බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ලබා දුන් පෞද්ගලික ණය සහ අත්තිකාරම් ඉකුත් වර්ෂයේ (2025) රුපියල් බිලියන 406කින් ඉහළ ගොස් ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වෙයි.
මෙය වාණිජ්‍ය බැංකු විසින් පෞද්ගලික අංශය සඳහා නිකුත් කරනු ලැබූ සමස්ත ණය ප්‍රමාණයෙන් සියයට 22කි. පාරිභෝගික වියදම ඉහළයෑමත් සමග රන් භාණ්ඩ ඇපයට තබා ලබා ගන්නා ණය, කල් පවත්නා පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම සඳහා වූ ණය සහ ණය කාඩ්පත් ආශ්රිත ණය ඉහළයෑම පුද්ගලික ණය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.
බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ඉකුත් වර්ෂයේ දී පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණය ප්‍රමාණය ට්‍රිලියන 2.1 කින් පමණ ඉහළගොස් තිබුණි.
ලලිත් චාමින්ද
Divaina

ලීසින් දෙන ගාන අඩු කරා රත්තරන් උකස් වලට දෙන ගාන අඩු කරා ඊළඟට අත තියන්නෙ ක්‍රෙඩිට් කාඩ් වලට ඊළඟට දෙන ණය වලටත් සීමා පනවයි.මේ හුණ්ඩු පාණ්ඩුව කරන්නේ ආර්ථිකය ප්‍රසාරණය කරනව නෙමේ හකුලවන එක.
ReplyDeleteඕකෙන් බාගයක් අරන් ඇත්තේ වාහන ගෙන්වන අය. වහන්නෙ නැතුව ඇත්ත විස්තර දාන්න. සාමාන්‍ය ජනතාව ගත්තා වගේ අදහසක් තමයි දෙන්නේ.
ReplyDelete