හෘද සැත්කමකට භාජනය වී සුවය ලබමින් සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට, මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කණ්ඩායමක් පැමිණීම එක්සත් ජාතික පක්ෂය දැඩි ලෙස හෙළා දකී.
පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ, මෙය මාලිමා රජයට එරෙහිව එල්ල වන මහජන චෝදනා මැඩපැවැත්වීම සඳහා දියත් කළ දේශපාලන උප්පරවැට්ටියක් බවට සැක පවතින බවයි.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.
විශේෂ ප්‍රකාශය
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හෘද සැත්කමකින් පසුව සුවය ලබමින් සිටින වෙලාවක එතුමාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියගෙන් ප්‍රශ්න කිරීම සඳහා රහස් පොලිස් කණ්ඩායමක් නිවසට පැමිණීම ගැන අපි කණගාටුවට පත් වෙනවා.
රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රෝගී තත්ත්වය පිළිබඳ සියල්ලක් සොයා බලන්නේ එතුමාගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියයි.විශේෂයෙන්ම එතුමියත් දීර්ඝ කාලයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් පසුවන්නේ. ඒ වගේම මේ අවස්ථාවේ එතුමාගේ නිවසට දේශපාලන කටයුතු සඳහා හෝ කිසිකෙනෙකු සම්බන්ධ නොවන්නේ එතුමාගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහායි. විශේෂයෙන්ම වෙනත් ලෙඩ රෝග තිබෙන අය පැමිණීම එතුමාගේ සෞඛ්‍ය තත්ත්වයට තර්ජනයක් වෙනවා.
එවැනි පසුබිමක හදිසියේම මේ ප්‍රකාශය ගැනීම සඳහා නිවසට පැමිණීම සුදුසු ක්‍රියාවක්ද? මෙවැනි ක්‍රියාමාර්ග සඳහා උපදෙස් දෙන්නේ කවුරුන්ද කියලා අපිට ප්‍රශ්නයක් තිබෙනවා? විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුවට එරෙහිව දිනෙන් දිනම එල්ලවන චෝදනා වෙන අතකට යොමු කරන්න මෙවැනි වැඩ කරනවාද කියා අපිට සැකයක් මතු වෙනවා.
මේ අවස්ථාවේදී මේ ප්‍රකාශය ලබාගැනීම අප කිසිසේත් අනුමත කරන්නේ නැහැ. නිවසේ සිටින දෙදෙනාම රෝගී තත්ත්වයෙන් පසුවන මොහොතක ඒ ගත් ක්‍රියාමාර්ගය අප තරයේ හෙළා දකිනවා.

lapaya ge secretary thamai me case eka file karal thiyenne
ReplyDeleteLAPAYAGE WADE
Why are they different to any other citizen of the country ? If I am ill, would CID come to my steps to get evidence? or would they drag me into a police jeep & put me in a cell to interrogate ?
ReplyDeleteyou must put in a cell to interrogate ? using fake a case as Lapaya did to feel it
Deleteදොබියා අපේ සල්ලි හොරකපු එක්ව INERROGATE කරන්න කියපන්
Delete1. ගල් අගුරු 2.ලෝකෙත් නැතිවෙන ගානකට ඩිසල් අරන් 3.දැන් කන අත්සන් ගහන එක දල පලවත්තට සල්ලි අදිනවා