කිසිම රස්සාවක් නොකල ලාල් කාන්ත දැවැන්ත ගෙයක් හැදුවේ කොහොමද..- අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

 


කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග ඇමැති කේ. ඩී. ලාල්කාන්ත මහතාට අයත් කඩුවෙල ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නව නිවස සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ‘අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයකු ලෙස කිසිම රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකර පූර්ණකාලීනව දේශපාලනයේ නිරත වී රට වෙනුවෙන් සේවය කරන අතරතුර මෙවැනි සුඛෝපභෝගී නිවසක් සතුකර ගැනීම, අයථා මුදල් ගනුදෙනුවලින් උපයා ගත් දේපළක් ද නැතහොත් සත්‍ය වශයෙන්ම ඔහුගේ සාධාරණ වත්කම්, දේපළ මත ලැබූවක් ද යන්න සැක සහිත බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙසත් මෙම දේපළ අල්ලස් කොමිසමට වාර්ෂිකව ලබා දිය යුතු වත්කම් බැරකම් ප්‍රකාශවල සටහන් කර තිබේ දැයි ප්‍රකාශ කරන ලෙසත් පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.

අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති, ජාමුනි කමන්ත තුෂාර මහතා විසින් අල්ලස් කොමිෂන් සභාව වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබීය.

සුජීව තත්සර

7 Comments

  1. දැන් CID යන එක නවත්තල අල්ලස් කොමිසමට යන්න පටන් අරන්

    ReplyDelete
    Replies
    1. CID එකට ගියත් අල්ලස් කොමිසමට ගියත් එකම ප්‍රතිථලය. ලාලා නිදහස්.

      අල්ලස් කොමිසමට පැමිණිල්ලක් දාපුහම අඩුගනනේ ඊළඟ ආණ්ඩුවෙන් හරි හොයල බලයිනෙ.

      Delete
  2. ජවිපාවුන් හෙන පෝසත්තු. 76 අවුරුද්දක් කරේ රට ගිනි තියල මිනී මරපු එක. මිනිස්සුන්ගෙන් මංකොල්ල කාපු සල්ලියි බැන්කු කඩල හොරා ගත්ත සල්ලියි නාන්න තියෙනවා මුන්ට. වලං ශානි. කප්පම් අරන් පෝසත්

    ReplyDelete
  3. Irisiyawa honda natha.

    ReplyDelete
    Replies
    1. ඊරිසියාව නෙවේ පිම්පියෝ ජෙප්පො නෙමේ මොකා උනත් හොරකම් කරන්නේ මහජන මුදල්.

      Delete
    2. රාජපක්ෂ දේපළ වත්කම් හොර ඵ්වා වෙලා ජෙප්පන්ගේ දේපළ වත්කම් සමාජ සංවර්ධන වෙලා.බයිලා තමයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

      Delete
    3. ඉරිසියාවෙන් පැලුණු ජෙප්පන්ට රිටන් ලැබෙමින් පවතී.

      Delete
Previous Post Next Post