පසුගියදා මෙරටට බලපෑ සුළි කුණාටුවෙන් සිය නිවස සම්පූර්ණයෙන්ම විනාශ වූ කටුවන ප්රදේශයේ පියෙකු, තමන්ට සිදුව ඇති අසාධාරණයට විසඳුම් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය.
විපතට පත් තමන්ට නිවස ප්රතිසංස්කරණය කර ගැනීම සඳහා රජයෙන් ලබා දීමට දැනුම් දී ඇත්තේ රුපියල් අටදහස් පන්සියයක (8,500/-) මුදලක් පමණක් බවත්, වත්මන් වෙළඳපොළ මිල ගණන් අනුව එම මුදලින් ඇඳුමක් පවා මිලදී ගත නොහැකි බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
කුණාටුවෙන් නිවස අහිමි වූ දා සිට මේ දක්වාම තම දරුවන් සමඟ කුලියට ගත් කාමරයක අතිශය දුෂ්කර ජීවිතයක් ගත කරන බවත්, ආර්ථික අපහසුතා හේතුවෙන් අද වනතුරුත් දරුවන්ට පාසල් යාමට නොහැකි වී ඇති බවත් එම පියා ඉතා සංවේගයෙන් යුතුව ප්රකාශ කළේය.
මෙවැනි සොච්චම් මුදලක් වන්දි ලෙස ලබාදීම තමන්ට කරන සමච්චලයක් බව පවසන ඔහු, තම දරුවන්ගේ අනාගතය සහ නිවස යළි ඉදිකර ගැනීම වෙනුවෙන් සාධාරණ මැදිහත්වීමක් සිදුකරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

TAKARMAK ILLA GANNA 1MN/TAKARAN
ReplyDeleteගේ කැඩුන කියන්න එපා , ඒ වගේ දෙයක් තේරුම් ගන්න capacity නැහැ
Deleteඑක්කෝ දුන්නේ නැත්නම් email එකෙන් සල්ලි ගන්නවා කියන්න , නැත්නම් ටකරේම ගණන ඉල්ලගන්න
Hunduwage kaiyanam kohomada ?
ReplyDeleteහොද වැඩේ මහ ලොකු ජෙප්පන්ගේ ගුන වයපු තොපිලට. ඉල්ලගනින් ලපයාගෙන් ටකරමකට දෙනවා කීව ගාන.
ReplyDelete