වෙසක් පොහෝ දිනය සහ සති අන්ත දීර්ඝ නිවාඩුව හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ විදුලි ඉල්ලුම බලාපොරොත්තු වූවාට වඩා සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම (National System Operator) නිවේදනය කරයි.
ඉල්ලුම පහත වැටී ඇති මෙම අවස්ථාවේදී සූර්ය පැනල මඟින් ජනනය වන විදුලි ප්‍රමාණය ඉතා ඉහළ අගයක පැවතීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායීතාව රැකගැනීම සඳහා විශේෂ පියවර ගැනීමට සිදුව ඇති බව එම සමාගම පවසයි.
ඒ අනුව, දිවයිනේ ප්‍රදේශ රැසක විදුලි ඉල්ලුමට වඩා සූර්ය විදුලි ජනනයක් සිදුවන 33 kV විදුලි පෝෂක (Feeders) තාවකාලිකව විසන්ධි කිරීමට අද (30) දිනයේ පියවර ගෙන තිබේ.
පද්ධතියේ ස්ථායීතාව සහ අඛණ්ඩ විදුලි සැපයුම රැකගැනීම වෙනුවෙන් මෙම තීරණය ගත් බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා උදෑසන 8.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ තම වහල මත සවිකර ඇති සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම විසින් පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටි අතර, පද්ධතිය ක්‍රමක්‍රමයෙන් ස්ථාවර මට්ටමට පත්වීමත් සමඟ පස්වරු 3.00 පමණ වන විට සියලුම ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු යොදා තිබුණි.
හෙට (31) දිනයේදී ද ජාතික විදුලිබල පද්ධතියේ මෙවැනිම අඩු විදුලි ඉල්ලුමක් අපේක්ෂා කරන බැවින්, පද්ධතියේ ස්ථායීතාව සුරැකීම සඳහා සහය වන ලෙස සමාගම සූර්ය පැනල හිමි විදුලි පාරිභෝගිකයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
ඒ අනුව, හෙට දින ද උදෑසන 8.00 සිට සවස 3.00 දක්වා කාලය තුළ තම සූර්ය පැනල පද්ධති ස්වේච්ඡාවෙන් ක්‍රියාවිරහිත කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දෙයි. පාරිභෝගිකයන්ගෙන් ලැබෙන මෙම සහයෝගය මත, විදුලි පෝෂක විසන්ධි කිරීමකින් තොරව මහජනතාව වෙත අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට හැකිවනු ඇතැයි ජාතික පද්ධති ක්‍රියාකරු (NSO) අපේක්ෂා කරයි.


National System Operator (Pvt) Ltd
ReplyDeleteNiyama Nama
Kohoma hari CEB kaduwane - ape Malimawa
Hikis
හුන්ඩුවා ගො හෝම්
ReplyDelete
ReplyDeleteනිකම්ම ලැබෙන සූර්‍ය බලශක්තියට වඩා,කොමිස් වලට ගේන බොරතෙල් ගල්අගුරැ වලින් යැපෙන දේශපාලුවන් දූශිත නිලධාරීන් මහජනතාවට කනුහරැප න්‍යායන්ගෙන් දමා ගැසීම සමස්ථ සමාජයට කරනා දැඩි අපහාසයක් බව අවධානයට,.!
ithin ubalage hamuta battery genna thibbane e kale.. gal aguru balagara hadanne netiwa
Deleteදැන් හුණ්ඩු බැටරි ගේනවද?
DeleteFinally government has failed in managing renewable energy generated free of charge and burn high cost diesel instead
ReplyDelete