පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සාකච්චාවක්...?

 


වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ආණ්ඩුව තුළ රහසිගත සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු කැබිනට් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අනාවරණය කරයි.

පැලවත්ත සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන්ට ලැබී ඇති තොරතුරු අනුව, ජනාධිපතිවරයාගේ කුස්සි කැබිනෙට්ටුව නියෝජනය කරන දැවැන්ත ව්‍යාපාරිකයින් සහ උපදේශකයින් පිරිසක් අතර මෙම සාකච්ඡාව සිදුව ඇති බව ඒ මහතා පවසයි.

ගම්මන්පිල මහතා පවසන පරිදි, ආණ්ඩුව බලයට පත්ව වසර එකහමාරක් වැනි කෙටි කාලයක් තුළ බරපතල ලෙස කුණු වී ඇති අතර, අත්දැකීම් නොමැති කණ්ඩායමක් සමඟ රට කරගෙන යාම ජනාධිපතිවරයාට ගැටලුවක් වී ඇත

විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය වැනි වැදගත් තනතුරු පිරවීමට සුදුසු පිරිසක් නොමැති වීමත්, ආණ්ඩුවේ ඡන්ද පදනම සීඝ්‍රයෙන් පහත වැටීමත් මෙයට ප්‍රධාන හේතු වී තිබේ.

මෙහිදී ආණ්ඩුව 2001 වසරේ එවකට සිටි චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය අනුගමනය කළ උපාය මාර්ගයම ක්‍රියාත්මක කිරීමට සැරසෙන බව හිටපු ඇමතිවරයා සිය අන්තර්ජාල නාලිකාවේ සාකච්චාවකට එක්වෙමින් පෙන්වා දෙයි.

එනම්, පාර්ලිමේන්තුව විසුරුවා හැර බලය විපක්ෂයට ලබා දී, ජනාධිපතිවරයා සතු විධායක බලතල සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය යොදා ගනිමින් විපක්ෂයේ ආණ්ඩුව කඩාකප්පල් කිරීමයි.

එමගින් ජනතාවට විපක්ෂය එපා කරවා නැවත බලය ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වසර දෙකහමාරක් ගතවන තුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් නොමැත

ඒ අනුව, වත්මන් 17 වන පාර්ලිමේන්තුව ප්‍රථම වරට රැස්වූ 2024 නොවැම්බර් 21 වන දින සිට වසර දෙකහමාරක් සම්පූර්ණ වන 2027 මැයි මස 21 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ආණ්ඩුවේ අභ්‍යන්තර සාකච්ඡාවලදී අවධානය යොමු වී ඇති බව ගම්මන්පිල මහතා අනාවරණය කළේය.

එසේ නොකළහොත් ජාතික ජන බලවේගය සම්පූර්ණයෙන්ම දේශපාලනිකව හේදී යාමට ඉඩ ඇති බවට ඔවුන් බිය වී සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

13 Comments

  1. මේ සූත්තර පුංචා රටේ නැති දේවල් කියලා කියල. වෙන කරන්න දෙයක් නැති උනාම, පාර්ලිමේන්තුව විසුරුවන කතාවක් කියනව.

    ReplyDelete
  2. හොරකම් කරපු හැම සතයක්ම ගෙවලා ආන්ඩුව විසුරවපන්.

    ReplyDelete
  3. මුන් පාර්ලිමේන්තුව විසුරුවන්නෙ නැහැ. ඒක නම් අනිවාර්යයි. එහෙම කරොත් ඔක්කොම හිරේ බව දන්නවනේ.
    සාක්ශි එක්ක හොරකම් මාට්‍ටු වෙලා තියෙන්නෙ. ඒක නිසා පුලුවන් තරම් අල්ලගෙන ඉන්න තමයි බලන්නෙ.

    ReplyDelete
    Replies
    1. කරපු හොරකම් ගොඩයි.. සිල් රෙදි හොරකම, සුදු ලුනු හොරකම, බාල පැට්රෝල් හොරකම බාල ගැස් හොරකම බදු හොරකම් ටයිල් හොරකම් සිනි බදු වංචා හොරකම ආණ්ඩුව විසුරැවොත් ඒවා ඔක්කොම මාට්ටු වෙලා අනුරයා හිරේ යනවා‍‍‍‍‍‍

      Delete
  4. වැඩක් වෙන්නෙ නැහැ. මාලිමා පරයෝ ලක්ශයක් මරලා හරි බලයේ ඉන්නයි බලන්නේ. ඒක නිසා ඔය ගොන් හැත්ත එහෙම එලවන්න වෙන්නෙ නැහැ. ඡන්දයක් තිබීමත් විශ්වාස කරන්න අමාරුයි. පළාත් සභා තිබ්බෙ නැති වුන් පාර්ලිමේන්තුව කීයටවත් විසුරුවන එකක් නැහැ. මිනිස්සුන්ගේ මතය මාලිමා ත්‍රස්ථවාදීන්ට අදාලම නැහැ.

    ReplyDelete
    Replies
    1. අනිවා බෙුා් පාස්කු වගේ ගෙමක් දෙනන් බැරි නැ

      Delete
  5. මේ ගොම්මන් පිල්ලට හොල්මන් වැහිලද?

    ReplyDelete
  6. Dawal Heena Dakinnath Aythiyak thiyenawa... Muge mole passa patthe atthe...

    ReplyDelete
  7. පාර්ලිමේන්තුව විසුරවන්න මේ අය කොහොමටවත් කැමති වෙන්නේ නැහැ. එය ඔවුන්ට මුහුණ දිය හැකි විකල්පයක් නොවෙයි. හැබැයි ඔවුන් ඔවුන්ගේම සිත් වලින් දහස් වාරයක් සිතනවා ඇති, අනේ අපි මේ වෙලාවේ විපක්ෂයේ සිටියානම් කොහොම නැටුමක් නටන්න තිබුනාද කියා. කොපමණ මුදලක් කප්පම් වලින් ගන්න තිබුනාද කියා.

    නමුත් අනපේක්ෂිත විදියට ආණ්ඩු බලය ලැබීමේ කරුමයට කරගහන්න සිද්ද වුනා.

    දැන් එකෙත් රහ දැනිගෙන යනවා. ඒ නිසා යමක් කමක් හරි හම්බ කරනකන් මේ ඉල්ලම අත අරින්නත් බැහැ එත් ආණ්ඩුවක් කරනවා කියන එකත් ලේසි වැඩක් නොවෙයි.

    හදිස්සියේ කලබල වෙලා මහා භාණ්ඩාගාරයේ අවුල හැකර් වරුන්ගේ වැඩක් කියලා කට ඉස්සර කරගෙන මහා විනාසයක් කරගත්තේ , විශේෂයෙන් ම ජාත්‍යන්තර වශයෙන්. දැන් ලෝකයේ පරිගණක විශේෂග්‍යින් ලංකාවේ බැංකු ක්‍රමය විශ්ලේෂණය කරන්න පටන් ගන්නවා. එතකොට මෙමෙ සිද්දියේ සැබෑ වරදකරුවන් ලෝක ප්‍රජාව හමුවේ එළිදරව් වෙනවා.

    එයට අමතරව තව මොන මොන දේවල් එලියට එයිද කියන්න බැහැ .

    මේවට තමයි කියන්නේ අර මෝඩයා මොනවාද හත් පොලේ ගා ගන්නවා කියලා.

    ReplyDelete
  8. මේ හෝදන හේදි hedili වලට කොහොමත් මේ පච ආණ්ඩුව ඉවර වෙලා යනවා. සහතිකයි හොදේ.

    ReplyDelete
    Replies
    1. අපරාදේ බැසිල් රටින් පැනලා ගියේ තව පෝය දෙකයි යන්නේ‍‍

      Delete
  9. ගෙදර යන්න් නම්බුන්පිටින් ජනතාව ගහල එලවන්න කලින්.බොරු කිව්වා.හොරකම් කරා.තම්බීන්ට කොඉටි ගන දීලා හදපු ගොඩනැගිලි පින්තාරු කරා විතරයි. සත පහක දැනෙන සංවර්දනය ක් කරේ නෑ. මහින්ද මහ්ත්තයාට බනින එක විතරයි. ආයෙ මහින්ද හොරා කිව්වොත් නඩු දාපල්ලා.

    ReplyDelete
    Replies
    1. ඩේසි අච්චියි මහින්දයි අතරේ වැඩි වෙනසක් නැ දැන්

      Delete
Previous Post Next Post