රනිල්ගේ පලපුරුද්දෙන් ප‍්‍රයෝජන නොගත්තොත් ලංකාව අනිවාර්යෙන්ම යටත් විජිතයක් වෙනවා..

 


මේ මොහොතේ රනිල්ගේ දේශපාලන ආර්ථික සහ ජාත්‍යන්තර පලපුරුද්දෙන් ප්‍රයෝජන නොගත්තොත් ලංකාව අනිවාර්යයෙන්ම යටත් විජිතයක් බවට පත්වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

අවශ්‍ය කරන්නේ විරුද්ධ පක්ෂයක් ලෙස උද්ඝෝෂණය කිරීම නොවන බව කී වජිර අබේවර්ධන මහතා  බිමට වට්ටන රට ගොඩ නැගීම සඳහා දැන් විපක්ෂයක් අවශ්‍ය කර තිබෙන බව සඳහන් කළේය.

එජාප සභාපතිවරයා මේ බව කීවේ ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුව අමතමිනි.

මහජනතාව  සිංහල දෙමළ අවුරුද්ද සැමරීමට කෙසේ හෝ ක්‍රියා කර ති‍බෙනවා. ඒක වැදගත් දෙයක් හැටියටයි අපි දකින්නේ. අපේ චාරිත්‍ර වාරිත්‍ර, අපේ සංස්කෘතිය ආරක්ෂා කිරීම ඉතාම වැදගත්. මොන පීඩනයක් මැද්දේ හරි මහජනයා ඒ පණිවිඩය රජයට ලබා දී තිබෙනවා

ඒ කියන්නේ රජය සංස්කෘතික කටයුතු සහ ආගමික කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා නොකළත් රජයට මහජන වටිනාකම් පාලනය කිරීමට බැහැ. මහජනයා  කණකර උකස් තියලා හරි අවුරුදු සැමරුම් සිදු කරනවා

එය ශ්‍රී ලාංකිකයන් හැටියට ඉතාම ආඩම්බර වෙන්න ඕන අවස්ථාවක් යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා කීය.

Lankadeepa

3 Comments

  1. අනේ ගොබ්බ වජිරයෝ, රනිල්ට වඩා හොඳ කවිරුවත් ලංකාවෙ නැද්ද? රනිල්ට 70 පනින කල් මොළයක් තිබුණෙ නැද්ද? රනිල් ඇමරිකන් රූකඩයක් ( යැංකි ඩිකීගේ බෑණා). උඔලා හදන්නේ රනිල්ගේ කර පිටින් පාර්ලිමේන්තු එන්නයි. හරියට අනුරගේ කර පිටින් 159 ක් පාර්ලිමේන්තු ආවා වගේ.

    ReplyDelete
  2. උබලට වඩා යටත් විජිතයක් වෙන එකම තමයි හොඳ.

    ReplyDelete
  3. ලංකාවේ ප්‍රජතන්තරවාදී දේශපාලනයට ලොකුම විනාශය කලේ රනිල් වික්‍රමසිංහයි. පසුගිය වසර 30ක පමණ කාලය පුරාවට දිගින් දිගටම චන්ද පැරදී පැරදී UNP එකේ නායකත්වයේ එල්ලී සිටිමින් එම පක්ෂයට අලුත් නායකත්වයක් බිහිවෙන්න නොදී පකෂය මිනිස්සුන්ට එපාම කරවූ පුද්ගලයා තමයි උඹ මේ වර්ණනා කරන්නේ.

    එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් පක්ෂයක් ලෙස 2015 මැතිවරණයට ඉදිරිපත් වුනා නම් ඉතිහාසය මිට වඩා හුඟක් වෙනස් විදියට ලියවෙන්න තිබුනා.

    දැන් වත් උඹේ ඔය පන්දම් පාලිය නවත්වලා, උඹේ මහා එකාත් එකක්ම දේශපාලනයෙන් තොලොංචි වෙලා පලයන්.

    එක තමා උඹට මේ වෙලාවේ රටට කරන්න තියන හොඳම සේවය.

    ReplyDelete
Previous Post Next Post