මල් පෝච්චිවල ගංජා පැල දෙකක් සමග අයෙක් අත්අඩංගුවට..


 දිඹුල පතන පොලිස්වසමට අයත් බෝගහවත්ත මහවැලිගම වීරපුර ජනපදයේ නිවසක ඉදි කරමින් පවතින කාමරයක ඉතා සුක්ෂම ලෙස මල් පෝච්චිවල වගා කර තිබූ ගංජා ගස් දෙකක් සමග එම ගංජා වල සැකකරු දිඹුල පතන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මල් පෝච්චිවල ගංජා වගා කරන බවට ලද තොරතුරක් මත දිඹුල පතන පොලිසියේ නිළධාරින් වැටලීමක් කර ගංජා ගස් දෙක සහ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ගංජා පැල අඩි 5-6ත් අතර උසකට වැවී තිබූ බවත්, සැකකරු අවුරුදු 37ක පුද්ගලයෙකු වන අතර, එම සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුල පතන පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

රංජිත් රාජපක්ෂ

1 Comments

  1. Sooriyakanda ganja pala වලට මොකද උනේ.

    ReplyDelete
Previous Post Next Post