පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදී වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂිකරුවන්ගේ ලේඛනයෙන් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන්ගේ නම් ඉවත් කර ගන්නා බව විත්තිය (07) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නේය.
ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ පී.එන්.ටී. බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේ විත්තියේ නීතිඥ චමින්ද අතුකෝරළ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ නිසි බුද්ධි තොරතුරු ලැබී තිබියදී වළක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සාපරාධි ලෙස රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහිව මේ අපරාධ නඩුව ගොනුකර ඇත.
පැමිණිල්ලේ සාක්ෂි අසා නිමවීමෙන් පසු පෙර නඩු දින විත්තිකරුවෝ විත්ති කූඩුවේ සිට ප්‍රකාශ දුන්හ. අනතුරුව චුදිත හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් කරුණු දැක්වීමට විත්තියේ ඉල්ලීම පරිදි අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න මහත්වරුන්ට ත්‍රිපුද්ගල මහාධිකරණය සිතාසි නිකුත් කෙරිණි.
ඒ අනුව ඊයේ (07) විත්තියේ සාක්ෂි විභාගය ආරම්භ වූ අවස්ථාවේදී, විත්තිය වෙනුවෙන් සාක්ෂි දීමට නම් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ශානි අබේසේකර මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් අධිකරණයේ පෙනී නොසිටින බව දැනුම් දෙන ලදි. ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය විසින් මේ කරුණ අධිකරණයට වාර්තා කළාය.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන මහත්වරුන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති අංක 241/2024 දරන නඩුවට අදාළව ඔවුන් දෙදෙනා විසින් ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ දිවුරුම් ප්‍රකාශය මේ නඩුවේ සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීම සඳහා විත්තිය අවසර ඉල්ලා සිටියේය.
එමෙන්ම මේ විත්ති පාර්ශ්වයේ 8 වැනි සාක්ෂිකරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝජ්‍ය ලේඛකාධිකාරිවරා නම් කිරීමට විත්තිය පියවර ගත්තේය.
මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා කරුණු දක්වමින් අදාළ දිවුරුම් ප්‍රකාශයේ අන්තර්ගත කරුණුවල සත්‍යතාව පැමිණිල්ල පිළිනොගන්නා නමුත් එවැනි දිවුරුම් ප්‍රකාශයක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කර ඇති බව පිළිගන්නා බව දන්වා සිටියේය.
පැමිණිල්ල එම කරුණ පිළිගැනීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා සාක්ෂි සඳහා කැඳවීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව අධිකරණය පෙන්වා දුන්නේය.
ඒ අනුව ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න මහත්වරු සාක්ෂිකරුවන් ලෙස කැඳවීමට අවශ්‍ය නොවන බව විත්තිය අධිකරණයට දැනුම් දුන්නේය.
කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේ ගොනුකර ඇති ඒකාබද්ධ දිවුරුම් ප්‍රකාශයේ සහතික කළ පිටපතක් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළේය.
2019 වසර වන විට රවී සෙනෙවිරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස හා ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත.
පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් සුදර්ශන ද සිල්වා සහ විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරළ යන මහත්වරු පෙනී සිටියහ.
නඩුව මැයි මස 22දා යළි කැඳවේ.
චන්දන ජයවීර

Harima Hina Siril Gaminita sapada,saneepada..........
ReplyDeleteමැල්කම් රංජිත්ට සනීප ඇති
ReplyDeleteසුනඛයෝ දෙන්නා අයින් කරලා ... දැන් බුරන්නේ හෙළුවෙන් වෙන්න ඇති ... කාලකන්නි බල්ලෝ... මුන් ජාතක කරපු වුන්ටයි හෙන ගහන්න ඕන
ReplyDeleteJathakayak naha
DeleteEka thathathay ammala goday
mun dennamama eka wagema dial dekak. Mun denna gana pareekshanayak kaloth godak dewal hoya ganna puluwan.JVP eke bayakma hire danna puluwan wei. Kari wesa balllo denna...
ReplyDelete