බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජයට පත් වුවද, ඔහු දරන අමාත්‍ය ධුරයෙන් ඔහුව ඉවත් කිරීමට අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
බාල ගල් අඟුරු මෙරටට ගෙන්වීම හරහා රජයට මූල්‍ය අලාභයක් සිදු කිරීම ඇතුළු චෝදනා රැසක් අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී තිබේ.
මෙම චෝදනා හමුවේ අමාත්‍යවරයා තවදුරටත් තනතුරේ රඳවා තබා ගැනීම ආණ්ඩුවේ පැවැත්මට අහිතකර ලෙස බලපානු ඇති බවට පාලක පක්ෂයේ අභ්‍යන්තර පාර්ශ්වයන් රජයට කරුණු පෙන්වා දී ඇත.
පසුගියදා අශෝක රන්වල කථානායකවරයා සම්බන්ධයෙන් ගත් තීරණය මෙන්, මෙහිදීද කඩිනම් පියවරක් ගැනීම හරහා ආණ්ඩුවේ ප්‍රතිරූපය රැකගත යුතු බව එම පාර්ශ්වයන්ගේ අදහසයි.
පැලවත්ත පක්ෂ මූලස්ථානයේදී පසුගිය දිනවල පැවැති සාකච්ඡාවලදී ද මෙම ඉල්ලීම අවධාරණය වී ඇති අතර, අමාත්‍යවරයාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් දිගින් දිගටම පිළිතුරු දීමට සිදුවීම බරපතළ ගැටලුවක් බව රජයේ ප්‍රබල අමාත්‍යවරයකු එහිදී ප්‍රකාශ කර ඇත.
සිංහල අලුත් අවුරුද්දෙන් පසුව සිදු කිරීමට නියමිත කැබිනට් සංශෝධනයේදී මෙම විෂය පථයේ වෙනසක් සිදුවනු ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
නොරොච්චෝල ලක්විජය බලාගාරයට බාල ගල් අඟුරු සැපයීමේ ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ බරපතළ අක්‍රමිකතා සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විශේෂ විගණන වාර්තාවකින් ද තහවුරු වී තිබේ

අස්කලාම හොරාකාපු සල්ලි භාණ්ඩාගාරයට ලැබෙනවාද ?
ReplyDeleteඒ කාලේ අස්කරෙත් නෑ,අස් උනෙත් නෑ, හොරා කෑවෙත් නෑ. ඒක මරු
Deleteඒකනෙ ඇට්ටිම්බෝ මිනිස්සු මේ පචයෝ
ReplyDeleteබලයට ගෙනාවේ.
ඔව් බ්‍රො, අර උඩ ඩෝබියාට ගැළපෙනම නම තමයි ඔබ දාලා තියෙන්නේ.
Delete"ආණ්ඩුවේ ප්‍රතිරූපය රැකගත යුතු බව". .... ආන්ඩුවේ ප්රරතිරූපයක් තිබ්බද රැක ගන්න?
ReplyDeleteකුමාර ජයකොඩි වහාම අගමැති කරමු!
ReplyDeleteතමන්ට නිර්මාණාත්මක නමක් දා ගන්ඩ බැරි මේ අපතයා මගේ නමින් කමෙන්ට් කරලා. ඔව් මමත් හැබැයි එකඟයි ඔහුව අගමැති කරනවට, නිසි පරීක්ෂණයකින් පසු ඔහුගේ නිවැරදිතාවය තහවුරු වූ පසු, සියලු අවලාද වලට පැහැදිලි පිළිතුරු ලබා දුන් පසු. කොහොමත් මීළඟ රාජ්‍ය නායකත්වය ලැබිය යුත්තේ වත්මන් අගමැති තුමියට. එතුමියගෙන් පසු අග්‍රාමාත්‍ය ධූරයට ගැලපෙන පුද්ගලයෙක් තමයි මේ.
Deleteරනිල් වික්‍රමසිංහ මැතිතුමා නම් විශ්වාස භංගයෙන් දිනුව කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිකමෙන් අයින් කරලා.... නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්න... ඔහු සිරගත කලේ රනිල් වික්‍රමසිංහ ජනපති කාලෙමයි...
ReplyDeleteරනිල් වික්‍රමසිංහ මැතිතුමා නම් විශ්වාස භංගයෙන් දිනුව කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිකමෙන් අයින් කරලා.... නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්න... ඔහු සිරගත කලේ රනිල් වික්‍රමසිංහ ජනපති කාලෙමයි...
ReplyDeleteමේකා අනුර කුමාරගේ ලොලු කොල්ලා බොලව් ... විලි සංගයක් නැති අසහනකාරයෝ ... බලපන් අර අනුර එක්කාකේ ලෝලු දාද්ලම තොල් ... දැන් අවුල් හොඳටම ...
ReplyDeleteකන්ටේනර් හොරකම වෙනකොට රේගුව බාරව හිටපු ඇමති වරයා කවුද ?
ReplyDelete