බුද්ධ ශාසනයට මේ වන විට අඳුරු යුගයක් උදා වී ඇති බවත්, එම අර්බුදයෙන් මිදීම සඳහා සිව්වනක් පිරිසම ඒකරාශී විය යුතු බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.
උන්වහන්සේ මේ බව අවධාරණය කළේ රත්නපුර වැලිගෙපොළ ඓතිහාසික කොඹුල්වල රජමහා විහාරස්ථානයේ මකර තොරණ සහිත වාහල් කඩ විවෘත කිරීම සහ ශාස්ත්‍රීය ග්රන්ථයක් දොරට වැඩීමේ උත්සවයට එක්වෙමිනි.
මෙම අවස්ථාවේදී අනු නාහිමියෝ පෙන්වා දුන්නේ අතීත රජවරුන් ශාසනයේ ආරක්ෂාව වෙනුවෙන් ඉතා දූරදර්ශීව කටයුතු කළ බවයි. විශේෂයෙන්ම දුටුගැමුණු මහ රජතුමා සිය ව්‍යායාමය හුදෙක් බුද්ධ ශාසනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් බව ප්‍රකාශ කළද, අද එවැනි ප්‍රකාශයක් කළහොත් එය විවිධ කෝණවලින් විවේචනයට ලක්විය හැකි බව උන්වහන්සේ සඳහන් කළහ.
"බුද්ධ ශාසන අමාත්‍යාංශයේ භික්ෂූන් වහන්සේලා 40,000ක් පමණ ලියාපදිංචි වී සිටිනවා. උන්වහන්සේලා අතරින් යම් යම් නීති විරෝධී කටයුතු නිසා සිරගත වී සිටින්නේ 30ක් වැනි ඉතා සුළු පිරිසක් පමණයි. නමුත් අද පවතින තත්ත්වය අනුව, ඒ සුළුතරයකගේ ක්‍රියාකලාපය නිසා සමස්ත භික්ෂු සමාජයටම නිර්දය ලෙස ගරහන තත්ත්වයක් පත්වෙලා තිබෙනවා".
මෙම තත්ත්වය පිටුපස ශාසන භ්‍රෂ්ටයින් පිරිසක් සිටින බවත්, මෙය ශාසනයට අඳුරු යුගයක් උදා වී ඇති බවට පෙරනිමිත්තක් බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.
මෙම ශාසනික අර්බුදය ජයගත හැක්කේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිසම එකා මෙන් ඒකරාශී වීමෙන් පමණක් බව අනු නාහිමියෝ වැඩිදුරටත් අවධාරණය කළහ.

අනුනාහිමියනේ, මේ බුද්ධ ශාසනයට නොවේ සංඝ පරපුරට අඳුරු යුගයක්. බාහිර බලවේග බුද්ධාගමට එරෙහිව කරන දේට වඩා ඇතැම් මහණුන් ලොකු විනාශයක් කරනවා. නිකායවලට නොබෙදී වහාම බුද්ධාගම බේරා ගැනීමට සංඝ ශාසනය ශෝධනය කරන්න.
ReplyDeleteමේ ස්වාමීණ්වහණ්සේගේ ප්‍රකාශය සමග සියයට සියයක් එකඟයි.
ReplyDeleteසියළු දෙනා ධර්මය ඉගෙන ගැනිමට ධර්මයේ හැසිරීමට වැඩි වැඩියෙන් උත්සාහ කල යුතු කාලයක්. හෞතික දේ පසුපස එලවා යනවාට වඩා.
Deleteස්වාමින් වහන්සේලාටත් අදාලයි.
ඒ සුළුතරය අතරට ප්‍රධානතම නායක ස්වාමීන් වහන්සේ නමක් ළමා අපචාරකයෙක් විදියට එකතු වුණාම කොහොමත් කලු පැල්ලමක් තමයි.
ReplyDeleteඒ මදිවට තව හඩ නගන්නත් එනවා ඒ අපරාධය හොදයි ඒකට නීතිය ක්‍රියාත්මක කරපු උන් තමයි වැරදි කියලා. මේ වගේ ළමා අපචාර වලට කැමති, වින්දිතයින්ට ගරහන නරුමයො ටිකක් මේ site එකේම comment කොට කොට ඉන්නවා. මේ සිද්ධියට සම්බන්ධ කලින් article එකේ comments ටික බැලුවම ඒ pedophilesලා ටික අඳුනගන්න පුලුවන්.
ඒක ඇත්ත. මේ අය ඇත්තටම බුද්ධ දේශනාව ගැන සිහි කරන අයද කියන එක අවිශ්වාසයි.
Deleteභික්ෂූන් වහන්සේලා පොහය කර්ම කරනවද? ඇවැත් දෙසනවද? සොයා බලන්න. දන් වැළඳිමට ප්‍රතම තමන් වහන්සේලා පාරාජිකාවී නොමැති බවටත් ඇවැත් දෙසා සිල් පිරිසිදු කරගෙන ඇති බවටත් අනුග්‍රාහක ගිහියන්ගේ සෘද්ධාව වැඩිවනු පිනිස ප්‍රකාශ කර හැකිද?
ReplyDeleteඒවා මොකටද, කන්න තෝරා පෙති, බොන්න සිංගල් මෝල්ට්, හවසට ගිලන්පසට පොඩි කෙල්ලො, වඩින්න V8, තට්ටු මාලිගා ආවාස තිබ්බ නං ධර්මේ ලපන් ගහන්නද?
DeleteThe main problem is too much money monks making. When you have lot of money it is eve al.
ReplyDelete