හැටන් නගරයේ කුකුල්මස් වෙළදපොළවල් වල ඉවතලන කුකුල් අපද්‍රව්‍ය කුඩා ලොරි රථයකින් රැගෙන ගොස් මහවැලි ගගට ජලය ගලා බසිනා හැටන්ඔයට මුදාහැරි සැකකරුවන් දෙදෙනෙකු හැටන් පොලිසියේ පරිසර ඒකකයේ නිළධාරින් විසින් (29) දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා එම ලොරි රථයේ කුකුල් අපද්‍රව්‍ය නංවාගෙන හැටන් කොළඹ පැරණි මාර්ගයේ රැගෙන ගොස් හැටන් ඔයට මුදාහැරීමට සූදානම්ව සිටියදී රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිළධාරින් ඒ බව දැක සැකකරුවන් දෙදෙනා සහ ලොරි රථය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සහ ලොරි රථය හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි හැටන් පොලිසියේ පරිසර ඒකකයේ නිළධාරින් කියා සිටියේ.
- රංජිත් රාජපක්ෂ

මේවා කරන්නේ ජෙප්පොන් බලයට ගේන්න පරගලයට බිරියානි දීපු ජෙප්පොන්ගේ යාලුවෝ හනීෆා.......මුන් මේ ලන්කාවට හිතෑති මිනිස්සු නෙමේ මුන් ජෙප්පෝ වගේම තිරිසන්නු කට්ටියක් ....
ReplyDeleteහනීපාගෙ කුකුළු මස් වෙළදාම
ReplyDelete