වාහන මිලට ගැනීමට දැඩි සීමා පනවයි.. මහ බැංකුවේ නව නියෝග මෙන්න..


 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 105(1) වගන්තිය ප්‍රකාරව, මෝටර් රථ වාහන මිලදී ගැනීම හෝ පරිහරණය කිරීම සඳහා ලබාදෙන ණය පහසුකම් වෙනුවෙන් උපරිම 'ණය සහ වටිනාකම අතර අනුපාතයන්' (Loan-to-Value - LTV) සීමා කරමින් නව නියෝග මාලාවක් නිකුත් කර තිබේ. 

2026 මැයි 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති මෙම නියෝගය, බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම් සහ ලියාපදිංචි මූල්‍ය කල්බදු ආයතන ඇතුළු මහ බැංකුවේ නියාමනයට හා අධීක්ෂණයට යටත් සියලුම මූල්‍ය ආයතන වෙත බලපැවැත්වේ. 

නව නියෝගයන්ට අනුව ශ්‍රී ලංකාව තුළ ප්‍රථම ලියාපදිංචියෙන් පසු වසරකට වඩා වැඩි කාලයක් පාවිච්චි කරන ලද වාහන සඳහා ලබාදිය හැකි උපරිම ණය මුදල එම වාහනයේ වෙළෙඳපොළ වටිනාකමෙන් 60% කි.

ලියාපදිංචි නොකළ සහ වසරකට අඩු කාලයක් පාවිච්චි කළ වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වර්ගීකරණයට අනුව උපරිම LTV සීමාවන් කාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 
  •  වාණිජ වාහන: සැහැල්ලු ට්‍රක් රථ, සිංගල් කැබ් රථ සහ විශාල ප්‍රවාහන වාහන ඇතුළත් (C1, C, CE, D1, D, DE, G1, G, J) කාණ්ඩ සඳහා උපරිම ණය සීමාව 60% කි. 
  • පෞද්ගලික සහ අනෙකුත් වාහන: මෝටර් රථ, SUV රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ඇතුළත් (B, B1, A1, A) කාණ්ඩ සඳහා උපරිම ණය සීමාව 40% දක්වා පහත හෙළා ඇත. 

නව නියෝග ක්‍රියාත්මක වීමට පෙර, එනම් 2026 මැයි 25 දිනට පෙර විවෘත කරන ලද, නමුත් මෙතෙක් ණය පහසුකම් ලබාගෙන නොමැති ලියාපදිංචි නොකළ වාහනවලට අදාළ ණයවර ලිපි වෙනුවෙන් විශේෂ සහනදායී සන්ක්‍රාන්ති ප්‍රතිපාදන මාලාවක් ද මහ බැංකුව විසින් හඳුන්වා දී ඇත

 ඒ අනුව, අදාළ ණයවර ලිපි විවෘත කරන ලද කාලසීමාවන් (2025 ජූලි 18 දිනට පෙර, 2025 ජූලි 18 - නොවැම්බර් 08 සහ 2025 නොවැම්බර් 08 - 2026 මැයි 25) පදනම් කර ගනිමින් ව්‍යතිරේකයන් යටතේ ණය පහසුකම් සැපයීමට මූල්‍ය ආයතනවලට අවසර හිමිවේ. 

වාහන වෙළෙඳපොළ වෙත ගලායන ණය ප්‍රමාණය මක්‍රෝ-ප්‍රශස්තකරණ මට්ටමක  පවත්වා ගනිමින් මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීම මෙම නව පියවරෙහි මූලික අරමුණ වී තිබේ


12 Comments

  1. ආර්ථිකයේ කිසි ප්‍රශ්නයක් නැත්නම් මොකද පුරවැසියොන්ට සීමා පනවන්නේ?

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්තිMay 24, 2026 at 10:20 PM

      ලෝකේ හැම ආර්ථිකයකම ප්‍රශ්ණ තියෙනවා, ඒ ප්‍රශ්ණ කල්තියා අඳුරගෙන, ඔඩු දුවන්නේ නැති වෙන විදියට වැඩ කරන්ඩ වෙනවා, ඒකට තමයි ආණ්ඩු තියෙන්නේ, නැත්නම් පණ කඩාගෙන දුවන්ඩ වෙනවා පාලකයන්ට, මතකනේ අවුරුදු කීපයකට කලින්, උසේන් බෝල්ට් පරාදයි.

      Delete
  2. පතිරණ ගලප්පත්තිMay 24, 2026 at 10:18 PM

    මේ නිසා අඩු ගාණේ ලංකාවේ වාහන වල මිළ ඉහළ යන එක නතර වෙයි. වෙන ඕනෑම රටක පරණ වෙන්ඩ පරණ වෙන්ඩ, වාහන වල මිළ අඩු වෙනවා. ලංකාවේ විතරක් අවුරුද්දෙන් අවුරුද්ද පරණ වෙන්ඩ පරණ වෙන්ඩ වාහන වල මිළ වැඩිවෙනවා, හැම වාහනයක්ම පාවිච්චි කරලා ඉවර වෙලා විකුණන්නේ ගත්ත මිළට වඩා වැඩියෙන්. ඒක ඇත්තටම විකාරයක්. පහුගිය අවුරුදු 76ක කෙරුවාවේ හොඳම නිදර්ෂකයක් තමයි වාහන මිළ විකාරය. මේක එක පාරටම අංශක 180කින් ආපහු හරවලා පරණ වෙන වාහන වල මිළ අඩු වෙන විදියට කටයුතු කරන්ඩ කලින්, අඩු ගානේ මිළ, එම මිළම වශයෙන් පවත්වා ගන්ඩ මේ හරහා මූලිකව හැකි වෙයි. මොකද 60%ක් දක්වා පමණක් ණය දෙනවා කියන්නේ ඉතිරි 40% තමන් හොයා ගත යුතුයි. එහෙම කරන්ඩ පුළුවන් පිරිස අඩු නිසා, ඉල්ලුම අඩු වෙනකොට, මිළ ඉහලයාම නතර වෙයි. දෙවෙනි පියවරක් හැටියට පසු කාලීනව, පරණ වාහන, මිළ අඩු වාහන හැටියට ගන්ඩ අවස්ථාව ලැබෙයි මිනිස්සුන්ට. අනිවාර්යයෙන් depreciation (ක්ෂය වීම්) සඳහා වියදම හිමිකරුවන් විසින් දැරිය යුතුයි, නැත්නම් ආර්ථික නිර්ණායක සියල්ල සංකීර්ණ බිඳවැටීමකට ලක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. 🤣🤣😃😃😄😅ලංකාවේ වාහන වල මිළ ඉහළ යන එක නතර වෙයිලු. 🤣🤣😃😃😄😅 බලන් හිටපන්. දැනටමත් ලක්ශ 4කින් පොඩි වාහන මිල වැඩි වෙලා. අනිත් ඒවා ලක්ශ 8-10 වැඩි වෙනවා.

      Delete
    2. රෙද්ද තමා වාහන සිමා පනවපුවාම supply එක අඩු වෙලා තියෙන ටිකට තවත් demand වැඩි වෙලා price තව වැඩි වෙනවා.එක තමා ලක්ෂ 14 alto එක 40 ට ගියේ.ජෙප්පොන්ගෝ මරි මෝඩ logic.ඕකම අපහු වෙනවා

      Delete
  3. නන්දලාල් කියන හොර තක්කඩි පකයට හෙන ගහන්න ඕන ... ඕකා මේ රටේ සල්ලි ඕස්ට්‍රේලියාවේ දාලා ඒවගෙන් යැපෙන ඔකාගේ පවුලේ හැත්ත බුරුත්තට්ම ශාප වේවා .. කාලකන්නි පහාර බල්ලා .. නොදකින් බලු හුත්තා

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි, අනුන්ට සාප කරපුවාම, ඒකට අදාල හේතු කාරණා වැරදි නම්, ඒ සාප තමන්ට හැරවිලා එනවා, පරිස්සමෙන්.

      Delete
    2. එහෙම ආපහු හැරිලා එනවා නම්. පල්ලේගම හේමරතන හාමුදුරුවන්ට කුණු කතා කියපු හැම එකාටමත් හැරිලා එනවා.
      ගෝඨාභයට හෙන ඉල්ලපු හැම එකාටම ඒක දැනටමත් හැරිලා ඇවිල්ලා. තව ඉවර නැහැ. බලාගෙන හිටපල්ලා.

      Delete
  4. අලුත් බද්ද ගහන්න ඉස්සෙල්ල අනුරගේ චෞර වළල්ලේ එව්වෝ ටික වාහන ඕඩර් කරා.ඒ ගේන වාහන වලටත් විශේෂ සහනදායී ප්‍රතිපාදන මාලාවක්.කොහොමත් අනුර කුමාරගේ චෞර වලල්ලේ ධම්මිකලා ඊශාරලා දිනම්.අත යටින් ගාන හම්බවෙන හින්දා හුන්ඩු කුමාර කොහොමත් දිනුම්.ධම්මික ලා ඊශාරලා වාහන ගෙන්නනවා අනිත් පැත්තෙන් උන්ගෙම ලීසිං කොම්පැනි හරහා ලීසිං දෙනවා.

    ReplyDelete
  5. කෝ දැන් අර ලැම්බෝගිනි ඉල්ලලා අඬපු වස්සයි, සමනලී කියන වැස්සියි. තව අර ශිහාන් මිහිරංග කියලා වට පඩයෙකුත් වැළලුනා නේද?

    ReplyDelete
    Replies
    1. උන් දැන් ලැම්බොගිනි 4කට 5කට සල්ලි හොයලා ඉවරයි.
      ලංකාවේ මෝඩ හැත්ත උන්ට උඩින්ම ඡන්දෙ දීලා ගෙනාවනේ.

      Delete
  6. කාලකන්නි ගොබ්බ වැඩ බැරි හැත්තකට බලය ගිහින්, මුළු රටම ඉවරයි.

    ReplyDelete
Previous Post Next Post