රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා විසින් සංවිධානය කරන ලද "රාජකීය සිංහල අලුත් අවුරුදු උත්සවය" මගින් සිංහල සංස්කෘතියට සහ හෙළ උරුමයන්ට නිගා කර ඇති බවට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ජෝතිර්වේදීන්ගේ විද්වත් කමිටුව සහ සිහල ආරක්ෂක සන්ධානය එක්ව මෙම පැමිණිල්ල සිදු කරන ලදී.
තරුණියන්ගේ කිහිල්ල යට රඳවන ලද බියර් බෝතල්වලින් තරුණයන්ට බීමට සැලැස්වීම සහ උදරය මත තැබූ බනිස් කෑමට සැලැස්වීම වැනි අශෝභන ක්‍රියා මෙහිදී ජාතික ක්‍රීඩා ලෙස හුවා දක්වා ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
මෙවැනි ක්‍රියාවන් මගින් සිංහල සංස්කෘතියට බරපතළ හානියක් සිදුව ඇති බවත්, මේ පිටුපස සිටින රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව පුළුල් විමර්ශනයක් අවශ්‍ය බවත් ජෝතිර්වේදීන්ගේ විද්වත් කමිටුවේ ජාතික සංවිධායක රවිශංක සේනානායක මහතා ප්‍රකාශ කර ඇත.
ශ්‍රී ලංකාව යුනෙස්කෝව සමඟ ඇති කරගෙන තිබෙන ප්රඥප්තීන්ට අනුව ද මෙය බරපතළ වරදක් බව රවිශංක සේනානායක මහතා පෙන්වා දෙයි.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු සඳහන් කර ඇත්තේ ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන බවයි.
මෙම අවස්ථාවට ජෝතිර්වේදීන්ගේ විද්වත් කමිටුවේ ජාතික සංවිධායක රවිශංක සේනානායක මහතා සහ සිහල ආරක්ෂක සන්ධානයේ සභාපති සූරිය සිද්ධ රත්නායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Happy New Year.... "Buriye Banis"
ReplyDeleteඔය වගේ වේස උත්සව පෞද්ගලිකව ගෙවල් ඇතුලේ කර ගත්තට අපිට නම් කමක් නැහැ.
Deleteහැබැයි එලිපිට ප්‍රසිද්ධියේ වේසකම් කරන්න ඉඩ දෙන්න බැහැ. සංස්කෘතිය බිඳ වැටුනොත් ආපහු හදන්න බැහැ.
බුරිය බනිස් වලට පැමිණිලි කරපු එව්වන්ට හැබැයි හරියට අලුත් අවුරුදු නැකත හදාගන්නවත් බෑ.
ReplyDeleteමේ සැරේ ගොඩක් තැන් වල තිබුනෙ අවලන් අවුරුදු උත්සව. කැත සින්දු එහෙමත් කිව්වා.
ReplyDeleteපුනරුදේ මල්ලි පුනරුදේ
Deleteaniwaryen munta daduwam denna ona....nathnam labana para me wage gonnu aran awith kakul deka asse maalu paan gediya gahala kawwanna bari na...kollage ZIP eka asse kehel kawanna bari na...
ReplyDeleteඅන්න එහෙම තමා වැඩ කරන්ඩ ඕනෙ
ReplyDeleteබනිස් උනත් කාල බලල තමා ගන්ඩ ඕනේ.
නැත්තන් එකටත් අපේ ජනාධිපතිතුමාට චෝදනා කරාවි
අනන්‍යතාවයක් …. ලෑජ්ජාවක්…. සන්ස්කෘතියක් … නෑති දූපත්වාසී ගෑත්තට ජෙප්පෝ සෙට් වෙලා…. ලන්කාව තවත් සුද්දන්ගේ සූදු සහ ලින්ගික තිප්පොලක් වෙනවා
ReplyDeleteඅනන්‍යතාවයක් …. ලෑජ්ජාවක්…. සන්ස්කෘතියක් … නෑති දූපත්වාසී ගෑත්තට ජෙප්පෝ සෙට් වෙලා…. ලන්කාව තවත් සුද්දන්ගේ සූදු සහ ලින්ගික තිප්පොලක් වෙනවා
ReplyDelete