දෙවරක් මුදල් ගෙවා තියෙනවා නම් BOC වැරදීමකින්.. ඒක වගකීමක් නෙවෙයි..- නි. ඇමති

 


මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ගිණුමෙන් හෝ වෙනත් කිසිදු ගිණුමකින් කොන්ත්‍රාත්කරුවන් වෙත සතයක හෝ මුදලක් දෙවරක් ගෙවා නොමැති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් එල්ල කරන ලද රුපියල් මිලියන 380ක ද්විත්ව ගෙවීම් චෝදනාව සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත් නියෝජ්‍ය ඇමති ප‍්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කළේය.

රජය විසින් වසරකට රුපියල් බිලියන 340-350ක් වැනි අතිවිශාල ප්‍රාග්ධන මුදලක් වෙන් කරන මෙවැනි ආයතනයක කීර්තිනාමයට හානි කිරීමේ අරමුණින් මෙම ප්‍රකාශ සිදු කර ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

යම් හෙයකින් ලංකා බැංකුව හරහා එවැනි අතිරික්ත ගෙවීමක් සිදුව ඇත්නම්, එය එම බැංකුවේ වරදක් මිස මාර්ග සංවර්ධන අධිකාරියේ වගකීමක් නොවන බව නියෝජ්‍ය ඇමතිවරයා පෙන්වා දුන්නේය.

"අපි ප්‍රධාන ගිණුමෙන් යම් මුදලක් ගෙවීමට නිර්දේශ කළ විට බැංකුව එය ගෙවනවා. අපේ ගිණුමෙන් මුදල් ලබා නොදී බැංකුව විසින් දෙවරක් ගෙවා ඇත්නම්, එය බැංකුව සහ කොන්ත්‍රාත්කරු අතර සිදුවූ ගනුදෙනුවක් පමණයි" යන්න ඔහුගේ අදහස විය.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කර ඇත්තේ අදාළ ගෙවීමට අදාළ මුල් ගනුදෙනුව (Original transfer) පමණක් බවත්, දෙවරක් මුදල් යවා නොමැති බවත් ඔහු සහතික කළේය.

ප්‍රාදේශීය මට්ටමින් සිදුවූ ගෙවීම් කොළඹ මූලස්ථානය මගින් මාර්ගගතව (Online) සිදු කිරීම නිසා මෙම අවුල ඇති වූ බවට එල්ල වන චෝදනා ද නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රතික්ෂේප කළේය. මීට පෙර පැවති පාරිදෘශ්‍ය ගෙවීම් ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බවත්, පැරණි ක්‍රමයම තවදුරටත් ක්‍රියාත්මක වන බවත් ඔහු පැහැදිලි කළේය.

මෙම අසත්‍ය ප්‍රකාශ හරහා සමාජය තුළ අස්ථාවරත්වයක් සහ දූෂණයක් සිදුවන බවට වැරදි හැඟීමක් ඇති කිරීමට උත්සාහ කරන බවත්, ආයතනයේ සහ රජයේ කීර්තිනාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම කරුණු පැහැදිලි කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

11 Comments

  1. ඒ කියන්නෙ මුදල් ඇමැටි අයින්වෙන්න ඕන, මාර්ග ඇමැටි නෙවෙයි කියන එකද.

    ReplyDelete
    Replies
    1. මීට පෙර පැවති පාරිදෘශ්‍ය ගෙවීම් ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති බවත්, පැරණි ක්‍රමයම තවදුරටත් ක්‍රියාත්මක වන බවත්


      MALA PPPP

      Delete
  2. මහින්ද රාජපක්ෂගේ වැඩක් ද කොහෙද මේකත්

    ReplyDelete
  3. Jails are open for these thieves

    ReplyDelete
  4. පල ජෙපි තට්ට බල්ලො යන්න..

    ReplyDelete
  5. මාලිමාවෙනන් ගොබ්බයෙක්. ගොබ්බයෙක්නන් මාලිමාවෙක්. මොක්කුද මුන්.

    ReplyDelete
  6. Moda Mee Haraka...

    ReplyDelete
  7. Walking lavatories

    ReplyDelete
  8. තවත් පට්ට හරකෙක්. වැලිකොට්ට ගොනා.
    මෝඩ ඩෝබිලාගේ වීරයෙක්. 😂

    ReplyDelete
    Replies
    1. ඒ වගේද නාමල් බේබි බාප්පාට මොල 7 යි බේබිට මොල 14 යි

      Delete
Previous Post Next Post