑදී ඇත; ඒ නවීන නවීනත ම ගජබින්න අලංකාරයක් කිරීමට සුදුසු කම් වර්තමානයේ හොඳින් සැපිරීමක් ඇති නිසා ය. ඒ "නවීන නවීනත ම ගජබින්න අලංකාරයේ" මාතෘකා වන
    කරුණු ලෙස, බොරුව පාදක කොට ගත්ත ද, අත්තේ ඇත්ත ය. ඒ කෙසේ ද? වත්මන් ජනාධිපතිවයා විසින් 2024 ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කියන ලද කතා, දෙන ලද පොරුන්දු හා ජනාධිපති වීමෙන් පසු පාර්ලිමේන්තුවේ කරන ලද ඇතැම් ප්‍රකාශ හා පොරුන්දු ලෝකයේ දේශපාලන නායකයෙකු විසින් එතෙක් මෙතෙක් කියන ලද ලොකුම බොරු තොගය පාදක කොට ගෙන "නවීන නවීනත ම ගජබින්න අලංකාරය" ලෙස කාව්‍යයක් හෝ ගතක් නිපදවිය හැකි ය. මෙය දේශපාලඥයෙකුගේ බොරුවේ කූඨප්‍රාප්තිය අලලා කරන හොඳ නිර්මාණයක් ද වේවි. මෙකරුණින් ජාතික ජන බලවේගය පක්ෂය ද බොරුව පිළිබඳ ඉතිහාස ගත වනවා ඇත.

    "හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් කිහිපයක රුපියල් කෝටි 93,000ක මුදලක් පවතින බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ වාර්තා පලවෙමින් ඇත" යයි කියන කරුණ ද "නවීන නවීනත ම ගජබින්න අලංකාරය" ට ගත හැකි විශිෂ්ට ගජ බින්නයක් ද යන්න සොයා බැලිය යුතු ය.

    කරුමෙක මහත! ඇත්තක් කිව්වත් වත්මන් ජනාධිපතිවරයාගේ හා ජාතික ජන බලවේගය (ජවිපෙ) විශ්වාස කිරීමට බැරි ලෙස බොරු කීමෙන් කප් ගසා ඇති බැවින් මොවුන්ගේ ප්‍රකාශ අතිශයින් ම විශ්වාස කළ නො හැකි බව අපගේ වරදක් නො වේ. ලෝක දේශපාලන ඉතිහාසයේ මෙතරම් බොරු කියන ලද, දේශපාලන පක්ෂ නායකයෙක් හෝ දේශපලන පක්ෂයක්, වත්මන් ජනාධිපතිවරයා හා ජාතික ජන බලවේගය පක්ෂය තරම් නැති බව ද නො කියා ම බැරි ය.

    ReplyDelete
Previous Post Next Post