අලුත් අන්තරේ බැසිල්ගේ කියන මල්වානේ නිවසට පැන අල්ලාගනී.. පොලිසියෙන් ලොකු බාදාවක් නෑ...


 මල්වාන ප්‍රදේශයේ පිහිටි, අයිතිකරුවකු ඉදිරිපත් නොවූ අක්කර 15ක ඉඩම සහ එහි ඇති නිවස විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රයෝජනය සඳහා ලබාදෙන ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (14) සිය විරෝධය පළ කරන ලදී.

මහජනතාවගෙන් සොරාගත් දේපොළ යළි ජනසතු කරන බවට වත්මන් රජය බලයට පත්වීමේදී වූ පොරොන්දුව සිහිපත් කරමින්, මෙම දේපොළ ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා හෝ පොදු අරමුණක් වෙනුවෙන් පවරා ගන්නා ලෙස සිසුහු මෙහිදී රජයෙන් ඉල්ලා සිටියහ.

මෙම දේපොළ තමාට අයත් නොවන බව බැසිල් රාජපක්ෂ මහතා නීතිඥයන් මාර්ගයෙන් අධිකරණයට දන්වා තිබීම හේතුවෙන්, හිමිකරුවකු නොමැති දේපොළක් ලෙස සලකා මෙය අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා ගැනුණි.

අදාළ ඉඩම සහ නිවස වෙන්දේසි කිරීමට අධිකරණය නියෝග කර තිබූ අතර, පසුගිය අරගල සමයේදී සිදුවූ ගිනි තැබීමකින් නිවසේ කොටසකට හානි සිදුවිය.

මීට පෙර මෙම ස්ථානයේ ජාත්‍යන්තර විනිසුරු පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර තිබුණද, දීර්ඝ කාලයක් තිස්සේ එම කටයුතු අකර්මන්‍යව පැවතිණි.

පවතින ඉඩකඩ ගැටලුවලට විසඳුමක් ලෙස, අතහැර දමා ඇති මෙම මල්වාන දේපොළ තමන්ට පවරා දෙන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සිය විරෝධතාවය හරහා අවධාරණය කර සිටියි

7 Comments

  1. එකෙක් දෙන්නෙක්ට හොදට සලකලා ඇරියනන් හරි.

    ReplyDelete
  2. මේ කාලකන්නි ආන්ඩුවේ හෙන්චයියො මේ.මුන් පිස්සු වැටිලා ගල් අගුරු කොන්ටේනර් කේස් වලට. ගමේ මිනිස්සු මුන්ට ගහල එලවන්න. නැත්නම් මුන් ගමත් ගිනි තියයි.

    ReplyDelete
  3. aluth news mawana wada karanne me anduwe cotract ekata

    ReplyDelete
  4. ඩයි සීයගෙ මෝඩ චූන්

    ReplyDelete
  5. kadawatha mandiraya dakke nadda

    ReplyDelete
  6. කඩුවෙල ලාලයගෙ මන්දිරයට පලයල්ල මිනී පෙට්ටියෙන් එන්න පුලුවන්

    ReplyDelete

  7. ආරියතිලක

    මල්වාන ප්‍රදේශයේ සුපිරි නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන්, හා අක්කර 15 පමණ මෙම ඉඩම සහිත දේපොළවලට,
    බැසිල් රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයාට සහ කෝටිපති ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් යන අයට විරුද්ධව,ගම්පහ මහාධිකරණයෙහි නඩු පවරා තිබිණි. එම නඩුව පවරා තිබුණේ මුදල් විශුද්ධිකරණය යටතේ ය. මෙම නඩුව දීර්ඝ කාලයක් තිස්සේ විභාගයට ගැනීමෙන් අනතුරුව ගම්පහ පූර්වගාමී මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා විසින් මෙම නඩුවේ තීන්දුව 2022 ජුනි 03 වෙනි දින ප්‍රකාශයට පත්කරන ලදී. එම තීන්දු ප්‍රකාරව බැසිල් රාජපක්ෂ හා කෝටිපති ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් නිදොස් කොට නිදහස් කෙරෙණි.


    මෙම ඉඩමට නීත්‍යානුකූල හිමිකරුවෙකු නොමැති වීම නිසා එය අධිකරණ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබුණි.

    අක්කර 15 ක පමණ, හිමිකරුවෙකු නොමැති මෙම ඉඩම හා එහි වූ නිවස වෙන්දේසි කරන ලෙස අධිකරණය නියෝග කර තිබුණි. පසු ගිය අරගල සමයේදී මෙම නිවස ගිනි තැබීමෙන්, එහි කොටසකට හානි සිදු විය.

    දැන් පැන නගින ප්‍රශනය වන්නේ අධිකරණ නියෝගයකින් අධිකරණ අමාත්‍යංශය යටතට පත් කර ඇති දේපොළක්ට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණඩලයේ ශිෂ්‍ය ක්‍රියා කාරීන් හෝ වෙන යම් කවරෙකු හෝ බලහත් කාරයෙන් ඇතුලු වූයේ කෙසේ ද යන්න ය. මෙය අධිකරණ නියෝගයට කරන ලද අපහාසයක් වනවා ඇත. මෙය අධිකරණය හෑල්ලුවට පත් කිරීම මෙන් ම අධිකරණයට කරන ද බලවත් අපහාසයක් බව කිව යුතු ය. අධිකරණ යනු ජනතාවගේ පරමාධිපත්‍ය බලයේ කොටසකි. ආණ්ඩුක්‍රම ව්‍යවසථාවේ 3 වන හා 4 වන ව්‍යවස්ථාවලින් කියවෙන ජනතාවගේ පරමාධිපත්‍යයේ බලය උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට සෘජුව ම කරන ලද අනීතික බලහත්කාර කමක් ද වනවා ඇත.

    එබැවින් මෙම දේපොළ ඇතුලතට අයුතු ලෙස ඇතුල් වී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මෙයට සම්බන්ධ වූවන්ට තරාතිරමක නො බලා නීතිය ක්‍රියාත්මක කිරීම ඇවැසි ය. එසේ නොවන්නේ නම් නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කරනවා යයි වත්මන් ජනාධිපතිවරයා විසින් ජනාධිපතිවරණයට පෙර ජනතාවට දෙන ලද ප්‍රතිඥාව පුස්සක් වනවා ඇත. එසේ ම ජනතා පරමාධිපත්‍ය බලය හෑල්ලු කිරීමක් ද වනවා ඇත.








    ReplyDelete
Previous Post Next Post