පාස්කු ප්‍රහාර නඩුවේ සාක්ෂි ලේඛනයෙන් රවී සහ ශානිගේ නම් ඉවත් කරයි..


 පාස්කු ඉරු­දින ත්‍රස්ත ප්‍රහා­රය පිළි­බඳ නිසි බුද්ධි තොර­තුරු ලැබී තිබි­යදී වළක්වා ගැනී­මට කට­යුතු නොකි­රී­මෙන් රාජ­කා­රිය පැහැර හැරීමේ චෝද­නාව යටතේ හිටපු ආර­ක්ෂක ලේකම් හේම­සිරි ප්‍රනා­න්දුට එරෙ­හිව පවරා ඇති නඩුවේ සාක්ෂි­ක­රු­වන්ගේ ලේඛ­න­යෙන් රවී සෙනෙ­වි­රත්න සහ ශානි අබේ­සේ­කර යන මහ­ත්ව­රුන්ගේ නම් ඉවත් කර ගන්නා බව විත්තිය (07) කොළඹ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

ප්‍රියන්ත ලිය­නගේ (සභා­පති), විරාජ් වීර­සූ­රිය සහ පී.එන්.ටී. බණ්ඩාර යන මහ­ත්ව­රු­න්ගෙන් සම­න්විත ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල ඉදි­රියේ නඩුව කැඳවූ අව­ස්ථාවේ විත්තියේ නීතිඥ චමින්ද අතු­කෝ­රළ මහතා මේ බව ප්‍රකාශ කර සිටි­යේය.

පාස්කු ඉරු­දින බෝම්බ ප්‍රහා­රය පිළි­බඳ නිසි බුද්ධි තොර­තුරු ලැබී තිබි­යදී වළක්වා ගැනී­මට කට­යුතු නොකි­රී­මෙන් සාප­රාධි ලෙස රාජ­කා­රිය පැහැර හැරීමේ චෝද­නාව යටතේ හිටපු පොලි­ස්පති පූජිත ජය­සු­න්දර සහ හිටපු ආර­ක්ෂක අමා­ත්‍යාංශ ලේකම් හේම­සිරි ප්‍රනාන්දු යන මහ­ත්ව­රුන්ට එරෙ­හිව මේ අප­රාධ නඩුව ගොනු­කර ඇත.

පැමි­ණිල්ලේ සාක්ෂි අසා නිම­වී­මෙන් පසු පෙර නඩු දින විත්ති­ක­රුවෝ විත්ති කූඩුවේ සිට ප්‍රකාශ දුන්හ. අන­තු­රුව චුදිත හේම­සිරි ප්‍රනාන්දු වෙනු­වෙන් කරුණු දැක්වී­මට විත්තියේ ඉල්ලීම පරිදි අධි­ක­ර­ණය ඉදි­රියේ පෙනී සිටින ලෙස ශානි අබේ­සේ­කර සහ රවී සෙනෙ­වි­රත්න මහ­ත්ව­රුන්ට ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­ර­ණය සිතාසි නිකුත් කෙරිණි.

ඒ අනුව ඊයේ (07) විත්තියේ සාක්ෂි විභා­ගය ආරම්භ වූ අව­ස්ථා­වේදී, විත්තිය වෙනු­වෙන් සාක්ෂි දීමට නම් කර සිටි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍යක්ෂ ශානි අබේ­සේ­කර මහතා අස­නීප තත්ත්ව­යක් හේතු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී නොසි­ටින බව දැනුම් දෙන ලදි. ඒ මහතා වෙනු­වෙන් පෙනී සිටි නීති­ඥ­ව­රිය විසින් මේ කරුණ අධි­ක­ර­ණ­යට වාර්තා කළාය.

පාස්කු ඉරු­දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බ­න්ධ­යෙන් තමන්ව අනී­තික ලෙස අත්අ­ඩං­ගු­වට ගැනීම වැළැ­ක්වීමේ නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේ­සේ­කර සහ රවී සෙනෙ­වි­රත්න යන මහ­ත්ව­රුන් විසින් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය හමුවේ ගොනු කර ඇති අංක 241/2024 දරන නඩු­වට අදා­ළව ඔවුන් දෙදෙනා විසින් ඉදි­රි­පත් කර ඇති ඒකා­බද්ධ දිවු­රුම් ප්‍රකා­ශය මේ නඩුවේ සාක්ෂි­යක් ලෙස ඉදි­රි­පත් කිරීම සඳහා විත්තිය අව­සර ඉල්ලා සිටි­යේය.

එමෙන්ම මේ විත්ති පාර්ශ්වයේ 8 වැනි සාක්ෂි­කරු ලෙස ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණයේ නියෝජ්‍ය ලේඛ­කා­ධි­කා­රි­වරා නම් කිරී­මට විත්තිය පිය­වර ගත්තේය.

මෙහිදී පැමි­ණිල්ල වෙනු­වෙන් පෙනී සිටි අති­රේක සොලි­සි­ටර් ජන­රාල් සුද­ර්ශන ද සිල්වා මහතා කරුණු දක්ව­මින් අදාළ දිවු­රුම් ප්‍රකා­ශයේ අන්ත­ර්ගත කරු­ණු­වල සත්‍ය­තාව පැමි­ණිල්ල පිළි­නො­ගන්නා නමුත් එවැනි දිවු­රුම් ප්‍රකා­ශ­යක් ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය ඉදි­රියේ ගොනු කර ඇති බව පිළි­ගන්නා බව දන්වා සිටි­යේය.

පැමි­ණිල්ල එම කරුණ පිළි­ගැ­නීම හේතු­වෙන් ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ ලේඛ­කා­ධි­කා­රී­ව­රයා සාක්ෂි සඳහා කැඳ­වීමේ අව­ශ්‍ය­තා­වක් පැන නොන­ගින බව අධි­ක­ර­ණය පෙන්වා දුන්නේය.

ඒ අනුව ශානි අබේ­සේ­කර සහ රවී සෙනෙ­වි­රත්න මහ­ත්වරු සාක්ෂි­ක­රු­වන් ලෙස කැඳ­වී­මට අවශ්‍ය නොවන බව විත්තිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය.

කරුණු සලකා බැලූ ත්‍රිපු­ද්ගල මහා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල අදාළ ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ නඩුවේ ගොනු­කර ඇති ඒකා­බද්ධ දිවු­රුම් ප්‍රකා­ශයේ සහ­තික කළ පිට­ප­තක් මීළඟ නඩු දින­යේදී අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට පිය­වර ගන්නා ලෙස නියෝග කළේය.

2019 වසර වන විට රවී සෙනෙ­වි­රත්න මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රයා ලෙස හා ශානි අබේ­සේ­කර මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස කට­යුතු කර ඇත.

පැමි­ණිල්ල වෙනු­වෙන් අති­රේක සොලි­සි­ටර් සුද­ර්ශන ද සිල්වා සහ විත්තිය වෙනු­වෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතු­කෝ­රළ යන මහ­ත්වරු පෙනී සිටි­යහ.

නඩුව මැයි මස 22දා යළි කැඳවේ. 

චන්දන ජය­වීර

5 Comments

  1. Harima Hina Siril Gaminita sapada,saneepada..........

    ReplyDelete
  2. මැල්කම් රංජිත්ට සනීප ඇති

    ReplyDelete
  3. සුනඛයෝ දෙන්නා අයින් කරලා ... දැන් බුරන්නේ හෙළුවෙන් වෙන්න ඇති ... කාලකන්නි බල්ලෝ... මුන් ජාතක කරපු වුන්ටයි හෙන ගහන්න ඕන

    ReplyDelete
    Replies
    1. Jathakayak naha

      Eka thathathay ammala goday

      Delete
  4. mun dennamama eka wagema dial dekak. Mun denna gana pareekshanayak kaloth godak dewal hoya ganna puluwan.JVP eke bayakma hire danna puluwan wei. Kari wesa balllo denna...

    ReplyDelete
Previous Post Next Post