පැලවත්තේ ජවිපෙ මූලස්ථානයට දැඩි පොලිස්, STF ආරක්‍ෂාවක් යොදවයි..


පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයට පොලිසිය ඇතුළු රාජ්‍ය ආරක්ෂාවක් යොදවා තිබීම රාජ්‍ය දේපළ සහ රාජ්‍ය මුදල් අවභාවිත කිරීමක් බවට නව ජනතා පෙරමුණ චෝදනා කරයි
.

මෙරට පවතින දැඩි ගෑස්, ඉන්ධන සහ විදුලි අර්බුදයට විසඳුම් ඉල්ලමින් සහ මෙරට සිදුව ඇති ප්‍රධාන වංචා දූෂණ හයක් සම්බන්ධයෙන් ලිපියක් භාරදීම සඳහා එම පක්ෂයේ මහලේකම් සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසක් පැලවත්ත කාර්යාලය වෙත පැමිණි අවස්ථාවේදී මෙම අදහස් පළ විය.

විරෝධතාකරුවන් එහි පැමිණ තිබුණේ හිස් ගෑස් ටැංකි ද රැගෙනය.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පිරිස ප්‍රශ්න කර සිටියේ මීට පෙර මෙරට පාලනය කළ මහින්ද රාජපක්ෂ හෝ මෛත්‍රීපාල සිරිසේන වැනි නායකයන්ගේ පක්ෂ කාර්යාලවලට මෙලෙස රාජ්‍ය ආරක්ෂක අංශ යොදවා තිබුණේද යන්නයි.

දේශපාලන පක්ෂ කාර්යාලයකට මෙලෙස රාජ්‍ය ආරක්ෂාව යොදවා ජනතාවට සහ පක්ෂ සාමාජිකයන්ට එහි ඇතුළු වීමට ඉඩ නොදීම ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමක් බව ඔවුහු පෙන්වා දුන්හ.

තිල්වින් සිල්වා මහතා මෙරට නොනිල ජනාධිපති ලෙස කටයුතු කරන බවට චෝදනා කළ සුගීෂ්වර බණ්ඩාර මහතා, ජනතාව ගෑස් ටැංකි රැගෙන පැලවත්ත වට කරන දිනයක ඔහුට බංකර් දහයක සැඟවී සිටියත් පැන යාමට ඉඩක් නොලැබෙනු ඇති බවට ද අනතුරු ඇඟවීය.

තවද, ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කර ඇති පිටු 109ක වාර්තාව කියවන ලෙස රජයට බලකර සිටි විරෝධතාකරුවන්, පවතින අර්බුද කළමනාකරණය කිරීමට නොහැකි නම් වහාම මැතිවරණයක් පවත්වන ලෙස ද ඉල්ලා සිටියහ.

පක්ෂ කාර්යාලයක් තුළට වී ජනතා ප්‍රශ්නවලින් සැඟවී නොසිට ඒවාට පැහැදිලි උත්තර ලබාදෙන ලෙස ඔවුහු වැඩිදුරටත් අවධාරණය කළහ.

13 Comments

  1. ඉස්සර පොලිස් සේවයේ නියුතුව සිටි අයගේ බෙල්ල කැපු නාකි ඩයි මයිනට දැන් ඒ පොලිසියෙන්ම ආරක්ෂාව ලබාගන්ඩ සිද්ධ වෙච්ච එක දෛවයේ සරදමක් නේද?

    ReplyDelete
    Replies
    1. බෙල්ල කපපු.! මගෙ පුක!

      ඌ තුවක්කුව බිම දාල දණ ගහගෙන අත් දෙකත් උස්සගෙන අනේ සර් කියන ඕන දෙයක් කරන්නනං මරන්න නං එපා සර් කියල කිව්වේ වාද්දුවෙ පොලිසියට ගහන්න ගිහිං මාට්ටු වෙලා.

      Delete
    2. පතිරණ ගලප්පත්ති (REAL)April 9, 2026 at 1:13 AM

      අයිසේ අනුන්ගේ නම් කොපි කරන් නැතුව නිර්මාණශීලී නමක් දාගෙන කමෙන්ට් කරපන්, මේ උඩ රිප්ලයි කමෙන්ට් එක දාල තියෙන ගොනා "පතිරණ ගලප්පත්ති" නොවේ. භාෂාව හසුරුවලා තියෙන විලාශයෙන් තේරුම් ගන්ඩ පුළුවන් වෙන්ඩ ඕන.

      Delete
    3. sanige phita thamai

      Delete
    4. පතිරණ ගලප්පත්ති (DOUBLE ACTING))April 9, 2026 at 2:23 AM

      Hey, don't copy other people's names; use a creative name of your own when you comment. The idiot who posted that reply above is not 'Pathirana Galappatti.' It should be obvious just by looking at the way the language has been handled.

      Delete
    5. පතිරණ ගලප්පත්තිල ලංකාවෙ ඕන තරම් ඉන්නවා එක ඩෝබි තඩියෙක් විතරක් මොකද රියල් කියාගෙන මැරෙන්න හදන්නෙ ඌ මේ නමට පේටන්ට් එකක් අරගෙනද තියෙන්නෙ?

      Delete
    6. දේශීය ඉතිහාසය ගැඹුරින් විමර්ශනය කරද්දී නාමකරණය පිලිබඳ නීති (Naming Rules ) කියන දේවල් රජවරු භාවිතා කලේ කොහොමද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්.
      මේ මහින්දට කඩේ යන උන් ඕවා දන්නවද.
      JVP තමයි මේ නාමකරණය උසස් විදිහට භාවිතා කලේ.. මිනි මැරුම් , මංකොල්ල කෑම්. බස් ගිනිතියද්දි වලට එක නමක් දේශපාලනය සඳහා තව නමක් විදිහට.
      පියාගේ නාමකරණය කියන සංකල්පය වත් දන්නේ නැති නුගත් බයියෝ..
      මට ඕන නම් ලෝකේ පිළිගත්ත standards ගැන කියලා දෙන්න පුළුවන් ඊළඟ කොමෙන්ට් එකේ.

      Delete
    7. අම්මට සිරි වෙන්න හොර පතිරණ ගලප්පත්තිල දහස් ගණනක්. Real, double acting, ගලප්පත්ති ද සෙකන්ඩ්.
      මේ ඔරිජිනල් පතිරණ ගලප්පත්තිට ගහන්න ඔය එකෙක්ට වත් බෑ

      අපි ඔත්තෙ දවස්වල පමණක් කෑම උයමු.
      ගෑස් ඉතිරිකර ආණ්ඩුවට සහයෝගය දෙමු.

      Delete
  2. තව ටිකක් දවස් යනකොට මුන්ට පොලිස් සහ යුධහමුදා රැකවල් නැතුව එලියටවත් බහින්ඩ හම්භවෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. දැනටමත් මූන්ට හූ කියන්ඩ පටන් අරන් තියෙන්නෙ.

      Delete
  3. ජනතා විමුක්ති පෙරමුණට පොලීසිය අවශ්ය නෑ. ඕනෙනම් පුද්ගලික ආරක්ශක සේවයක් ඇමරිකාවෙන් ගේන්න තරම් සල්ලි තියෙනවා.

    ReplyDelete
  4. රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම වහන්න බෑ පචරෙන ගලේපහරත්තිට

    ReplyDelete
  5. I am sure within a short period, Malima has to survive, through forces only,

    ReplyDelete
Previous Post Next Post