පවතින දේශගුණික විපර්යාස හමුවේ ඉදිරි කාලය තුළ දිවයිනට දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජාත්‍යන්තර දත්ත විශ්ලේෂණය කරන විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ එල්-නිනෝ (El-Nino) සංසිද්ධිය 50% - 55% ක සම්භාවිතාවයකින් ලෝකයට බලපානු ඇති බවයි.
මෙම තත්ත්වය 2027 මාර්තු හෝ අප්‍රියෙල් දක්වා දීර්ඝ වීමේ අවදානමක් ද පවතී.
විශේෂයෙන්ම 2026 වසරේ අප්‍රියෙල් සහ මැයි මාසවලදී වායුගෝලීය උෂ්ණත්වය ඉහළ යා හැකි බවට පුරෝකථනය කර ඇත.
මේ හේතුවෙන් කෘත්‍රිම වැසි ජනනය කිරීම කෙරෙහි අවධානය යොමුව ඇති අතර, ඒ සඳහා විදේශීය තාක්ෂණික සහාය ලබා ගැනීමටද නියමිතය.
ලංකාව දූපතක් බැවින් මෙම ක්‍රියාවලිය ඉතා නිරවද්‍ය විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ සිදු කළ යුතු බව විද්වතුන් අවධාරණය කරයි.
නිරිතදිග මෝසම මැයි 20 වනදා පමණ ආරම්භ වුවද, ජුනි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ලැබෙන වර්ෂාපතනය සාමාන්‍ය මට්ටමට වඩා බෙහෙවින් අඩු වනු ඇත.
පළමු අන්තර් මෝසම් වැසි මැයි 15 වන විට නිම වනු ඇතැයි සැලකේ. කෙසේ වෙතත්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දෙවන අන්තර් මෝසම් වර්ෂාව සාමාන්‍ය ප්‍රමාණයට වඩා තරමක් ඉහළ අගයකින් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාව මීට පෙර 1980 දශකයේදී ද මෙවැනි කෘත්‍රිම වර්ෂා අත්හදා බැලීම් සිදු කර ඇති අතර, මෙවර නවීන තාක්ෂණය යොදාගනිමින් වියළි කාලගුණයට මුහුණ දීමට බලධාරීන් සූදානම් වේ.
දේවෝ වස්සතු කාලේන – සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච – රාජා භවතු ධම්මිකෝ "පාලකයෝ ධාර්මික වන විට නිසි කලට වැසි වසී, කෙත්බිම් අස්වැන්නෙන් සරුසාර වේ, ජනතාව සතුටින් හා තෘප්තියෙන් වෙසේ" පාලකයෝ අධාර්මික වන විට සියල්ල කණපිට පෙරලේ.
ReplyDeleteදේවෝ වස්සතු කාලේන – සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච – රාජා භවතු ධම්මිකෝ "පාලකයෝ ධාර් මික වන විට නිසි කලට වැසි වසී, කෙත්බිම් අස්වැන්නෙන් සරුසාර වේ, ජනතාව සතුටින් හා තෘප්තියෙන් වෙසේ" පාලකයෝ අධාර් මික වන විට සියල්ල කණපිට පෙරලේ.
Deletevery smart thing to do, we saw what happened in Dubai, Spain etc. Who knows if it was the same reason for the flood disaster in SL as well.
ReplyDelete