ඇමරිකාවේ මිල අධිකම ගුවන් යානාවක් ඉරානය අසලදී අතුරුදන්.. ප‍්‍රහාරයක් යයි සැක..

 


අමෙරිකානු නාවික හමුදාව සතු වඩාත් දියුණු සහ මිල අධිකම ගුවන් යානයක් ලෙස සැලකෙන MQ-4C Triton වර්ගයේ ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානයක් (09) හෝර්මුස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කරමින් සිටියදී අතුරුදහන් වී තිබේ.

පර්සියානු බොක්ක ආශ්‍රිතව පැය තුනක ඔත්තු බැලීමේ මෙහෙයුමක් අවසන් කර ඉතාලියේ සිගොනෙල්ලා නාවික කඳවුර බලා යළි ගමන් කරමින් සිටියදී මෙම යානය හදිසියේම ඉරානය දෙසට හැරී ඇති බව ගුවන් ගමන් දත්ත වාර්තා කරයි.

එම අවස්ථාවේදීම යානය විසින් සාමාන්‍ය හදිසි තත්ත්වයක් සන්නිවේදනය කරන ‘Code 7700’ සංඥාව නිකුත් කර ඇත,.

අඩි 50,000ක් ඉහළ අහසේ පියාසර කරමින් තිබූ මෙම යානය හදිසියේම පහතට බැසීමට පටන් ගෙන ඇති අතර ඉන් සුළු වේලාවකට පසු රේඩාර් තිරවලින් මැකී ගොස් තිබේ.

මෙම යානය අනතුරට ලක්වූයේද නැතහොත් වෙඩි තබා බිම හෙළුවේද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැත.

කලාපීය වශයෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් පවතින අවස්ථාවක මෙම සිදුවීම වාර්තා වන අතර, විශේෂයෙන්ම ඉරානය සහ අමෙරිකාව අතර සති දෙකක සටන් විරාමයක් සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට එකඟතාවයකට පැමිණි විගසම මෙම අනතුර සිදුවීම විශේෂත්වයකි.

මෙය අමෙරිකානු නාවික හමුදාව සතු වඩාත් දියුණුම නිරීක්ෂණ යානයකි. එය මුහුදු සීමාවන්හි බුද්ධි තොරතුරු රැස් කිරීම සහ ඔත්තු බැලීමේ මෙහෙයුම් (ISR) සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇත.

එකදිගට පැය 24කට වඩා වැඩි කාලයක් අඩි 50,000කට වඩා වැඩි උසකින් පියාසර කිරීමේ හැකියාව පවතී. විශාල ප්‍රදේශයක් ආවරණය කරමින් සජීවී බුද්ධි තොරතුරු ලබාදීමේ හැකියාව මෙම තාක්ෂණික පද්ධතිය සතු වේ

6 Comments

  1. Well done IRAN. Keep up the good work.

    ReplyDelete
  2. නියමයි.... නියමයි... ඔහොම යං.. ඔහොම යං....

    ReplyDelete
  3. ගහල බිම දාපිය ඇමරි කාණු ත්‍රස්තවාදීන්

    ReplyDelete
  4. Wadi hariyak owa fake news... Netanyahu marila kiwwa ...Athe palawena boru...Thamange top leaders la ekek wath marenne nathuwa rakaganna bari ratak , ape lankawe buruwanta weerayo wela... ... Rata ta ma 01 month withara bomba damma ekak wath walak wa ganna bariwuna...Anthimata palam gawa minissu hitawala palam beraganna dagalana ratak... Mehemath weera yo...Ayyo ayyo

    ReplyDelete
    Replies
    1. ගල්අඟුරුත් වංචාවක් උනේ නෑ කියන එකේ මල්ලි fake news ගැන කලබල වෙන්න එපා.
      දැන් චූ කරලා නිදාගන්න

      Delete
  5. ඕක අංර ජනාපටිටුමාගෙ වැඩක්
    ගල්අඟුරුත් සුදු කරපු හාදයට ඕකත් වැඩක්ද

    ReplyDelete
Previous Post Next Post