පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සාකච්චාවක්...?

 


වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ආණ්ඩුව තුළ රහසිගත සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු කැබිනට් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අනාවරණය කරයි.

පැලවත්ත සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන්ට ලැබී ඇති තොරතුරු අනුව, ජනාධිපතිවරයාගේ කුස්සි කැබිනෙට්ටුව නියෝජනය කරන දැවැන්ත ව්‍යාපාරිකයින් සහ උපදේශකයින් පිරිසක් අතර මෙම සාකච්ඡාව සිදුව ඇති බව ඒ මහතා පවසයි.

ගම්මන්පිල මහතා පවසන පරිදි, ආණ්ඩුව බලයට පත්ව වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ බරපතල ලෙස කුණු වී ඇති අතර, අත්දැකීම් නොමැති කණ්ඩායමක් සමඟ රට කරගෙන යාම ජනාධිපතිවරයාට ගැටලුවක් වී ඇත

විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය වැනි වැදගත් තනතුරු පිරවීමට සුදුසු පිරිසක් නොමැති වීමත්, ආණ්ඩුවේ ඡන්ද පදනම සීඝ්‍රයෙන් පහත වැටීමත් මෙයට ප්‍රධාන හේතු වී තිබේ.

මෙහිදී ආණ්ඩුව 2001 වසරේ එවකට සිටි චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය අනුගමනය කළ උපාය මාර්ගයම ක්‍රියාත්මක කිරීමට සැරසෙන බව හිටපු ඇමතිවරයා සිය අන්තර්ජාල නාලිකාවේ සාකච්චාවකට එක්වෙමින් පෙන්වා දෙයි.

එනම්, පාර්ලිමේන්තුව විසුරුවා හැර බලය විපක්ෂයට ලබා දී, ජනාධිපතිවරයා සතු විධායක බලතල සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය යොදා ගනිමින් විපක්ෂයේ ආණ්ඩුව කඩාකප්පල් කිරීමයි.

එමගින් ජනතාවට විපක්ෂය එපා කරවා නැවත බලය ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වසර දෙකහමාරක් ගතවන තුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් නොමැත

ඒ අනුව, වත්මන් 17 වන පාර්ලිමේන්තුව ප්‍රථම වරට රැස්වූ 2024 නොවැම්බර් 21 වන දින සිට වසර දෙකහමාරක් සම්පූර්ණ වන 2027 මැයි මස 21 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවලදී අවධානය යොමු වී ඇති බව ගම්මන්පිල මහතා අනාවරණය කළේය.

එසේ නොකළහොත් ජාතික ජන බලවේගය සම්පූර්ණයෙන්ම දේශපාලනිකව හේදී යාමට ඉඩ ඇති බවට ඔවුන් බිය වී සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

4 Comments

  1. මේ සූත්තර පුංචා රටේ නැති දේවල් කියලා කියල. වෙන කරන්න දෙයක් නැති උනාම, පාර්ලිමේන්තුව විසුරුවන කතාවක් කියනව.

    ReplyDelete
  2. හොරකම් කරපු හැම සතයක්ම ගෙවලා ආන්ඩුව විසුරවපන්.

    ReplyDelete
  3. මුන් පාර්ලිමේන්තුව විසුරුවන්නෙ නැහැ. ඒක නම් අනිවාර්යයි. එහෙම කරොත් ඔක්කොම හිරේ බව දන්නවනේ.
    සාක්ශි එක්ක හොරකම් මාට්‍ටු වෙලා තියෙන්නෙ. ඒක නිසා පුලුවන් තරම් අල්ලගෙන ඉන්න තමයි බලන්නෙ.

    ReplyDelete
  4. වැඩක් වෙන්නෙ නැහැ. මාලිමා පරයෝ ලක්ශයක් මරලා හරි බලයේ ඉන්නයි බලන්නේ. ඒක නිසා ඔය ගොන් හැත්ත එහෙම එලවන්න වෙන්නෙ නැහැ. ඡන්දයක් තිබීමත් විශ්වාස කරන්න අමාරුයි. පළාත් සභා තිබ්බෙ නැති වුන් පාර්ලිමේන්තුව කීයටවත් විසුරුවන එකක් නැහැ. මිනිස්සුන්ගේ මතය මාලිමා ත්‍රස්ථවාදීන්ට අදාලම නැහැ.

    ReplyDelete
Previous Post Next Post