රිය අනතුර නඩුවේ කොටසක් රවී සෙනවිරත්න පිළිගනී...


වැල්ලවත්ත, මැරීන් ඩ්‍රයිව් මාර්ගයේ බීමතින් රිය පදවා පසුගිය 2023 වසරේදී මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විසින් සිදු කළ බව කියන රිය අනතුරට අදාළ නඩුව සම්බන්ධයෙන් වූ චෝදනා තුනෙන් එකකට තමන් වරදකරු බවට පිළිගන්නා බව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ රවී සෙනෙවිරත්න පැවසීය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 181 වගන්තිය යටතේ පළමුවන චෝදනාව වන රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව සම්බන්ධයෙන් තම සේවාදායකයා වරද පිළිගන්නා බවත් දෙක තුන චෝදනා වන අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම යන චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බව ඊයේ දින නඩුව විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී චූදිත වෙනුවෙන් පෙනී සිටි චන්දන පෙරේරා, ගීත්ම ප්‍රනාන්දු සහා වරුණ ජයසිංහ යන නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කලහ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි වැල්ලවත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ, දෙවන හා තෙවන චෝදනා ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බව ය.

ඒ අනුව, පළමුවන චෝදනාව සම්බන්ධයෙන් දඩුවම් නියම කිරීමට හා දෙවන, තෙවන චෝදනා ඉදිරියට පවත්වාගෙන යනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා නැවත මෙම නඩුව ජුනි මස 26 දිනට කැඳවන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා නියෝග කළා ය.

ජනුදි ගෝමස්

4 Comments

  1. හි ....හි.....හි..........May 10, 2026 at 5:44 AM

    පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි වැල්ලවත්ත පොලිසිය අධිකරණයට දන්වා සිටියේ, දෙවන හා තෙවන චෝදනා (අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම )ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බව ය.

    ReplyDelete
  2. ටිකිරි මොලෙන් ගොඩ දාගෙනMay 10, 2026 at 5:47 AM

    රිය අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව සඳහා අවම වශයෙන් රු. 25,000 ක දඩයක් නියම වේ

    ReplyDelete
  3. කම්ම හොරු. නීතිය නැවී, නැවී යයි.

    ReplyDelete
  4. සාක්කි කරුවන්ට වචන කටට බලෙන් දාලා.....මරලා... රාජපක්ශ "හොරා" "හොරා" කියන්න දතකන ලපයා.................... ලපයා තවත් සාක්කි කාරයෝ කීයක් මරාවිද රාජපක්ශ හොරා කෑවා කියලා කියන්න බල කරලා.....චන්දෙට ඉස්සෙල්ලා මේ ම්නීමරු පච රෑල කිව්වේ ඔක්කොම දෑක්කා වගේ..

    ReplyDelete
Previous Post Next Post