ඩොලරය පසුබායි.. රුපියල අදත් උඩ යයි...


පසුගිය දින කිහිපය පුරා විදේශීය මුදල් ඒකක හමුවේ දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල, ඊයේ සහ අද තෙවන දිනටත් අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස අධිප්‍රමාණය වෙමින් නැවතත් ශක්තිමත් වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද නිල විනිමය අනුපාතික සටහනට අනුව, අමෙරිකානු ඩොලරය මිල දී ගන්නනු ලබන අනුපාතිකය රුපියල් 318.32ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය  රුපියල් 328.69ක් ලෙසත් දැක්වුණි.

ස්ටර්ලින් පවුම මිල දී ගැනීමේ අගය රුපියල් 427.98ක් සහ විකුණුම් අගය රුපියල් 444.30ක් ලෙස සටහන් විය.

යුරෝ මිල දී ගැනීමේ සහ විකුණුම් අගයන් පිළිවෙළින් රුපියල් 369.18ක් සහ රුපියල් 383.63ක් ලෙස සටහන් වී තිබුණි.

මූල්‍ය වෙළෙඳපොළ විශ්ලේෂකයන් පවසන්නේ පසුගිය දිනවල රුපියල යම් බිඳවැටීමකට ලක්වුවද, ගතවූ දින දෙක තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල නැවත අධිප්‍රමාණය වීම දේශීය වෙළෙඳපොළ ස්ථාවරත්වයට සුබවාදී බලපෑමක් එල්ල කරනු ඇති බවයි.

2 Comments

  1. යස වැඩේ වාහන ගේන්න තන්හාවට LC ඇරපු එවූන්ට සනීප ඇති දැන්. තන්හාය ජායතී සෝකෝ.

    ReplyDelete
  2. ඒ අන්න නයි දෙරණට ආමි එකේ කොටි දෙන්නෙක් ඇවිත් දෙමළ මිනිස්සු පහන් පත්තු කරන එක හරි කියල කියනව. උඹලගෙ ඇජෙන්ඩ එකට හරි යන්නෙ නෑ පුතේ ඔහොම ගියොත්, ලංකාවේ ඉන්න වල් බයියෝ චූන් වෙලා ජොකා තෙමෙන නිවුස් ටිකක් හදල හරි ගහන්න වෙනව දැන්.

    අර වීර සංගිලි පනික්කලේ වගේ සත පහකට ගණන් ගන්නෙ නැති පාපිසි උස්සන්නෙ නැතුව. අර තුට්ටු දෙකේ උනත් තිත්ත වම්බටු කුට්ටිය කියන දේවල් නිතර දාපන්. ඌ තමයි බයි මනසට නියමෙටම ගැලපෙන ආකල්ප තියෙන එකා.

    ReplyDelete
Previous Post Next Post