කිසිවකුගේ යටිකූට්ටු වැඩකට ගොදුරක්වූ මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේලා විනයානුකූලව සිවුරු අරවලා යැවීමේ අවශ්‍යතාවක් තියෙනවාද? මේ තරුණ භික්ෂූන් වහන්සේලා ලොකු ගැටයකට අහුවෙලා තියෙනවා. අපිට පේන්නේ උන්වහන්සේලා ලොකු උගුලකට අහුවෙලා තියෙනවා නම් ඒ ගැන හරියට සොයාබලා තීරණ ගැනීම වැදගත්. සමහර බලවේග බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ ශාසනය විනාශ කරන්න” යැයි පැපිලියාන සුනේත්‍රාදේවි පරිවේනාධිපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමිපාණෝ පැවසූහ.
අපවත් වී වදාළ උඩහමුල්ල ශ්‍රී ජිනරතනාරාමාධිපති මහා විහාර වංශික කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ මහනුවර දිසාවේ ප්‍රධාන සංඝනායක, සම්මාන මහෝපාධ්‍යාය, අතිගෞරවාර්ග කලවින්නේ ධම්මරක්ඛිත නාහිමිපාණන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවයේදී උන්වහන්සේ එසේ කීය.
මෙම ආදාහන පූජෝත්සවය මහරගම, නාවින්න මහජන ක්‍රීඩාංගණයේදී සිදුකෙරුණු අතර, එහිදී තවදුරටත් කතා කළ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමිපාණෝ මෙසේද කීහ.
“අවුරුදු 92 ක කාලයක් වැඩ සිටියා අපේ නායක හාමුදුරුවෝ. උන්වහන්සේ බොහෝ වටිනා ශාසන කාර්යභාරයක් ඉටුකළා. උන් වහන්සේගේ ජීවිතය ගැන සතුටින් අනුස්මරණය කරන්න ඕන කාලයක්.
භික්ෂූන් වහන්සේලා වන ඔබ වහන්සේලා ශාසනයේ අන්තිමයා වෙන්න එපා. ඊළඟ පරම්පරාවට මේ සසුන් පිළිවෙත භාරදීලා යන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. අපේ නායක හාමුදුරුවරුන්ගේ ශිෂ්‍ය ලැයිස්තුවක් තියෙනවා. ඒ ශිෂ්‍ය ප්‍රජාව සකස් කරපු හිමිනමක් තමයි උන්වහන්සේ. උන්වහන්සේට ලැබිලා තිබෙනවා සංඝ සභාවෙනුත් ‘සම්මාන උපාධ්යාන’ තනතුරක්. උන්වහන්සේ හරි වැරැද්ද කියලා දෙන්න දක්ෂ කෙනෙක්. භික්ෂූන් වහන්සේලා කියලා කියන්නෙ තමන් පසුපසින් බොහෝ දෙනෙක් එන බව දැනගෙන, ඒ නිසාම තමන්ගේ චර්යාව තුළින් අනිත් අය හික්මවන පිරිසක්. ආදර්ශමත් භික්ෂූන් වහන්සේලා වැඩ සිටීම ම අපිට මහත් ප්‍රයෝජනයක්.
“නායක හාමුදුරුවෝ මා සමග කතා කළා මෑත යුගයේ ශාසනය තුළ සිදුවී ඇති යම් යම් ප්‍රශ්න ගැන. සම්බුද්ධ ශාසනයේ විටින් විට ඉතිහාසය බැලුවොත් එහෙම හැමදාම ප්‍රශ්න තිබුණා.
“මේ ශාසනය ගහට පොත්ත වගේ දායක කාරකාදීන් සමග බැඳිලා පැවතුණා. යම් ආකාරයේ ශාසනයේ යම් වැටීමක් තියෙනවා නම් ඒ වෙලාවේදී ඒක තමන්ට වෙන හානියක් ලෙස සලකාගෙන විශේෂයෙන් ගිහි පාර්ශ්වයත්, මහා සංඝරත්නයත් අපේ ශාසනය කියන හැඟීමෙන් ආරක්ෂාකර ගැනීම සඳහා එකතු වෙන්න ඕනේ.
පසුගිය දවස්වල අර සිද්ධ වෙච්ච සිද්ධියත් එක්ක මම බොහොම කාරුණික ඉල්ලීමක් කරනවා සමහර අය, සමහර පිරිස්, තරුණ හාමුදුරුවරු සිවුරු හරවා යවන්න ඕනේ කියලා. මේ ශාසනයට කියනවා නමක් යථා අපරාධ ශාසනය කියලා. මෙබඳු තත්ත්වයකදී සිවුරු අරවා යැවීමේ හැකියාවක් තිබෙනවාද?
“ඉස්සරහට මේ වගේ තව කොයි තරම් දේවල් මතුවෙයිද? වැරදිද? නිවැරදිද? කියලා බලන් නැතුව සිවුරු අරවලා සැකකාරයෝ උසාවියට යවන කොට අනාගතයේදී මේවා පූර්වාදර්ශ බවට පත් වුණොත් මහා හානියක් වෙනවා.
සතුරාගේ අවශ්‍යතාවය අපේ අවශ්‍යතාවය නොවිය යුතුයි. ඒ නිසා අපේ මේ ශාසනය යම් ආකාරයකට මෙබඳු ගැටලු එදත් අදත් මතු වෙද්දී අපේ නායක හාමුදුරුවරු ස්ථාවරව ඒ දේවල්වලට හරි තීන්දු තීරණ දුන්නා. ශාසනයේ මතු පැවැත්ම සඳහා හැමෝම දායක දායිකාවනුත් භික්ෂූන් වහන්සේලා පොදුවේ ගතයුතු ක්‍රියාමාර්ග වෙත අවධානයට යොමු කරනවා මිසක් මේ වගේ සිද්ධීන්වලට හදිසි තීරණ නොගත යුතුයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

මේ ආන්ඩුවත් එක්ක සාසනේ රකින්න බෑ. ලෝගු කාරයෝ රට පාලනය කරන්නෙ. ප්‍රබාකරන් කතෝලිකයෙක්. අපේ රට විනාස කරන්නෙම කතෝලිකයො. ලොඉගු කාරයෝ පස්සෙ යන ස්වාමීන්වහන්සේලාටත් හොද වැඩේ
ReplyDeleteදැන් ගිහියෝ හොඳයි...ඝනයෝ තමයි සිවුරු දාගෙන බඩු ගහන්නෙයි, කුඩු ගෙනෙන්නෙයි මේකේ තියෙන බලු වැඩ ඔක්කොම කරන්නේ ....පාලනයක් එපාද?
Deleteමෙයත් හොඳ ජිල් බුවෙක් තමයි. කෙල්ලො කොල්ලො පොඩි ගනයෝ පෙන්නන්න බැහැ
ReplyDeleteහේමරතන නායක හිමි ගැන මොකුත්කියල නැද්ද
ReplyDeleteමෙන් තවත් කොටි ඩයස්පෝරාවේ වෑඩක් ජෙප්පෝ ලවා ක්රියාත්හ්මක කරන බෞද්ද අපේ හාමුදුරුවරු නීතිවිරෝදී දේ වලට පටලවන එක........ජෙප්පෝ මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව... බෝන් අගේන් ක්‍රිස්තියානි කොටි ඩයස්පෝරාව ඩොලර් දෙන පොරොන්දුව මත ලපයා සහ මුලු ආන්ඩුවටම හාමුදුරුවරු රනවිරු සහ මහින්ද දඩයම පටන් අරන්....ඔක්කොම් වියාපාරත් කොටි ඩයස්පෝරාවට...ක්‍රිකට් ....ඉඩම් ....තෙල්... ඔක්කොම කරන්නේ කොටි ඩය්ස්පෝරාව..
ReplyDeleteRajapaksa ge walle ellila inna hora ganayo tika nam kammuthu karannama one me paara.
Delete