මල්වාන ප්‍රදේශයේ පිහිටි, අයිතිකරුවකු ඉදිරිපත් නොවූ අක්කර 15ක ඉඩම සහ එහි ඇති නිවස විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රයෝජනය සඳහා ලබාදෙන ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (14) සිය විරෝධය පළ කරන ලදී.
මහජනතාවගෙන් සොරාගත් දේපොළ යළි ජනසතු කරන බවට වත්මන් රජය බලයට පත්වීමේදී වූ පොරොන්දුව සිහිපත් කරමින්, මෙම දේපොළ ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා හෝ පොදු අරමුණක් වෙනුවෙන් පවරා ගන්නා ලෙස සිසුහු මෙහිදී රජයෙන් ඉල්ලා සිටියහ.
මෙම දේපොළ තමාට අයත් නොවන බව බැසිල් රාජපක්ෂ මහතා නීතිඥයන් මාර්ගයෙන් අධිකරණයට දන්වා තිබීම හේතුවෙන්, හිමිකරුවකු නොමැති දේපොළක් ලෙස සලකා මෙය අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා ගැනුණි.
අදාළ ඉඩම සහ නිවස වෙන්දේසි කිරීමට අධිකරණය නියෝග කර තිබූ අතර, පසුගිය අරගල සමයේදී සිදුවූ ගිනි තැබීමකින් නිවසේ කොටසකට හානි සිදුවිය.
මීට පෙර මෙම ස්ථානයේ ජාත්‍යන්තර විනිසුරු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණද, දීර්ඝ කාලයක් තිස්සේ එම කටයුතු අකර්මන්‍යව පැවතිණි.
පවතින ඉඩකඩ ගැටලුවලට විසඳුමක් ලෙස, අතහැර දමා ඇති මෙම මල්වාන දේපොළ තමන්ට පවරා දෙන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සිය විරෝධතාවය හරහා අවධාරණය කර සිටියි

එකෙක් දෙන්නෙක්ට හොදට සලකලා ඇරියනන් හරි.
ReplyDeleteමේ කාලකන්නි ආන්ඩුවේ හෙන්චයියො මේ.මුන් පිස්සු වැටිලා ගල් අගුරු කොන්ටේනර් කේස් වලට. ගමේ මිනිස්සු මුන්ට ගහල එලවන්න. නැත්නම් මුන් ගමත් ගිනි තියයි.
ReplyDeletealuth news mawana wada karanne me anduwe cotract ekata
ReplyDeleteඩයි සීයගෙ මෝඩ චූන්
ReplyDeletekadawatha mandiraya dakke nadda
ReplyDelete