චීනය විසින් ඉරානයට හමුදාමය ආධාර සපයන බවට එල්ල වී ඇති චෝදනා පදනම් කරගනිමින් අමෙරිකා එක්සත් ජනපදය පැනවීමට සූදානම් වන නව වෙළඳ බදු වලට එරෙහිව දැඩි ප්‍රති-ක්‍රියාමාර්ග ගන්නා බවට චීනය අනතුරු අඟවා තිබේ.
චීනය විසින් ඉරානයට ආයුධ සපයන බවට එල්ල වී ඇති මෙම චෝදනා "සම්පූර්ණයෙන්ම ගොතන ලද" ඒවා බව චීන රජය අවධාරණය කරයි.
මෑතකදී වාර්තා වූ බුද්ධි තොරතුරු වලට අනුව, චීනය විසින් ඉරානයට ගුවන් ආරක්ෂක පද්ධති සහ මිසයිල ලබා දීමට සූදානම් වන බවට හෝ දැනටමත් ලබා දී ඇති බවට සැක කෙරේ.
මෙම වාර්තා සැලකිල්ලට ගනිමින්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ චීනය විසින් ඉරානයට ආයුධ සපයන බව තහවුරු වුවහොත්, චීන භාණ්ඩ සඳහා 50% ක දැවැන්ත බද්දක් පැනවීමට කටයුතු කරන බවයි.
චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ගුඕ ජියාකුන් මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, චීනය කිසිදු අවස්ථාවක ඉරානයට හමුදාමය සහය ලබා දී නොමැති බවයි.
තම රට ජාත්‍යන්තර බැඳීම් සහ දේශීය නීති වලට අනුකූලව හමුදා උපකරණ අපනයනය කිරීමේදී ඉතා "විචක්ෂණශීලී සහ වගකිවයුතු" ප්‍රවේශයක් අනුගමනය කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
"අමෙරිකාව මෙම අසත්‍ය චෝදනා පදනම් කරගෙන බදු ඉහළ නැංවීමට කටයුතු කළහොත්, චීනය නිසැකවම ඊට එරෙහිව ප්‍රති-ක්‍රියාමාර්ග ගනු ඇත" යනුවෙන් ඔහු අවධාරණය කළේය.
මෙම මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් අමෙරිකාව, චීනය සහ ඉරානය අතර පවතින භූ-දේශපාලනික නොසන්සුන්තාව තවදුරටත් උග්‍ර වී ඇත.
විශේෂයෙන්ම ඉදිරි මාස කිහිපය තුළ වොෂින්ටනය සහ බීජිං අතර පැවැත්වීමට නියමිත ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා කෙරෙහි ද මෙම වෙළඳ සහ ආරක්ෂක අර්බුදය දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විචාරකයෝ පවසති

ReplyDeleteආරියතිලක
T51 චීන ප්‍රහාරක අවිය හා T 81 චීනයේ නිෂ්පාදිත අවිය යන ස්වයංක්‍රිය ගිනි අවි නිසකව ම එල්ටීටීඊ (LTTE) ත්‍රස්ත සංවිධානය විසින් භාවිතා කොට ශ්‍රී ලංකා භූමියේ භෞමික අඛණ්ඩතාවය උල්ලංඝනය කිරීමට, බෙදුම්වාදී යුද්ධයට භාවිත කරන ලදී. ඊට අමතරව වෙනත් බර අවි බෝම්බ, මෝටාර් බෝමබ ද චීනයේ නිෂ්පාදිතයන් භාවිතා නො කළේ යයි නො කිය හැකි ය. මේ සියල්ල රාජ්‍ය ත්‍රාන්ත්‍රික භාවයෙන් තොරව, ලක් රජයේ දේශ්පූරණත්වය උල්ලංඝනය කිරීමට, සෘජුව් ම හෝ අවි ජාවාරම් කරුවන් මගින් චීන් රජය කොටි ත්‍රස්තවාදීනට උදව් කිරීම බව කිව යුතු ය. රටක නිපදවන අවිආයුධ රාජ්‍ය ත්‍රාන්ත්‍රික බවෙන් වියුක්තව යම් රටක් ත්‍රස්ත ක්ල්ලියක අතට පත් වේ නම්, එයට එම අවි විපදවන රාජ්‍ය වගකිව් යුතු ය. සියලු අවි ආයුධ නිපදවන කම්හල් ඒ රටේ රාජ්‍ය ආරක්ෂක කවුන්ස්ලයේ, ආරක්ෂාව බාර අමාත්‍යංශයේ හෝ දෙපාර්මේන්තුවේ අධීකෂණය යටතේ නීතීවලට යටත්ව පවතී. යම් අවියක් හෝ අවි තොගයක් කුමන ආකාරයෙන් හෝ නිෂ්පාදිත රාජ්‍යයෙන් බැහැර වන්නේ ද, එම බැහැර වීම, එම රටේ රාජ්‍ය බුද්ධි ඒකක නිසකව ම දැනුවත් නො වේ යයි නො කිය හැකි ය. චීනයේ ඇතුලු අවි නිපදවන ප්‍රභල රටවල ඇති රහස් බුද්ධි ජාලයන් එතරම් ම ප්‍රබල ය. චීන බුද්ධි අංශ මගින් රටින් පිටවන අවිඅයුධවල අවසන් ලැබුම්කරුවන් කවුරුන් ද යන්න චීන රාජ්‍යය නො දන්නවා යයි කියනවා නම් එය රාජ්‍යතාන්ත්‍රික විහිළුවකි. හොඳයි! එසේ නො දන්නවා නම් කෙසේවත් තම රටේ නිපදවන අවි ආයුධ ස්වකීය රාජ්‍යතාන්ත්‍රික බවෙන් වියුක්තව බැහැරට නොදිය යුතු ය. නමුත් චීන රජය කොටි සංවිධානය පාවිච්චි කළ, චීන අවි පිළිබඳව එසේ කළ බවක් නො පෙනේ. කොටි සංවිධානය භාවිතා කළ, රුසියාවේ නිෂ්පාදිත Ak 47 ස්වයංක්‍රිඅ ගිනි අවිය සම්බන්ධව ද මෙය අදාළ බව කිව යුතු ය.
LTTE කොටි සංවිධානයට බැහැරින් අවි ආයුධ නො ලැබුණේ නම් කිසි ලෙසකින් ලංකා භූමියේ...
Anonymous
DeleteApril 15, 2026 at 8:52 AM
ආරියතිලක
T56 චීන ප්‍රහාරක අවිය හා T 81 චීනයේ නිෂ්පාදිත අවිය යන ස්වයංක්‍රිය ගිනි අවි නිසකව ම එල්ටීටීඊ (LTTE) ත්‍රස්ත සංවිධානය විසින් භාවිතා කොට ශ්‍රී ලංකා භූමියේ භෞමික අඛණ්ඩතාවය උල්ලංඝනය කිරීමට, බෙදුම්වාදී යුද්ධයට භාවිත කරන ලදී. ඊට අමතරව වෙනත් බර අවි බෝම්බ, මෝටාර් බෝමබ ද චීනයේ නිෂ්පාදිතයන් භාවිතා නො කළේ යයි නො කිය හැකි ය.
ඉතිරි කොටස...
ReplyDeleteආරියතිලක
මහත් වූ ඛේදවාචකයක් දක්වා ඇදී නො යනවා ඇත. ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදී කොටි ස්ංවිධාන්‍ය මර්දනය කොට මානුෂීය මෙහෙයුම් කරන විට, ඇතැම් රටවල් ලක් රජයට විරුද්ධව, මානව හිමිකම් චෝදනා එල්ල කළහ. එසේ මානව හිමිකම් චෝදනා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සාකච්ඡාවට බදුන් කොට ඡන්ද විමසීමේදී චීනය විසින් ලංකා රජයට පක්ෂව නිශේධ බලය පාවිච්චි කරන ලදී. රුසියාව ද ලංකා රජය වෙනුවෙන් පක්ෂව ඡන්දය පාවිච්චි කළ බව නො රහසකි. මෙය ශ්‍රී ලංකාව ආරක්ෂා වුවත් මෙහි දී සැබෑ අපරාධකරු යටපත් වී සැබෑ අපරාධකරු දෙවියෙක් වූ බවනම් පැහැදිලි ය. ලංකාවාසී බෙදුම්වාදය බැහැර කරන සැම දෙනට ම, චීනය හා රුසියාය දෙවියෙක් ලෙස සලක්න්නටත් හා අදටත් චීනයට හා රුසියාවට ඒ හේතුවෙන් "අපට මානව හිමිකම් චෝද්න වලදී අප වෙනුවෙන් චීන හා රුසියාව පෙනී සිටියා" යනුවෙන් කළ ගුණ සැළකීමක් ලෙස කතා කරන්නට හා සිහිකරන්නටත් හේතුවක් වී ඇත. මෙය මෙසේ සැළකීමට සත්‍ය වශයෙන් කාරණා නො වේ. කොටි ත්‍රස්තවාදීන්ට රාජ්‍ය ත්‍රාන්ත්‍රික බව්න් බැහැරව, චීනයේ නිෂ්පාදිත අවි ආයුධ ලබා භාවිතයට මඟ සැලසීමෙන් සැබෑ අපරාධකරු යටපත් වී ඇත. කොටි ස්ංවිධානය භාවිතා කළ, අන්‍ය රාජ්‍ය නිෂ්පාදිතව කොටි සංවිධානය විසින් සපයා ගන්නා ලද, සියලු අවි ආයුධ සම්බන්ධයෙන් ද මේ අපරාධමය වරද ඒ ඒ අවි නිෂ්පාදි රටවලට එල්ල වනවා ඇත. පතොරමේ පටන් බර අවි දක්වා අවි ආයුධ, දෙමළ කොටි සංවිධානයට නො ලැබුණේ නම්, ත්‍රස්තවාදී ක්‍රියා කිරීමට, ලක් රජයේ ආරක්ෂක හමුදවලට එරෙහිව සටන් කිරීමට කොටි සංවිධානයට අවි ආයුධ හා අධි බලැති පුපුරන ද්‍රව්‍ය ද නැත; එසේ නම් කොටි සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා ද යුද්ධය ද නැත; ලේ වැගිරීම්, මනුෂ්‍ය ඝාතන, බෝම්බ පිපිරීම් හා රාජ්‍ය ආරක්ෂක් හමුදා සමඟ් යුද්ධයක් ද නැත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් චෝදනා ද නැත. දෙමළ ජනතාවට හා සිංහල ජන්තාව අතර බරපතල විරසකයන් ද මෙතරම් බරපතල නො වනු ඇත්තේ ය. විදෙස් රාජ්‍යවල නිපදවන ලද, අවි ආයුධ LTTE සංවිධානයට නො ලැබුණේ නම් ඔවුන් කෙසේ ත්‍රස්තවාදී ක්‍රියාවල නියලෙන්න් ද? කෙසේ නම් යුද්ධ කරන්න ද?
අවි නිපදවන රටවල් විසින් ලංකා භූමියේ බෙදුම්වද ත්‍රස්තවාදීන්ට, අවි ආයුධ ලැබීමට සැළසීමෙන් සැබෑ අපරාධකරුවන් යටපත් වී ඇත. ලක් රජයට එරෙහිව ත්‍රස්තවාදීන්ට සෘජුව හෝ වක්‍රව අවි ආයුධ ලබා දුන් සැබෑ අපරාධකරුවන් දෙවියන් බවට පත් වී ඇත්තේ ය. "අපි අවි සපයන්නේ නැතැ"යි කීවත් ප්‍රායොහිකව එය සත්‍ය යැයි පිළිගත හැකි ද?