වෙසක් පෝයට උතුරේ දන්සැල් තහනමක්ද..?


 මෙවර වෙසක් සමය තුළ උතුරු පළාතේ දන්සල් පැවැත්වීම සහ වෙසක් සැරසිලි ප්‍රදර්ශනය කිරීම උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් තහනම් කර ඇති බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත බව උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගන් මහතා අවධාරණය කරයි.

ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ සියලු මාධ්‍ය ප්‍රධානීන් වෙත විශේෂ පැහැදිලි කිරීමේ නිවේදනයක් නිකුත් කරමිනි.

ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු මට්ටමක සාකච්ඡාවක් පවා සිදුව නොමැති බවත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව ආණ්ඩුකාරවරයා පවසයි.

දීර්ඝ කාලයක් තිස්සේ මෙරට ජන කොටස් අතර පවතින ජාතික හා ආගමික සංහිඳියාව විනාශ කිරීමේ සහ ජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති කිරීමේ ද්වේෂසහගත අරමුණින් යුතුව, ඇතැම් පිරිස් විසින් මෙම ව්‍යාජ පුවත් හිතාමතාම නිර්මාණය කර ප්‍රචාරය කරන බව පැහැදිලි වී ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.

මෙම පහත් පෙළේ ද්වේෂසහගත සමාජ මාධ්‍ය ප්‍රචාරණයට එරෙහිව මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

එබැවින්, මෙවැනි පදනම් විරහිත ව්‍යාජ පුවත් විශ්වාස නොකරන ලෙසත්, අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී ජාතික හා ආගමික සංහිඳියාව මෙන්ම සාමය ආරක්ෂා කර ගනිමින් කටයුතු කරන ලෙසත් ආණ්ඩුකාර වේදනායගන් මහතා සමස්ත මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී

7 Comments

  1. Rajapaksha parayooo, uba mona sellam dammath aye no chance !

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඊළඟට බලයට එන්නෙ කොටිද හුත්තෝ?
      එව්වා වානා බොල මේ රටේ.

      Delete
    2. Very well said!

      Delete
  2. Naala waren gon Jeppa

    ReplyDelete
  3. .........ජෙප්පෝ මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව... බෝන් අගේන් ක්‍රිස්තියානි කොටි ඩයස්පෝරාව ඩොලර් දෙන පොරොන්දුව මත ලපයා සහ මුලු ආන්ඩුවටම හාමුදුරුවරු රනවිරු සහ මහින්ද දඩයම පටන් අරන්....ඔක්කොම් වියාපාරත් කොටි ඩයස්පෝරාවට...ක්‍රිකට් ....ඉඩම් ....තෙල්... ඔක්කොම කරන්නේ කොටි ඩය්ස්පෝරාව...

    ReplyDelete
Previous Post Next Post