ත‍්‍රිවිල් ගාස්තු කිලෝමීටරයට 130 කරයි..


රජය විසින් ඉන්ධන මිල යළිත් වරක් ඉහළ දැමීමත් සමඟ ත්‍රීරෝද රථ කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව ඇති බැවින්, ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට සිදුවන බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා සඳහන් කළේ, අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල රුපියල් 24කින් ඉහළ දමා ඇති බවයි.

මීට පෙර අවස්ථාවක ද ඉන්ධන මිල රුපියල් 12කින් ඉහළ දැමූ නමුත් එම අවස්ථාවේදී ගාස්තු සංශෝධනයක් සිදු නොකළ බවත්, ඒ අනුව මේ වන විට සමස්තයක් ලෙස ඉන්ධන මිල රුපියල් 36කින් පමණ ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

පවතින තත්ත්වය හමුවේ පළමු කිලෝමීටරය සඳහා අය කරන ගාස්තුව අවම වශයෙන් රුපියල් 130ක් දක්වා ඉහළ දැමිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ලේකම්වරයා පැවසීය. ඉන්ධන මිලට අමතරව ග්‍රීස් සහ ඔයිල් මිල ද අසීමිත ලෙස ඉහළ ගොස් ඇති අතර, මේ පිළිබඳව සොයා බැලීමට පාරිභෝගික අධිකාරිය කටයුතු නොකිරීම ගැටලුවක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ගාස්තු වැඩි කිරීමට සිදුවුව ද, පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීම තම සංගමයේ අරමුණ බව රෝහණ පෙරේරා මහතා අවධාරණය කළේය.,

අධික ලෙස ගාස්තු ඉහළ දැමීමෙන් පාරිභෝගිකයන් ත්‍රීරෝද රථ සේවාවෙන් ඈත් විය හැකි බවත්, එබැවින් මිල පාලන කමිටුව සමඟ සාකච්ඡා කර සාධාරණ මුදලක් තීරණය කළ යුතු බවත් ඔහු පැවසීය.

එසේම ඇතැම් ජංගම දුරකථන යෙදුම්  මගින් ක්‍රියාත්මක වන සමාගම් රියදුරන්ගේ මහන්සියෙන් විශාල කොමිස් මුදලක් ලබා ගනිමින් ඔවුන්ව සූරාකන බවට ද ඔහු චෝදනා කළේය.

ත්‍රීරෝද රථ රියදුරන් මුහුණ දෙන මෙම ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා හමුවීමට බලාපොරොත්තු වන බවත්, මාර්ග ප්‍රවාහන අධිකාරිය මැදිහත් වී පළාත් නවයටම පොදු වූ සාධාරණ ගාස්තු ප්‍රතිපත්තියක් වහාම සකස් කළ යුතු බවත් ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

10 Comments

  1. කර්මාන්තය බේරෙන්න ඕන හින්දා ගාන වැඩි කරාට කමක් නෑ. හැබැයි මීටරේ එන්නම ඕනේ.ඒ වගේමයි ඒවා නියාමනය වෙන්නත් ඕනේ.ලියන මගේ ගේ තියෙන්නේ නගරයේ ඉඳලා තැනිතලා කාපට් පාරේ මීටර් නමසීයක දුරකින් වාහන තිබුනත් හදිසියකට ඔය දුර ආවොත් ගාන දෙසිය පනහයි.දැන් තුන්සීයක්වත් ගනීවී. හැබැයි දුෂ්කර කඳු රළු පාරවල් වලට වෙනම ගාස්තු ක්‍රමයක් සකසන්න ඕන.නැත්තං ඒක කර්මාන්තයට කෙරෙන අසාධාරණයක්.

    ReplyDelete
    Replies
    1. හොර තරාදි වගේ හොර මීටරුත් තියනව. ඒව ගැනත් සෙයාබලන්න.

      Delete
  2. අනේ වාසනාවන්, රනිල් යද්දී පළවෙනි කිලෝමීටරේට 50 යි දැන් 130 යි. ඉරානේ ප්‍රශ්න වෙද්දී ඇමරිකාවේ ප්‍රශ්න වෙද්දී තෙල් මිල වැඩි කරන්න ආණ්ඩු ඕනද, තෙල් වලට ගහන අධික බදු අපි ආපු ගමන් ඉවත්කරනවා වගේ ලොරි ටෝක් දීපු පොරක් හිටියා මතකයි, පොර තාම විපක්ෂයේද? පතිරණ ගලප්පත්ති උඹට මිනිහව හම්බුනාම කියපන් අපි මතක් කරා කියලා. මේකට reply එකට හොඳ ගොන් පාට් එකකුත් අහගෙන වරෙන් 😀

    ReplyDelete
    Replies
    1. මීටරේ එන්නම ඕනේ.

      Delete
  3. මීටර් 300 ටත් 120ට ගියා ගමේ එවුන්. පුලුවන් තරම් පයින් යන්න. ත්‍රීවීල් කාරයෝ මේ දවස් වල ගසා කනවා. කාලකන්නි ආන්ඩුව

    ReplyDelete
  4. පුලුවන් තරම් පයින්ම යමු
    මුන්ට හොදම එකෙන් කෙලවෙන්න දෙන්න ඔනේ
    මුන් තමයි අපි මාලිමාවට කියලා ස්ටිකර් අලවගෙන හයර් එක යන අයගේ මොලේ කලා මේ වසන්ගතේ බලයට ගෙන්න කඩේ ගිය එවුන් .

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත.

      Delete
  5. අපි මාලුමාමට කියලා ස්ටිකර් ගහන් ගිහින් රට විනාශ කරන්න
    පස්ස දුන්න ත්‍රිවීල් ඇවිදින පුක්ක කාල තමන්ගෙ මාලු මාමලා වෙනුවෙන් මිල වැඩි කරන එකක් නැහැ.

    ReplyDelete
  6. හොඳයි, දැන් උඹලා රුපියල් 250–300ක් ගන්නවනේ. හන්දියවල නිකම් කාලය ගත කරන්නෙ නැතුව වැඩක් කරපල්ලා.

    ReplyDelete
  7. Three wheel warjanaya karamu

    ReplyDelete
Previous Post Next Post