මහජන බැංකුව විසින් විදේශ මුදල් හුවමාරු සඳහා භාවිත කරනු ලබන ප්‍රේෂණ පද්ධතියක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගනුදෙනුකරුවන් පිරිසකට ලැබිය යුතු ප්‍රමාණයට වඩා ඉහළ මුදල් ප්‍රමාණයක් නිකුත් වී ඇති බව එම බැංකුව නිල වශයෙන් නිවේදනය කරයි.
බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය ප්රකාශනයකට අනුව, මෙම දෝෂය සිදු වී ඇත්තේ එක් මුදල් ඒකකයකින් විනිමය අනුපාතිකය පරිවර්තනය වීමේදීය. මෑතකදී හඳුනාගත් මෙම දෝෂය නිවැරදි කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන ඇත.
පද්ධති දෝෂය හේතුවෙන් සිදු වූ ඇස්තමේන්තුගත මුල්‍යමය බලපෑම ආසන්න වශයෙන් රුපියල් මිලියන 656 කි.
මෙම මුදල අදාළ කාලසීමාව තුළ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ගිණුම් ප්රකාශනවලට දැනටමත් ඇතුළත් කර ඇති බැවින්, වත්මන් ගණන් බැලීම්වලට අනුව ඉදිරියට මින් කිසිදු මූල්‍යමය බලපෑමක් අපේක්ෂා නොකෙරේ.
අදාළ කාලසීමාව තුළ වැඩිපුර මුදල් ලබාගත් ගනුදෙනුකරුවන්ගෙන් එම මුදල් නැවත අයකර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විටත් සාර්ථකව ආරම්භ කර ඇත.
දෝෂය හඳුනාගත් වහාම බැංකුව අභ්‍යන්තර විමර්ශනයක් සිදු කර ඇති අතර, අදාළ මෙහෙයුම් ක්‍රියාවලීන් තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු නියාමන සහ අධීක්ෂණ අධිකාරීන්ගේ උපදෙස් මත මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ද ක්‍රියාත්මක වේ.
මෙම තත්ත්වය බැංකුවේ ස්ථාවරත්වයට කිසිදු බලපෑමක් එල්ල නොකරන බව අවධාරණය කරන මහජන බැංකුව, තමන් රුපියල් ට්‍රිලියන 3.8ක පමණ වත්කම්වලින් සමන්විත ශක්තිමත් මූල්‍ය ආයතනයක් බව පෙන්වා දෙයි.
එම නිසා බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වයට, ලාභයට හෝ ගනුදෙනුකාර තැන්පතුවල ආරක්ෂාවට මින් කිසිදු බලපෑමක් සිදු නොවන බව ද බැංකුව සහතික වෙයි.
මහජන බැංකුවේ එදිනෙදා බැංකු කටයුතු, ඩිජිටල් බැංකු පහසුකම් සහ සියලුම ගනුදෙනුකාර සේවාවන් දැනටමත් සාමාන්‍ය පරිදි සුරක්ෂිතව ක්‍රියාත්මක වන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


මෙම තත්ත්වය බැංකුවේ ස්ථාවරත්වයට කිසිදු බලපෑමක් එල්ල නොකරන බව අවධාරණය කරන මහජන බැංකුව, තමන් රුපියල් ට්‍රිලියන 3.8ක පමණ වත්කම්වලින් සමන්විත ශක්තිමත් මූල්‍ය ආයතනයක් බව පෙන්වා දෙයි.
ReplyDeleteApita 60% hambawuna wage
පුදුම වැඩේ කියන්නේ, මේ ඔක්කොම වෙන්නේ මාලිමාව ආවට පස්සෙනේ. ඇයි ඒ එහෙම?
Deleteහැබැයි වැඩියෙන් ලැබිච්ච එකෙක්වත් ලංකාවේ නම් නැ . ලංකාවේ ඉන්නේ savings එකේ තුට්ටු දෙකෙනුත් Tax කැපුන උන් විතරයි . මේක අපරාධයක් . හොරකමක් . මංකොල්ලයක් .
Deleteමිනිසුන්ට තියෙන්නේ සියළු ලබාගත් ණය නොගෙවා ඉන්න . නැත්තං කෝමත් හැකරු ගන්නවානේ
DeleteIssara karapu horakam eliune naha. Dan ehema baha. Malima anduwa kale horakam okkoma elivenawa. Dan ahu wenne nathi wennda horakam karannda baha. Horakam walata sambanda eunuth siya divi nasa gannawa. Meka thami aluth sistam eka.
Deleteමරු මරු.. තොපේ "aluth sistam" එක..
Deleteඑළිවෙනවා හොරකම් ඉස්සර වගේ නෙමෙයි සට පට ගාලා එක දිගටම නේද.. හිකිස්..
පස්සේ එකෙක් බල නහර 3ක් කපාගෙන මැරෙනවා.. සුපිරි "aluth sistam" එක..
මේ ඩෝබී කොහෙන්ද බං හොයා ගත්තේ හිකිස්!
සුද්ද ආවෙ නැත්නම් ලංකාවේ එවුවො තාමත් ගල් යුගයේ.රජයේ සියයට අනූ පහක් සේවකයන් කිසිම කෙනෙක් බැංකු ඇතුළු කියන දෙයක් තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. මහන්තත්ත කම ඔළුවට ගහලා. මොවූන්ට තාමත් ඊමේල් යවලා කෝල් කරල කියන්න ඕන ඊමේල් කරා කියලා, එහෙම නැත්නම් ෂැක්ස් කරන්න කියනනව. මොනව හරි දෙයක් ගැන තර්ක කරන්න ගියොත් ඔවුන්ට මල පනිනවා.මේ වගේ අයත් එක්ක මොන ඩිජිටල්ද.
ReplyDeleteඅනේ සුද්ද කොරා රෙද්දක්. පලෑන් ඩෝ යන්න. රටේ කඳු මැද තේ වවලා ඒ තේ උන් ලෝකෙ වටේ විකුණුවා. ලංකාවෙ උන් උන්ගේ වතු වල වැඩ නොකල නිසා දෙමළු ගෙනත් පදිංචි කරා. ස්වාභාවික වනාන්තර විනාශ කරලා තේ වවලා දැන් කඳු නාය යනවා. මුස්ලිම් උන් ගෙනත් කොලඹ රජ කෙරෙව්වා. උන් දැන් පාස්කු කාලෙට බෝම්බ ගහනවා. අපේ උන්ගේ හැකියාව, ආත්ම ශක්තිය නැති කරලා කොඳු කඩලා ගියා උඹල වගේ කලු සුද්දො සෙට් එකකුත් හදලා. දැන් ඇවිදින පුට්ටකාල කියලා ගොන් හරක් ටිකක් රජ කරගෙන රටම විඳවනවා උඹලා නිසා.
Deleteසුද්දො ආක්‍රමණය කරපු කිසිම රටක් තවමත් සංවර්ධනය වී නොමැත. ඒත් සුද්දෝ ආක්‍රමණය නොකල රටවල් සංවර්ධනය වී ඇත. සංවර්ධනය යැපුම් මානසිකත්වයෙන් ඈත් වී තමන් ස්වාධීනව හිටගන්න පුලුවන් බවට විශ්වාස කරන්නන් විසින් ඇතිකරන්නක් මිස පරාදීන මානසිකත්වයකින් ඇති කල හැක්කක් නොවේ.
Deleteවහාම සියලු බැංකු පද්ධති සුදුසුකම්ලත් පුණු සේවකයන්ගෙන් යාවත්කාළීන කරනූ,.!
ReplyDeleteලංකා බැංකුවේ මහජන බැංකුවේ ඇතුලු සියලු රාජ්‍ය බැංකුවල සිටිනා ,නූගත් අවිචාරශීලී ඩිගිටල්කරනය පිළිබඳව වගේ වගක් නැති සියලු පිරිස් වහාම නියාමනයට සෑම ශාකාවකටම තොරතුරැ තාකෂණය පිලිබඳ ඩිගිටල් බැංකු කරනය පිලිබඳ වගකියනා අඩුම තරමේ ඵක පුද්ගලයකු හෝ වහාම අනුයුක්ත කර බැංකුපද්ධතිය තුල පවතිනා අතිශය අසහනකාරී විකෘතිය වහාම නිවැරදිකරීමට කටයුතුකරනූ,.!
නූගත් රාජ්‍ය බැංකු සේවකයන් විසින් පිටරටවල රැකියාකරනා පිරිස ඉතාමත් අමාණුශිකලෙසට අපහසුතාවයට පත්කරනා බවත්, ලංකාවට මුදල් ප්‍රේශණය ඇතුළු සියලු බැංකු කටයුතු නූගත් අවිචාරශීළී කාන්තා සහ පිරිමි බැංකු සේවක පාර්ෂවයන් විසින් සිදුකරනා අනීතික අවහිරකිරීම් දිගින්දිගටම සිදුකරනා නිසාවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයනගේ බැංකුකටයුතු සම්පූර්ණ ලෙසට අඩපන කර ඇති බවත්, අන්තර්ජාලය හරහා සිදුකරනා සියලු ගනුදෙනු, විදෙස් ප්‍රේශණ ඇතුලු සියලු පහසුකම් කිසිදු හේතුවක් නොමැතිව බැංකුවල සේවයකරනා ත්‍රස්ථවාදී කල්ලි විසින් අඩපනකර ඇතිබව වගකිවයුත්තන්ගේ දැඩි අවධානයට,.!
රාජ්‍යබැංකු තුල විශේෂයෙන්,ලංකා බැංකුව සහ මහජනබැංකුව තුල ඩිජිටල් කරනය පිලිබඳව වගේවගක්නැති, හෝ හිතාමතා විදෙස්ගත පුද්ගලයන්ගේ ගිනුම්කරනය අවහිරකිරීම් සිදුකර පුදගලික දත්ත හොරකම්කරනා පිරිසක්ද සිටනා බවට සැක සහිතවූ ඇතැම් දත්ත වාර් ථා පවතින අතර, අතිශයින් නූගත් හෝ නූගත්ලෙසට කූඨලෙසට බැංකු කටයුතු අවහිර කරනා රාජ්‍ය බංකුවල සිටිනා පිරිස පිළිබඳව වගකිවයුත්තන්ගේ දැඩි අවධානය ලක්කරනා අතර, වහාම විචාරශීළී ඩිජිටල් කරනය පිළිබඳ පිරිසක් සෑම ශාකාවකටම අනුයුක්ත කර, පුහුණුව නොලත් පිරිස වහාම වෙනත් කටයුතු සඳහා යොමුකරනාලෙස දැඩිලෙස නැවත නැවතත් බලධාරීන්ගේ අත්හල නොහැකි අවධානයට,.!
බලධාරීන් තමයි සුත්තෝ පුහුණුව නොලත් කිසිම අත්දැකීමක් නැති උන් සෙට් එක..
Deleteඑල් බෝඩ් අන්න්දුව.. හිකිස්
බැංකුව exchange rate වරද්දාගෙන දැන් මිනිස්සුන්ගෙන් ගන්න හදන්නේ මොනවාද? දුන්නනම් පාඩුවක් විදියට දාගෙන ඉන්න තමයි වෙන්නේ.
ReplyDeleteමාළුම බයිලා
ReplyDeleteමේවා අත්වැරැද්දක්ද, ඇත්නම් 88/89 තුක්කු අරගෙන කරපු බැංකු මංකොල්ලය දැන් ඇතුළෙ ඉඳන් කිරීමක්ද?
ReplyDeleteමේවා අත්වැරැද්දක්ද, ඇත්නම් 88/89 තුවක්කු අරගෙන කරපු බැංකු මංකොල්ලය දැන් ඇතුළෙ ඉඳන් කිරීමක්ද?
Deleteහැබැයි වැඩියෙන් ලැබිච්ච එකෙක්වත් ලංකාවේ නම් නැ . ලංකාවේ ඉන්නේ savings එකේ තුට්ටු දෙකෙනුත් Tax කැපුන උන් විතරයි . මේක අපරාධයක් . හොරකමක් . මංකොල්ලයක් .
ReplyDelete