අදානිට දෙන්න හැදු මිල්කො අපි බේරගෙන ලාබත් පෙන්නුවා..


 නුවරඑලිය දිස්ත්‍රික්කයේ කිරි ගොවියා දේශීය කිරි කර්මාන්තය ඉහළ නැංවීමට සහ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරිමට දිනකට කිරි ලීටර් ලක්ෂ 2ක් ලබා දෙන බව නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී සහ නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය.

මංජුල සුරවීරආරච්චි මහතා ඒ බැව් කියා සිටියේ, බගවන්තලාව ප්‍රදේශයේ කිරි ගොවියන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට මිල්කෝ ආයතනය මගින් බගවන්තලාව නගරයේ පෞද්ගලික උත්සව ශාලාවක සංවිධානය කර තිබු සාකච්ඡාවකට එක් වෙමිනි.

එම සාකච්ඡාවට එක් වූ මංජුල සුරවීරආරච්චි මහතා වැඩි දුරටත් කියා සිටියේ, ආනයනික කිරිපිටි සදහා මෙරටින් විශාල ඩොලර් ප්‍රමාණයක් විදේශ රටවලට ඇදී යන බවත්, එය අවම කිරිමට වත්මන් රජය ගෙන යන වැඩ පිලිවෙළට නුවරඑලියේ කිරි ගොවියා විශාල දායකත්වයක් ලබා දෙන බවයි.

තිබෙන අවම පහසුකම් යටතේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ කිරි ගොවියාගේ නිෂ්පාදන කටයුතු ඉහළ නැංවිම කෙරෙහි මිල්කෝ ආයතනයේ අවධානය යොමු වී ඇති බවද මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය.

වෙනත් රජයන් මිල්කෝ ආයතනය ඉන්දියාවේ අදානි සමාගමට විකිනීමට සැළසුම් කර තිබියදී වත්මන් රජය මගින් එය වළක්වා මිල්කෝ ආයතනය මේ වන විට ලාභ ලබන ආයතනයක් බවට පත් කර ඇති බවද මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය.

මෙම සාකච්ඡාවට මිල්කෝ සමාගමේ නියෝජ්‍ය සභාපති වෛද්‍ය ගමගේ, මිල්කෝ සමාගමේ කලමණාකාර කිරි සැපයුම් සහ සංවර්ධන අඹේකෝන්, මිල්කෝ සමාගමේ පළාත් කළමණාකාර හපුහින්න, මිල්කෝ සමාගමේ සහකාර පළාත් කළමණාකාර දසනායක යන මහතුන් සහභාගි වි සිටියහ.

රංජිත් රාජපක්ෂ  

5 Comments

  1. මේකවත් ඇත්තක් නම් හොඳයි

    ReplyDelete
  2. මිල්කෝ 1996 ඉදන් ලාභ ලබනවා.

    ReplyDelete
  3. Eekath boru ne, Adani is not in dairy business. It was to be given to Amul (discussions only) , Indian Dairy Coop.

    ReplyDelete
  4. Indiyawe AMMUL wage kiri goviyanta samupakara kramayak sadiya yuthui.

    ReplyDelete
  5. ලාබ පෙන්නුවේ පුන්චි අම්මටද…? පච හෑත්ත…..

    ReplyDelete
Previous Post Next Post