යුකේ‍්‍රන තරුණියක් ගල්කිස්සේදී පොලිසියට පහර දේ..


ගල්කිස්ස ප්‍රදේශයේදී කලහකාරී ලෙස හැසිරෙමින් පුද්ගලයන්ට පහර දී පොලිස් රාජකාරියට බාධා කළ බව කියන යුක්‍රේන ජාතික කාන්තාවක එළඹෙන අප්‍රේල් මස
22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය අප්‍රේල් 12 වනදා රාත්‍රියේ ගල්කිස්ස ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇත. බේබදු මත්ව පසුවූ බවට සැකකෙරෙන අදාළ විදේශීය කාන්තාව, එම ස්ථානයේ සිටි පිරිමි පුද්ගලයන්, කාන්තාවන් සහ තරුණයන් ඇතුළු පිරිසකට ආක්‍රමණශීලී ලෙස පහර දෙන අයුරු අසල සිටි පිරිස් විසින් පටිගත කරන ලද වීඩියෝ දර්ශනවල සටහන්ව තිබේ.

එම අවස්ථාවේදී තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළ පොලිස් නිලධාරියෙකුට ද ඇය විසින් පහර දෙනු ලැබ ඇත. මහජනතාව සහ පොලිස් නිලධාරීන් එක්ව ඇයව පාලනය කිරීමට දැඩි උත්සාහයක නිරත වූවද, විනාඩි 30ක පමණ කාලයක් ඇය පාලනය කළ නොහැකි ලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බව වාර්තා වේ. අනතුරුව රාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ අදාළ සැකකාරිය වසර 12ක පමණ කාලයක සිට ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින අයෙකු බවයි. පහරදීම, මංකොල්ලකෑම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි.

මෙම සිද්ධියේදී විදේශීය කාන්තාවගේ ප්‍රහාරයට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ඇති අතර, ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.


7 Comments

  1. ෂුවර් එකටම අපේ එවුවො අතපත ගාන්න යන්න ඇති. කවුද වැරදි කියල දැනගන්න නම් ඒ කෙල්ල කියන දේවලුත් දාන්න ඕන. ලංකාවේ නිව්ස් ලියන අය මේ ප්‍රංශ්නයෙ අවසානයේ වෙන්නේ මොනවද කියලත් දාන්න ඕන.

    ReplyDelete
  2. මේ ගෑණි සෙලෙන්ස්කි ගේ හමුදාවට බඳවා ගත්තා නම් හොඳයි.

    ReplyDelete
  3. තුප්පහි සෙවල පොන්න ලපයෙක් තමා ලන්කාවේ උන් ජනාදිපති ලෙස පත් කර ගත්තේ....ඉතින් ලෝකේ මිනිස්සු අපිට සලකයිද...? තමන්ගේ අවුරුද්දට සමරන්නේ නෑති ලපයා පච රජා.................

    ReplyDelete
  4. යුක්‍රේන් කිව්වොත් ඉතින් ත්‍රස්තවාදීම තමයි. ඊශ්‍රායල් වගේම ත්‍රස්තවාදීන්.

    ReplyDelete
  5. දඬුවම් ලෙස බරපතල වැඩ සහිතව ශ්‍රි ලංකා යුධ හමුදාවට බඳවාගෙන දුෂ්කර රාජකාරියක් පවරා වැටුපක් ලබාදෙන්න.


    ReplyDelete
    Replies
    1. දැනටමත් මෙය දුෂ්කර රාජකාරියක් කරණ කෙනෙක් වෙන්නත් පුළුවන්. අවුරුදු 12ක් තිස්සේ ලංකාවට වෙලා මොනවා කරනවද කියල සොයා බලන්න වෙයි.
      ඔය රණ්ඩු කරන්නේ ගනුදෙනු කාරයෝ එක්ක වෙන්න පුළුවන්

      Delete
Previous Post Next Post