වත්මන් රජයට ආර්ථික විද්‍යාව පිළිබඳ මූලික අවබෝධයක් නොමැති වීම හේතුවෙන් දිනෙන් දින ගන්නා වැරදි තීරණ නිසා රටේ පොදු ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
තිස්සමහාරාම වීරවිල පන්නෙගමුවේ දියබැදි විහාරය ඇතුළු විහාරත්‍රයක විහාරාධිපති, පූජ්‍යපාද මාගම මහානාම ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.
පසුගිය මැතිවරණ සමයේ රජයේ මැති ඇමතිවරුන් විසින් රුපියල් ලක්ෂ 12කට Vitz වර්ගයේ මෝටර් රථ ලබා දෙන බවට පොරොන්දු වුවද, අද වන විට වාහන මත සියයට 50ක අතිරේක බද්දක් පැනවීමට කටයුතු කර ඇත.
මෙම බදු පැනවීම නිසා වාහන මිල ඉහළ නොයන බවට මුදල් නියෝජ්‍ය ඇමතිවරයා සිදු කරන ප්‍රකාශ විහිළු සහගත වන අතර, මෙහි සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනා සතු විය යුතුය.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව දේශීය රුපියලේ අගය වාර්තාගත ලෙස ශීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී.
රුපියල බිඳවැටීම හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස්, බඩු මිල සහ නිෂ්පාදන පිරිවැය වැඩි වීම නිසා සමස්ත ජන ජීවිතයම මුළුමනින්ම අඩාල වී ඇත.
රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනීමට නම් අපනයන ආදායම්, සංචාරක කර්මාන්තය, විදේශ ප්‍රේෂණ මෙන්ම සෘජු විදේශ ආයෝජන කඩිනමින් වර්ධනය කර ගත යුතුය. එලෙස ක්‍රියා නොකර ආර්ථිකය නිසි මාවතකට ගත නොහැක.
රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නිසි පරිදි සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නව ගිවිසුමකට එළඹීමට අපොහොසත් වී ඇත.
මේ හේතුවෙන් රටට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් බිලියන ගණනක ණයක් ගෙවීමට සිදුව ඇති අතර විදේශ සංචිත ද දැඩි අවදානමකට ලක්ව තිබේ.
රජය වහාම මැදිහත් වී රුපියල අවප්‍රමාණය වීම පාලනය කරමින්, පවතින දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජනතාවට ජීවත් වීම සඳහා අවශ්‍ය උපරිම සහන සහ ප්‍රතිපාදන සැලසීමට පියවර ගත යුතු බව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

නිකමටද රියදුරෙක් වැඩට ගත්තත් පළපුරුද්ද බලන්නේ , අපේ ජාතිය එදා ඉදල පිරිහෙන්නේ ඕන කුණුගොඩක් කවුරුහරි ලස්සනට කිව්වොත් පිළිගන්න නිසා , මේවා තනිකරම ඉන්දියාව ප්‍රමුක බටහිර රටවල්වල කුමන්ත්‍රණ,කිසිම දෙයක් නොදන්නා කිසිම අත්දැකීමක් නැති පිරිසක් බලයට පත්කරගෙන උන්ට ඕන සියලුම ගිවිසුම් ගහගත්තා , දැන්වත් ඔලුවෙන් හිතල ඊලග පාලකයා තෝරාගන්න පෙලගැසෙමු .
ReplyDeleteරුපියල් ලක්ෂ 12කට Vitz වර්ගයේ මෝටර් රථ
ReplyDelete