මහජන බැංකුවත් හරි.. කෝටි 65ක් වැඩිපුර ගෙවයි.. ආපසු ඉල්ලා පස්සෙන් යයි..


 මහජන බැංකුව විසින් විදේශ මුදල් හුවමාරු සඳහා භාවිත කරනු ලබන ප්‍රේෂණ පද්ධතියක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගනුදෙනුකරුවන් පිරිසකට ලැබිය යුතු ප්‍රමාණයට වඩා ඉහළ මුදල් ප්‍රමාණයක් නිකුත් වී ඇති බව එම බැංකුව නිල වශයෙන් නිවේදනය කරයි.

බැංකුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය ප්‍රකාශනයකට අනුව, මෙම දෝෂය සිදු වී ඇත්තේ එක් මුදල් ඒකකයකින් විනිමය අනුපාතිකය පරිවර්තනය වීමේදීය. මෑතකදී හඳුනාගත් මෙම දෝෂය නිවැරදි කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන ඇත.

පද්ධති දෝෂය හේතුවෙන් සිදු වූ ඇස්තමේන්තුගත මුල්‍යමය බලපෑම ආසන්න වශයෙන් රුපියල් මිලියන 656 කි.

මෙම මුදල අදාළ කාලසීමාව තුළ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ගිණුම් ප්‍රකාශනවලට දැනටමත් ඇතුළත් කර ඇති බැවින්, වත්මන් ගණන් බැලීම්වලට අනුව ඉදිරියට මින් කිසිදු මූල්‍යමය බලපෑමක් අපේක්ෂා නොකෙරේ.

අදාළ කාලසීමාව තුළ වැඩිපුර මුදල් ලබාගත් ගනුදෙනුකරුවන්ගෙන් එම මුදල් නැවත අයකර ගැනීමේ ක්‍රියාවලිය මේ වන විටත් සාර්ථකව ආරම්භ කර ඇත.

දෝෂය හඳුනාගත් වහාම බැංකුව අභ්‍යන්තර විමර්ශනයක් සිදු කර ඇති අතර, අදාළ මෙහෙයුම් ක්‍රියාවලීන් තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු නියාමන සහ අධීක්ෂණ අධිකාරීන්ගේ උපදෙස් මත මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ද ක්‍රියාත්මක වේ.

මෙම තත්ත්වය බැංකුවේ ස්ථාවරත්වයට කිසිදු බලපෑමක් එල්ල නොකරන බව අවධාරණය කරන මහජන බැංකුව, තමන් රුපියල් ට්‍රිලියන 3.8ක පමණ වත්කම්වලින් සමන්විත ශක්තිමත් මූල්‍ය ආයතනයක් බව පෙන්වා දෙයි.

එම නිසා බැංකුවේ මූල්‍ය ස්ථාවරත්වයට, ලාභයට හෝ ගනුදෙනුකාර තැන්පතුවල ආරක්ෂාවට මින් කිසිදු බලපෑමක් සිදු නොවන බව ද බැංකුව සහතික වෙයි.

මහජන බැංකුවේ එදිනෙදා බැංකු කටයුතු, ඩිජිටල් බැංකු පහසුකම් සහ සියලුම ගනුදෙනුකාර සේවාවන් දැනටමත් සාමාන්‍ය පරිදි සුරක්ෂිතව ක්‍රියාත්මක වන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


2 Comments

  1. මෙම තත්ත්වය බැංකුවේ ස්ථාවරත්වයට කිසිදු බලපෑමක් එල්ල නොකරන බව අවධාරණය කරන මහජන බැංකුව, තමන් රුපියල් ට්‍රිලියන 3.8ක පමණ වත්කම්වලින් සමන්විත ශක්තිමත් මූල්‍ය ආයතනයක් බව පෙන්වා දෙයි.


    Apita 60% hambawuna wage

    ReplyDelete
  2. සුද්ද ආවෙ නැත්නම් ලංකාවේ එවුවො තාමත් ගල් යුගයේ.රජයේ සියයට අනූ පහක් සේවකයන් කිසිම කෙනෙක් බැංකු ඇතුළු කියන දෙයක් තුට්ටුවකට මායිම් කරන්නේ නැහැ. මහන්තත්ත කම ඔළුවට ගහලා. මොවූන්ට තාමත් ඊමේල් යවලා කෝල් කරල කියන්න ඕන ඊමේල් කරා කියලා, එහෙම නැත්නම් ෂැක්ස් කරන්න කියනනව. මොනව හරි දෙයක් ගැන තර්ක කරන්න ගියොත් ඔවුන්ට මල පනිනවා.මේ වගේ අයත් එක්ක මොන ඩිජිටල්ද.

    ReplyDelete
Previous Post Next Post