ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයකට ඇමරිකානු ඩොලර් 286ක අධික මිලක් ගෙවා ඇති බවට විදෙස් මාධ්‍ය උපුටා දක්වමින් පළවන පුවත් සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) නිල නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
පසුගියදා පැවැති ආයෝජන සංසදයකදී HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩ්රි මහතා කළ ප්‍රකාශයක් පදනම් කරගනිමින්, මැදපෙරදිග අර්බුදය හමුවේ රක්ෂණ සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම නිසා ශ්‍රී ලංකාව වැනි ආසියානු ගැනුම්කරුවන්ට මෙලෙස අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
මෙම කරුණ සම්බන්ධයෙන් කරුණු දක්වන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ සපුගස්කන්ද පිරිපහදුව සඳහා බොරතෙල් ආනයනය කරනු ලබන එකම ආයතනය තමන් බවයි.
සංස්ථාව විසින් දැනට ගෙන්වා ඇති හෝ ඉදිරියේදී ගෙන්වීමට ගිවිසුම්ගත වී ඇති කිසිදු බොරතෙල් තොගයක් සඳහා බැරලයකට ඩොලර් 286ක් ගෙවා නොමැති අතර, එවැනි මුදලක් ගෙවීමට පොරොන්දු වී ද නොමැති බව එම නිවේදනයේ සඳහන් වේ.
සංස්ථාව පෙන්වා දෙන පරිදි, මැදපෙරදිග යුදමය තත්ත්වයෙන් පසුව ලංකාවට පැමිණීමට නියමිත බොරතෙල් නාවුකාවන් සඳහා ගෙවීමට එකඟ වී ඇති මිල ගණන් ඩොලර් 71.99, 111.62, 71.81, 113.29 පරිදි වේ.
මෙම මිල ගණන් වත්මන් ලෝක වෙළෙඳපොළ මිල දර්ශකයන්ට සාපේක්ෂව ඉතා වාසිදායක මට්ටමක පවතින බව ද සංස්ථාව පවසයි.
මැදපෙරදිග කලාපයේ නොසන්සුන්තාවයෙන් පසුව මෙරටට ළඟාවන ප්‍රථම බොරතෙල් නෞකාව අප්‍රේල් 17 දිනයේදී දිවයිනට ළඟාවීමට නියමිතය.
සංස්ථාවේ කීර්තිනාමයට හානි කරමින් සහ මහජනතාව නොසන්සුන් කරමින් මෙවැනි සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරන පාර්ශවයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වැඩිදුරටත් දන්වා සිටියි


Mara nakathak thama, all exposed
ReplyDeleteජෙබි වේස තට්ටකරුණා කියන දේ අපිට විස්වාස නෑ. ජෙබි වේස තට්ටයෝ ගල් පැලෙන බොරු කියන්නේ. ඔය කියන ගාන ඇතුලේ මුන්ගේ කොමිස් එකත් තියෙන නිසා තමයි $286 ට අරන් තියෙන්නේ ලොවෙත්.
Deleteකරුණාකර විශ්වාස කරන්න NPP අපි බොරු කියන්නේ නැහැ, අපි කවදාවත් බොරු කිව්වේ නැහැ. අපි තෙල් ගෙනාවේ ඉන්දියානු පර මෝඩිගෙන්.
ReplyDeleteApi aththa kiyanne. Apita commis natha.
Deleteජෙබ්බෝ + තට්ටයෝ කියන්නේ බොරුවේ උපත
Deleteඅපි මාලිමාවට , මාලිමාව අපිට
ReplyDeleteWhy must the Chief Executive of the HSBC lie ? No wonder HSBC pulled out of retail business from SRI Lanka, because of such corruption Mr. Rajakaruna
ReplyDeleteයුද්ධය ආරම්භ වුණාට පස්සෙ පළමුවැනි බොරතෙල් නැව එන්නෙ අප්‍රේල් 17. එහෙම නම් මොකටද උට්ටො පහුගිය මාසෙ පෙට්‍රල් සහ ඩීසල් රුපියල් 130 ක් වැඩි කෙරුවෙ.
ReplyDelete
Deleteජෙබි අපේ පුකරුද කොමිස් එක යකෝ.
Yes, very valid query .....
Deleteමුන් ඔක්කොම කුඩු කාපු එවුන් වගේ.
ReplyDelete